නත්තල් දවසෙ බොලිවුඩයෙන් මතු වුණ පුංචි සුර දූතිය – ” රාහා ”

කපූර් පවුලේ වාර්ශික නත්තල් දිවා භෝජනය විශේෂ වුණේ ඇයි?

ආලියා සහ රන්බීර්ට නම් මේ නත්තල හරි වැදගත් කියල තමයි අපිට බොලිවුඩය පැත්තෙන් ආරංචි වෙන්නෙ. ඒකට ලස්සනම ලස්සන හේතුවක් තියෙනවා. ඒ තමයි එයාලගෙ ජීවිත වලට ආලෝකය සහ සතුට අරගෙන ආව පුංචි කෙල්ල, රාහා පලවෙනි වතාවට තමන්ගෙ Public Appearance එක සිදු කලේ මේ ගෙවුණ නත්තල් දවසෙ නිසා වීම.

පුංචි රාහා කියන්නෙත් ඉපදිච්ච දවසෙ ඉඳල පුවත් මවපු චරිතයක්නේ. මෙච්චර දවසක් පුරාවට තමන්ගෙ මූණ මාධ්‍යයෙන් හංගගෙන ඉඳපු රාහා කවුරු වගේද කියන ප්‍රශ්නෙ අපි හැමෝටම තිබුනා.ඉතින් ඔන්න ඒ කුතුහලය අවසන් කරමින් ගෙවිච්ච නත්තල් දවසෙ තමන්ගෙ අම්මයි තාත්තයි එක්ක පුංචි රාහා කරළියට ගොඩ බැස්සා.

“එයා පුදුම ලස්සන, හුරතල් බබෙක්”

ඇත්තටම ඇත්තක් ඒ කතාව.

අම්මාගෙ සහ තාත්තගෙ ලස්සන එක්කහු වෙලා මැවිච්ච ඒ අපූරු, හුරතල් රූපෙ තමයි පහුගිය දවස් ටිකේ සෝෂල් මීඩියා බැටන් එක අරගෙන රන් කලේ.

රන්බීර් කපූර් සහ ආලියා භාත් අවුරුද්දකට වැඩි කාලයක් රාහාව ජනප්‍රියත්වයෙන් සහ පැපරාසීන්ගෙන් ඈත් කරල තියාගෙන හිටියත් අවසානයේ නත්තල් දවසෙ එයාව ලෝකෙට පෙන්නන්න තීරණය කරල තිබුනා.

ඒ සඳුදා, ඒ කියන්නෙ නත්තල් දවසෙ තිබුන කපූර් පවුලේ වාර්ශික නත්තල් දිවා ආහාරය සඳහා ආව රන්බීර් සහ ආලියා එතනදි තමයි පොඩ්ඩිව අපිට පෙන්නුවෙ මුලින්ම. රතු වෙල්වට් සපත්තු සහ සුදු පාටයි රෝස පාටයි එක්කහු වෙච්ච ලස්සන ඇඳුමක් ඇඳන් උන්නු පොඩි කෙල්ල අම්මගෙ තාත්තගෙ විතරක් නෙවෙයි කපූර් පවුලෙ ජාන එහෙම් පිටින්ම අරගෙන බව තමයි දැකපු ගොඩක් අය කියල තිබුනේ.

දූ විතරක් නෙවෙයි ලස්සන, One Shoulder කලු පාට මල් වැටිච්ච ගවුමක් ඇඳගෙන හිටපු ආලියා සහ කලු ඩෙනිම් එකකින් සහ ජැකට් එකකින් සැරසිල උන්න රන්බීරුත් එදා හරිම ලස්සනට ඉඳිය කියල කට්ටිය කතාවෙනවා.

රාහා රිෂී කපූර් වගේද?

මතක ඇතිනෙ කලින් වතාවක රන්බීර් ගෙන් මාධ්‍ය ඇහුවම රාහා කවුරු වගේද කියල එයා දුන්න උත්තරේ?

“එයා මමයි ආලියයි දෙන්නම වගේ කියල තමයි කට්ටිය කියන්නේ”

ඒ උනාට ඔන්න ඒ කතාව විශ්වාස කරකර හිටපු අයට රාහාව දැක්කට පස්සෙ ඒ අදහස පොඩ්ඩක් වෙනස් කරගන්න උනා කියල තමයි කියන්නෙ.

