කාන්තාවන් සුරතාන්තයට පත් කරන ක්‍රම

කාන්තාවක් වෙන ඔයාට ස්වයංවින්දනයේදි වගේ ම ලිංගික එක්වීමකදිත් ප්‍රතිඵලයක් විදියට අත් දකින්න ලැබෙන සුරතාන්තය ඉතාම තෘප්තිමත්. ඇත්තටම පිරිමි අයගේ සුරතාන්තය මිස කාන්තා සුරතාන්තය ජීව විද්‍යාත්මක ව ප්‍රජනන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඒත් මේ ලිපිය කියවන ගොඩක් දෙනා කාන්තාවන් නිසාත්, සුරතාන්තයක් අත් නොවිඳ ජීවිත කාලෙම හිටිය අය ඉඳලා තියෙන නිසාත් අපි මේ ගැන කතා කරමු. 

මොකක්ද මේ ඔක්සිටොක්සින් ?

කාන්තාවක් සුරතාන්තයට පත් වෙනකොට මුදා හරින්නේ ඔක්සිටොක්සින් කියන හෝමෝනය. මේකට love hormone කියලාත් කියනවා. ඔක්සිටොක්සින් නිපදවෙන්නේ අපේ මොළයේ හයිපොතැලමස් කියන කොටසේ. මුදා හරින්නේ පිටියුටරි ග්‍රන්ථියෙන්. මේ ඔක්සිටොක්සින් හෝමෝනය ඔයාලා දෙන්නා අතර බැඳීම ශක්තිමත් කරනවා. මානසික පීඩා අඩු කරනවා. 

කාන්තාවක් සුරතාන්තයට පත් කරන්නේ කොහොමද?

කාන්තාවක් සුරතාන්තයට පත් කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ම තියෙනවා. 

Clitoral Orgasm 

ක්ලිටොරසය කියන්නේ බාහිර යෝනි තොල් අතර පිහිටා ඇති ඉතාම සංවේදී ස්ථානයකට. මේ ක්ලිටොරසය තියෙන්නේ කාන්තාවන්ට විතරමයි. පෙනුමට බාහිර යෝනි තොල් අතරෙන් පෙනුනට ක්ලිටොරසය අභ්‍යන්තර යෝනි මාර්ගය දක්වා සම්බන්ධව වෙලායි තියෙන්නේ. මෙහි ස්නායු මිලියන ගාණක් තියෙනවා. ඒ නිසයි උත්තේජනයන්ට එතරම් ම සංවේදි වන්නේ. අතින්, ලිංගික උපකරණයක් මගින්, දිවෙන් හෝ ශිෂ්ණයෙන් ක්ලිටොරසය උත්තේජනය කරලා කාන්තාවට සුරතාන්තයට පත් වෙන්න පුළුවන්. 

G-Spot Orgasm 

මේ ගැන තවමත් පවතින්නේ විවාදයක්. සමහරු G-spot එක වෙන ම sex organ එකක් කියනකොට, සමහරු කියන්නේ මේ ක්ලිටොරසයේ ම දිගුවක් කියලායි. මේක පිහිටලා තියෙන්නේ යෝනි මාර්ගයේ ඇතුල් බිත්තියේයි. අතින්, ලිංගික උපකරණයක් හෝ ශිෂ්ණය මගින් මේ G-spot එක උත්තේජනය කරන්න පුළුවන්. සමහර කාන්තාවන් ජීවිතේ කිසි ම දවසක මේ කියන G-Spot orgasm එක ලබා ගන්නේ නෑ. නමුත් ලබා ගන්නා අය නම් කියන්නේ අන් සියලු සුරතාන්තයන් මීට පරාද වෙන බවයි. 

Vaginal Orgasm 

කෙළින් ම යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ ඇඟිලි හෝ ලිංගික උපකරණයක් ඇතුල් කරලා, යෝනි මාර්ගය උත්තේජනය කිරීමෙන් සුරතාන්තය ලබා ගන්න පුළුවන්. G-spot වගේ ම ඊට ඉහළ A-spot ද යෝනි මාර්ගයේ තියෙනවා. ඒ වගේ ම සම්පූර්ණ යෝනි මාර්ගයත් ඉතා ම සංවේදී. යෝනි මාර්ග සංසර්ගයකදී ප්‍රබල සුරතාන්තයක් ලැබෙන්නෙ ඒ නිසායි. 

Anal Orgasm

ගුද මාර්ග සංසර්ගය එහෙම නැත්නම් Anal sex කියන්නෙත් කාන්තාවන්ට සුරතාන්තය ලබා ගන්න පුළුවන් තවත් විදියක්. ගුද මාර්ගය යෝනි මාර්ගයට ඉතා සමීපව පිහිටීම නිසාත්, මේ දෙක වෙන්වී ඇත්තේ perineum නම් තුනී පේශියකින් නිසාත් තමයි ගුද මාර්ග සංසර්ගයෙන් සුරතාන්තයක් ලබා ගැනීමට හැකි වන්නේ. ඒත් සමහර කාන්තාවන්ට නම් ගුද මාර්ග සංසර්ගයෙන් කිසිදාක සුරතාන්තයක් නොලැබෙන බව සඳහන්. 

Nipple Orgasm 

කාන්තාවන්ගේ පියයුරු සහ පියයුරු තුඩු ශරීරය තුල ඇති ඉතා ම සංවේදී ස්ථානයන්. ඉතින් මේ ස්ථාන කුමන හෝ විදියකින් උත්තේජනය කළත් සුරතාන්තයක් ලැබෙන්න හැකියාව තියෙනවා. පියයුරු තුඩු ඉතා ම සංවේදී ස්ථාන නිසා තමයි එහෙම වෙන්නේ. ලිංගික අවයව නැතිව පියයුරු පමණක් උත්තේජනය කිරීමෙන් සුරතාන්තය ලැබෙන්නේ ඇයි යන්න තවමත් විද්‍යාත්මක ව සොයා ගෙන නැහැ. නමුත් පියයුරු උත්තේජනය මගින් ද ලිංගික අවයව උත්තේජනය කිරීමෙන් ක්‍රියාත්මක වන අවයව ක්‍රියාත්මක වන බව සොයා ගෙන තිබෙනවා. 

Blended Orgasm 

ඔන්න මේක තමයි රසවත් ම කෑල්ල. එකම වෙලාවක සංවේදී ස්ථාන (Erogenous zone) කිහිපයක් උත්තේජනය කිරීමෙන් වඩාත් ප්‍රබල සුරතාන්තයක් ලබන්න කාන්තා ශරීරයට පුළුවන්. 

ඉතින් ඔන්න ඔය වගේ ක්‍රම කිහිපයක් කාන්තාවන්ට සුරතාන්තයක් ලබා ගන්නට පාවිච්චි කරන්න පුළුවන්. 

Related Articles

Don't Miss


Latest Articles