බිත්තර කියන්නෙ කියන්නේ කවුරුත් කන්න ආස වගේම පෝෂ්‍ය පදාර්ථ රැසකින් සපිරි ගුණ කෑමක්. හැබැයි හැමදාම එකම විදිහට බිත්තර කනකොට ඒකාකාරී බවක් දැනෙන නිසා බිත්තර විවිධ ක්‍රම වලට සකස් කර ගන්න හැටි ඔබට කියන්නයි මේ සූදානම
Egg salad

අවශ්‍ය වෙන්නේ මේ දේවල්
- තම්බාගත් බිත්තර 5
- චොප් කරගත් ළූණු ගෙඩි 1
- චොප් කරගත් කොත්තමල්ලි කොල මේස හැඳි 2
- කොටු කපාගත් බෙල්පෙපර් වර්ණ දෙකකින්
- මයෝනිස් සෝස් ස්වල්පයක්
- පොල් මේස හැඳි 2
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
හදන්නේ මෙහෙමයි
මුලින්ම භාජනයක් ගෙන තම්බා ගත් බිත්තර හොඳින් පොඩිකර ගන්න
එයට බෙල්පෙපර් , ළූණු එකතු කර මිශ්‍ර කරන්න
ඉන්පසුව පොල් , රස අනුව ලුණු සහ ගම්මිරිස් , මෙයොනිස් එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
අවසානයට කොත්තමල්ලි කොළ ඉහ ගන්න
Tempered boiled eggs

අවශ්‍ය වෙන්නේ මේ දේවල්
- තම්බාගත් බිත්තර 5
- තලාගත් ඉගුරු
- තලා ගත් සුදු ළූණු
- කොටු කපාගත් ළූනු ගෙඩි 2
- කොටු කපාගත් මාළු මිරිස්
- වියළි මිරිස් කරල් 2
- කොටු කපාගත් තක්කාලි ගෙඩි 1
- රස අනුව ලුණු
- කෑලි මිරිස් ස්වල්පයක්
- චොප් කරගත් කොත්තමල්ලි කොල
හදන්නේ මෙහෙමයි
තම්බාගත් බිත්තර වල කහමද ඉවත්කර සුදු මද කොටු ලෙස කපා ගන්න
භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තලාගත් ඉගුරු සුදු ළූණු එකතු කර රන්වන් පැහැවන තුරු සිටින්න
එයට ළූණු , මාලු මිරිස් සහ තක්කාලි එකතු කර විනාඩියක් පමණ පිසගන්න
ඉන්පසුව එයට වියලි මිරිස් , කෑලි මිරිස් සහ ලුණු එකතු කර මිශ්‍ර කරන්න
දැන් එයට කොටු කපා ගත් බිත්තර එකතු කර මිශ්‍ර කර අවසානයට කොත්තමල්ලි කොල එකතු කරන්න
Scotch eggs

අවශ්‍ය වෙන්නේ මේ දේවල්
- තම්බා ගත් බිත්තර 5
- තම්බාගත් චිකන් 250g
- චොප් කරගත් සුදුලූණු බික් 4- 5
- චොප් කර ගත් කොත්තමල්ලි කොල
- රස අනුව ලුණු
- රස අනුව ගම්මිරිස්
- අබ සෝස් මේස හැඳි 1
- බීට් කර ගත් බිත්තර 1
- බිස්කට් කුඩු
හදන්නේ මෙහෙමයි
මුලින්ම තම්බා ගත් චිකන් හොඳින් අඹරා ගන්න
එයට සුදු ලූණු , අබ සෝස් , කොත්තමල්ලි කොල , රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.මිශ්‍රණය පැය බාගයක් පමණ ශීතකරණයේ තබන්න
ඉන්පසුව තම්බා ගත් බිත්තර වටා මේ මිශ්‍රණය දවටා බීට් කර ගත් බිත්තර වලද , පාන් කුඩු වලද දවටා ගැඹුරු තෙලේ බැදගන්න