ඒ මොකද කට්ටිය රාහාගෙන් රන්බීර්ගෙ නැතිවුණ තාත්තා වුණ රිශී කපූර් ගෙ පෙනුමත් ටිකක් දකිනව කියන එක තමයි ඒකට හේතුව වෙලා තිබුනේ.

“අනේ එයාගේ ඇස් බලන්නකො”

“එයා රිශී කපූර් වගේමයි”

“එයා එයාගෙ තාත්තට වඩා රිශී කපූර් වගේ” කියල ආලියා සහ රන්බීර්ගෙ වගේම රාහාගෙත් ෆෑන්ස්ලා සමාජ මාධ්‍යවල රාහාගෙ පින්තූර යටින් කමෙන්ට් කරල තිබුනා කියල ආරංචි වෙනවා.

ආලියා සහ රන්බීර් රාහාව හංගගෙන හිටියෙ ඇයි?

රාහා උපත ලැබුවේ 2022 නොවැම්බර් 6 වැනිදා.

 අද වනතුරු රන්බීර් සහ ආලියා කිසි දිනක පින්තූර බෙදාගෙන හෝ පැපරාසීන්ට ඇගේ ඡායාරූප ක්ලික් කිරීමට ඉඩ දී තිබුණේ  නෑ. HTLS 2023 දී, ආලියා ඇය සහ සැමියා රන්බීර් කපූර් මාධ්‍ය අවධානයෙන් රහාව ආරක්ෂා කරන්නේ ඇයිද කියල පැහැදිලි කරා.

“මම මගේ දුවව හංගනවා වගේ පෙනෙනවාට මම කැමති නැහැ. මම ඇය ගැන ආඩම්බර වෙනවාඑයා ගැන අනවශ්‍ය කතාබහක් සමාජ මාධ්‍ය වල මේ පින්තූර වලින් ඇතිවෙන්නෙ නැත්තම් මම මෙලහකටත් එයාව එලියට පෙන්නලා. මම ඇයට ආදරෙයි. අපේ දරුවා ගැන මට ආඩම්බරයි. නමුත් අපි අලුත් දෙමාපියන්. ඒ නිසයි අපි එයාව ආරක්ෂා කරන්න උත්සහ කරන්නෙ”

රාහාගේ Nick Names

ඉරිදා දවසේ ආලියා ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරි එකක් දාලා තිබුනා තමන්ගෙ ඕඩියන්ස් එකෙන් අහලා කට්ටියට රාහාගෙ Nick Names මොනවද කියල.

මොකද ඊට කලින් දවසක රසිකයෙක් ආලියාගෙන් අහල තියෙනවා රාහාගෙ Nick Names මොනවද කියල. ඒ ප්‍රශ්නෙට උත්තර විදියට ආලියා කියල තිබුනා රාහාගෙ Nick Names මොනවද කියලා.

ඒ මොනව කියලද ඔයාලා හිතන්නෙ?

ඉතින් කට්ටිය රාහාට කතාකරන්නෙ, රාහු, රාරා, ලොලිපොප් කියන Nick names වලින් ලු.

රාහා රිශී කපුර් වගේ කියල කට්ටිය කිව්වට තව සමහරක් අය නම් මුහුණු පොතේ කරීනා කපූර්ගෙ පුංචි කාලෙ ෆොටෝස් දාලා “රාහාට පොඩ්ඩක් විතර කරීනා කට් එකකුත් තියෙනවා” කියලත් දාල තියෙනවා. ගොඩක් අය නම් කියන්නෙ රාහා කියන්නෙ කපූර් පවුලෙ බහුතරේක ජානවල එකතුවක් කියලා.

ඉතින් කපූර් ජාන වලින් වගේම ආලියා භාත්ගෙ මව් පාර්ශ්වයෙන් එක සුන්දරත්වය සහ දක්ෂතා එක්ක අපිට අනාගතේදි පුංචි රාහාවත් බොලිවුඩ් වලින් දකින්න ලැබේවි කියල අපි ප්‍රාර්තනා කරමු නේද?

Related Articles

Don't Miss


Latest Articles