ඩිම්බයක් ශුක්‍රාණුවක් නොමැති කළලයක් නිමවූ යුදෙව්වෝ 

මව්කුස තුළ , එහෙමත් නැත්නම් ගර්භාෂයක් තුල කලලයක් නිර්මාණය වන්නට ඩිම්බ සහ ශුක්‍රාණු අවශ්‍ය බව ඔබ හොඳින්ම දන්නවා. නමුත් ගර්භාෂයක් , ඩිම්බ සහ ශුක්‍රාණු නොමැතිව කලලයක් නිර්මාණය කිරීමක් පිළිබඳව ඔබ විශ්වාස කරනවාද ? යුදෙව්වන් හෙවත් ඊශ්‍රායලයේ විද්‍යාඥයන්ගේ නවතම  සොයාගැනීමක් පිළිබඳවයි. නව සොයාගැනීම් සහ ගවේශණය කිරීම් සඳහා විශාල නැඹුරුවක් තියෙන මේ ඊශ්‍රාල වැසියන්ගේ නවතම සොයා ගැනීම වෙත මේ වන විට ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙනවා .

සොබාදහමට පවා අභියෝග කරමින් මේ නව සොයා ගැනීම සිදු කරලා තියෙන්නේ ඊශ්‍රායලයේ වයිස්මාන් නැමති විද්‍යා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක්. ප්‍රාථමික සෛල භාවිතා කරමින් තමයි ඩිම්බ සහ ශුක්‍රාණු වගේම ගර්භාෂයක් හෝ නොමැතිව මුල් මිනිස් කලලයකට සමීප මේ කලලය ඔවුන් විසින් නිර්මාණය කරලා තියෙන්නේ. මෙය දින දාහතරක් වයසැති නීරෝගීමත් කලලයකට සමානකම් සහ ගති ලක්ශන පෙන්වන බව ඔවුන් පවසනවා.

මෙම අධ්‍යනයේ ප්‍රධානියා වන WIS විද්‍යාඥ ජේකබ් හැනා පවසන්නේ මෙම කලල වල මුල් අවධියේදි නිසි වර්ධනය සහතික කරන සහ උපත් ආබාධ වළක්වන සංඥා හෙළි කිරීමට නව මාදිලි භාවිතා කළ හැකි බවයි. ඒ වගේම බොහෝ ආකාරයේ වඳ භාවයන්ට හේතු හෙළි කර ගැනීමටත් , වැඩෙන පටක සහ අවයව බද්ධ කිරීම සඳහා නව තාක්ෂණයන්ට මග පෑදීම සඳහාත් , ගබ්සා වීම් වලට හේතු සොයා බැලීමටත් , කලල වර්ධනයට ඖෂධ නිරාවරණයේ බලපෑම් පරික්ෂා කිරීම වැනි සජීවී කළල මත සිදුකළ නොහැකි අත්හදා බැලීම් සිදු කිරීමටත් මෙම සොයාගැනීම උපකාරී වනු ඇති බව විද්‍යාඥ ජේකබ් පවසනවා.

” සියයට 1 ක පමණ එකතුවකින්, සෛල නිවැරදිව වෙනස් වීමට, සංක්‍රමණය වීමට සහ නිවැරදි ව්‍යුහයට වර්ග කිරීමට පටන් ගන්නා බව අපට දැක ගත හැකි අතර, අපට ලබා ගත හැකි දුරම කාලය වන්නේ මානව කළල වර්ධනයේ 14 වන දිනයයි. අපගේ  මීළඟ ඉලක්කය, 21 වන දිනය දක්වා ඉදිරියට යාම සහ 50% සාර්ථකත්ව අනුපාතයක් කරා ළඟාවීමයි . ඒ වගේම , ගර්භනීභාවයේ බොහෝ අසාර්ථකත්වයන් පළමු සති කිහිපය තුළ සිදු වෙනවා.බොහෝ විට කාන්තාව ගැබ් ගෙන ඇති බව දැන ගැනීමටත් පෙර එය සිදුවෙන සම්භාවිතාවය වැඩි වේ. ගැබ් ගෙන ඇති බව දැනගත් පසුව ද උපත් ආබාධ ඇතිවීම බොහෝවිට සිදු වෙනවා.ඒ නිසා එවැනි තත්වයන් පිළිබඳව වැඩි දුර අධ්‍යනයන් සිදු කිරීමට මෙම කළල ආකෘතීන් භාවිතා කිරීමට හැකියාව තියෙනවා ” සඟරාවකට සිදුකරන ලද සාකච්ඡාවකදී විද්‍යාඥ ජේකබ් එලෙස පවසා තිබෙනවා.


කෙසේ වෙතත් යුදෙව්වන් විසින් සිදුකරන ලද මේ නවතම සොයාගැනීම ලෝකයට කුමන ආකාරයේ බලපෑමක් සිදු කරයි ද යනුවෙන් බොහෝ දෙනා බලා සිටින අතර එම බලපෑම ධනාත්මක ආකාරයේ එකක් වනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුවයි. 

Related Articles

Don't Miss


Latest Articles