සම්මුඛ පරීක්ෂණයකට යනවා නම් මෙහෙම ඇඳල යන්න

අද කාලයේ තරඟකාරී සම්මුඛ පරීක්ෂණයකට යෑමේදී පුද්ගල පෞරුෂයත්වයට හිමි වනුයේ ප්‍රධානතම තැනකි. ඔබ රැකියා අපේක්ෂකයකු වශයෙන් ඉතා හොදින් හැද පැලද, හොද ආකල්පයක් නිර්මාණය කරන්නේ නම් සම්මුඛ පරීකෂණයේ බොහෝ දුරක් ජය ගත හැක.

ඇදුම සම්මුඛ පරීක්ෂණය පවත්වන ආයතනය අනුව වෙනස්වේ. මෙහිදී සාරිය/ඔසරිය ඇදීම සාය (Pencil Skirt) හා හැට්ටය ඇදීම හෝ කලිසම් සූට් (Pant Suit) ඇදීම සිදු කල හැක. උදය වරුවේ නම් ලා පැහැයන් ද සවස් වරුවේ නම් තරමක තද වර්ණ ද භාවිතා කල හැකිය. උත්සව අවස්ථාවලට අදින තද පාට හා දිස්නය දෙන වැඩ දැමූ ඇදුම් නොඇදිය යුතු අතර ලොකු මෝස්තර සහිත ඇඳුම් කොහෙත්ම සුදුසු නැත. සරල කාර්යාලීය පරිසරයක් නම්  Smart Casual ඇඳුම් ඇඳී  වැනි ඇඳුම් ඇඳිය හැක.

අඳින ඇඳුම් පිරිසිදුව වගේම හොඳින් Iron කර තිබීම ඉතාම වැදගත්. ඇඳුම පොඩි වෙලා සහ දුගඳ හමනවා නම් ඔබ කොයිතරම් සුදුසුකම් තිබුණත් තේරෙන්න තියෙන ඉඩකඩ අඩුවෙනවා. ඇඳුමේ පෙනුම හොඳ වෙනවා වගේම එය ඔබේ ඇඟටත් සුව පහසු විය යුතුයි. ඒ පහසුව ඔබේ මුහුණෙන් දිස්වේවි.

ආභරණ අවම වශයෙන් පැළදිය යුතු අතර විසිතුරු නොවන ඔරලෝසුවක් පැළඳිය හැක. තමන්ට ගැලපෙන හා සුව පහසු පාවහන් පැළඳිය යුතුය. පළඳින සපත්තු වලින් ඇතිවෙන පීඩනය ඔබේ පෙනුමට තදින්ම බලපානවා. ලා පැහැති මේකප් එකක් සහ සැර අඩු සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කල හැක. කෙස් කළඹඳ පිළවෙලකට සකසා ගන්න.

රැකියා සම්මුඛ පරීක්ෂණයට පූර්ව සූදානමකින් යුතුව මුහුණදීම සම්මුඛ පරීක්ෂණයක සාර්ථකත්වය රඳා පවතින වැදගත්ම සාධකයක්. නිසි ඇඳුමෙන් සැරසී ආත්ම විශ්වාසයෙන් යුතුව බුද්ධිමත්ව, සන්සුන්ව මුහණදීමෙන් ඔබට සම්මුඛ පරීක්ෂණයේ ජය මග විවර කර දෙනු ඇත.

– කල්හාර –

Related Articles

Don't Miss


Latest Articles