උත්සවය රසවත් කරගන්නට චොකලට් ෆජ් හදමු

උත්සව අවස්ථාවකදී අතුරුපසට ලැබෙන්නේ ඉහළම තැනක්. ඉතාමත් ලේසියෙන් හා පහසුවෙන් සකසා ගත හැකි කවුරුත් කන්න කැමතිම චොකලට් ෆජ් උත්සව වේලාවක් රසවත් කරගන්නට මෙන්න මේ විදිහට හදල බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කුකිං/ ඩාර්ක් චොක්ලට් (Dark / cooking chocolate) 500
  • ටින් කිරි ටින් 01
  • බටර් 50
  • රෝස්ට් කරන ලද කජු   50
  • වැනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය:

පළමුව බේකින් ට්‍රේ එකකට ඔයිලි පේපරයක බටර් තවරා  අතුරා ගන්න.

ටින් කිරි සහ බටර් මිශ්‍ර කරගෙන ඩබල් බොයිල් ක්‍රමයට උණුකර ගන්න.  එම මිශ්‍රණයට කුඩාවට කපාගත් Dark cooking chocolate මිශ්‍රණයට එකතු කරන්න.හොඳින් දිය වීමට හැර වැනිලා එක්කර ගෙන හොඳින් මිශ්‍රකර ගන්න. දැන් එම මිශ්‍රණයට කජු එක්කර  ගන්න. චොකලට් ෆජ් ඉක්මණින් ඝණ වන නිසා වැඩි වේලාවක් පිස නොගන්න. මිශ්‍රණය උකුවූ පසු කලින් සකසා ගත් බේකින් ට්‍රේ එකට මිශ්‍රණය දමන්න. අඟලක තරම් මහත සිටිනසේ තුනී කරගන්න. නිවුණු පසු කජු ටිකක් උඩින් ඉස පැය 2ක් පමණ ශීතකරණයේ තබන්න. කෑලි කපා පිළිගන්වන්න.

අයිස්ක්‍රීම් හෝ කස්ටඩ් සමඟත් පිළිගන්වන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම ඔබේ අමුත්තන් මෙම රසවත් චොක්ලට් ෆජ්  එකට කැමති වේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles