ආදරයක් නොවෙනස්ව පවත්වා ගන්නට නම් දෙදෙනාගේ ආදරයට ශක්තිමත් පදනමක් මෙන්ම අභියෝගවලට මුහුණ දීමට හැකියාක් ඇති කරගත යුතුය. ආදරයට ඇති වන බාධක මඟහරවා ගැනීමට ආදරය සමඟ මුසු වූ අවබෝධයක් අවශ්‍ය ම ය. ඒ වගේම ආදරයට තිත තබන මේ කරුණු පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්..
- අනවශ්‍ය සැකය
අහේතුවක් නැතුව සැක කිරීම ඔබේ සබඳතාවේ පදනම බිඳදමන්නකි. සැකසංකා ඇති නොවන්නට නම් දෙදෙනා දෙදෙනාමට විවෘත විය යුතු ය. ‘මම’ යන්නට නොව ‘අපි’ යන්නට මුල් තැන දිය යුතුය.
- ආවේග පාලනය කර නොගැනීම
බොහෝ අරගල වලට මුල ආවේග පාලනය කර නොගැනීමයි. කිසියම් ආවේගයක් ඇතිවූ විට හැකි තරම් එය කළමණාකරනය කරගන්න. එවැනි විටකදී අනෙකා නිහඬව සිටීම ද වැදගත්. ආවේගමය අවස්ථාව පසු වූ විට ඒ ගැන කතාකර ගැටලුව නිරාකරණය කරගන්න.
- ප්‍රසන්න ලෙස කතා නොකිරීම
ප්‍රියමනාප ලෙස මෙන්ම ගෞරවයෙන් කතා කිරීමට පුරුද්දක් නැතිකම ද හැඟීමෙන් කතා නොකිරීම ද එකිනෙකා අතර ගැටුම් ඇති වීමට ප්‍රධානතම හේතුවකි. නිතරම ප්‍රසන්න ලෙස කතා කිරීම ඉතා වැදගත්.
- කතාබහක් නොමැති වීම
ටික කලක් ගතවන විට බොහෝ කතාබහ දෙදෙනා එකිනෙකාගෙන් දුරස් වේ. නිතර පිළිසඳරේ යෙදීමෙන් සැකසංකා දුරලා එකිනෙකා තේරුම් ගැනීමට හැකි ය.
- අගය නොකිරීම
අගය කිරීම සහ කෘතවේදී වීම සියල්ලන් බලාපොරොත්තු වන්නකි. හදවතට දැනෙන ලෙස කතා කිරීම මෙන්ම ක්‍රියාවෙන් ද අගය කිරීම මෙන්ම කෘතවේදීතාව පලකිරීම ඉතා වැදගත්.
- සහයෝගයෙන් වැඩ නොකිරීම
එදිනෙදා වැඩකටයුතු, නිවෙසේ කටයුතු ආදී තනිව එක් අයෙකු දෙදෙනා ම එක්ව සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම මානසික පීඩනය අවම කිරීමට හේතු වේ.
යුවතිපතියන්ට මෙන්ම පෙම්වතුන්ට ද යහපත් සබඳතාවක් පවත්වා ගැනීමට මෙම කරුණු ගැන අවධානයෙන් සිටීම මෙන්ම යහපත් ආකල්ප ඕනෑකම සහ මනා අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය.
– කල්හාරී –