නාන කාමරය මෙහෙම පිරිසිදු කරමු

නිවසක නාන කාමරය අනිවාර්යයෙන්ම පිරිසිදුවට තිබිය යුතුම ස්ථානයක්. නිවසේ නාන කාමරය පිරිසිදුවට තබා ගැනීම කාන්තාවතගේ ප්‍රධාන වගකීමක් කිව්වොත් නිවැරදියි. ඉතිං මෙන්න මේ විදිහට නාන කාමරය පිරිසිදු කළොත් එය පහසු කටයුත්තක් වේවි.

පළමු අදියර

නාන කාමරය පිරිසදු කිරීමට අවශ්‍ය උපකරණ වන ටොයිලට් සෝදන බ්‍රෂ් එකක්, ඒ සඳහා අවශ්‍ය සේදුම් කාරක, කිළිටි රෙදි දැමීමට මලු හා අපද්‍රව්‍ය දැමීමට මලු, ග්ලාස් ක්ලීනර්,  කොස්සක් හා මොප් එකක්

දෙවන අදියර

කිලිටි රෙදි සියල්ල ඒ සඳහා රැගෙන ආ මලු වලට දැමීම.

තෙවන අදියර

අපද්‍රව්‍ය සියල්ල ඒ සඳහා වන මලුවලට දැමීම.

සිව්වන අදියර

මේ සියල්ල නාන කාමරයේ පිටතින් තැබීම.

පස්වන අදියර

සින්ක් එක හොඳින් පිරිසිදු කිරීම.

හයවන අදියර

ටොයිලට් එක සෙදුම් කාරක යොදා හොඳින් අතුල්ලා සේදීම.

හත්වන අදියර

එහි උඩ කොටසද හොඳින් පිරිසිදු කිරීම.

අටවන අදියර

කණ්නාඩිය හොඳින් පිරිසිදු කිරීම.

නමවන අදියර

නාන බේසම හොඳින් පිරිසිදු කිරීම.

දසවන අදියර

නාන කාමරය හොඳින් අතුගා මොප් කිරිම.

– එරන්දතී –

 

Related Articles

Don't Miss


Latest Articles