කොන්ඩම් දාල sex කරනකොට දැනෙන්නෙ නැද්ද?

උපත් පාලන ක්‍රමයක් විදියට පහසු ම විසඳුමක් තමයි කොන්ඩම් කියන්නේ. ඒත් සමහර අය කොන්ඩම් දාන්න අකමැති බව අපිට නිතර අහන්න ලැබෙනවා. ඒකට ප්‍රධාන හේතුව වශයෙන් හමුවෙන්නේ කොන්ඩම් එකක් දැම්මාම ලිංගික සතුටක් නෑ කියන එක. ඇත්තට ම කොන්ඩම් දැම්මාම දැනෙන්නෙ නැද්ද? අපි කතා කරමු.

කොන්ඩම් දැමීමේ වාසි

මෙතනදී අපි කතා කරන්නේ ශිෂ්ණයට පළඳින කොන්ඩම් ගැන. කොන්ඩම් දාල සෙක්ස් කරන ඔයාට ගොඩක් සුවිශේෂී ප්‍රතිලාභ හමු වෙනවා. 

ලිංගික ව සම්ප්‍රේෂණය වෙන රෝගවලින් බේරීමේ හැකියාව කොන්ඩම් එකක් දැම්මාම ඔයාට ලැබෙනවා. ඒ හැකියාව තියෙන එක ම උපත් පාලන විසඳුම තමයි කොන්ඩම් කියන්නේ. 

භාවිතයටත් හරි ම පහසුයි. එදිනෙදා සුපර්මාකට් එකෙන් වුණත් ලේසියෙන් ම ගන්න පුළුවන්. වියදමත් අඩුයි.

කිසිම උපත් පාලන ක්‍රමයක් 100%ක් සාර්ථක නැති බව ඔයා දන්නවනෙ. ඉතින් වෙන උපත් පාලන ක්‍රමයක් එක්ක backup එකක් වශයෙනුත් කොන්ඩම් ගන්න පුළුවන්. ඒ කියන්නෙ ඔයා මිතුරි ගිලින පෙති වලින් උපත් පාලනය කළත් වැඩි හොඳට කොන්ඩම් එකක් භාවිතා කරන්නත් පුළුවන්.

ඔයාට එකම කඩෙන් වෙනස් රසට කන්න කොන්ඩම් නිසා පුළුවන් වෙනවා. ඒකට හේතුව තමයි කොන්ඩම් එක එක මතුපිටවල් වලින්, එක එක ඝනකම් වලින්, එක එක සුවඳ සහ රසවලින් වෙළඳපොළේ පැවතීම. ඉතින් ඔන්න කඩේ මාරු නොකර එක ම කඩෙන් එක එක රසට කන්නත් ඔයාට පුළුවන් වෙනවා. 

සමහර කොන්ඩම්වල බෙන්සොකේන් අඩංගු නිසා සුරතාන්තය පරක්කු කරනවා. ඒ නිසා ඔයාට එයා එක්ක ගොඩක් වෙලා ඉන්න පුළුවන්.

කොන්ඩම් එක දැම්මාම අපහසු ද? 

කොන්ඩම් එක හදලා තියෙන්නේ ඔයාට ඉතා ම සංවේදී වෙන විදියට ඉතා ම තුනියට. ඒ නිසා ඒක දැම්මා කියලා අමුතු අපහසුවක් දැනෙන්නේ නැහැ. 

කොන්ඩම් එකෙන් ලිංගික සතුට වැඩි කරගන්නේ කොහොමද? 

එක එක වර්ගවලින් අරන් experiment කරන්න පුළුවන්. සුවඳ, රස වෙනස් ඒවා අරන් try කරලා බලන්න. ඒ වගේ ම ගැටිති සහිත ව වගේ එක එක මතුපිටවල් වලිනුත් ඔයාට මේක ට්‍රයි කරන්න පුළුවන්. 

ඕනෙම දෙයක් සෙක්සි විදියට කළොත් සෙක්සි තමයි. කොන්ඩම් එක දානකොටත් එයා දිහා බලාගෙන ම දැම්මොත් ඔයාට දැනෙන අපහසුව අඩු වෙන්න පුළුවන්. 

ගොඩක් වෙලාවට කොන්ඩම් එක ගැන ඔයා කලින් ම ඔලුවෙ දාගෙන ඉන්න අදහස නිසා අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා මිථ්‍යා මත අත් හැරලා විද්‍යාත්මක දැනුමෙන් පෝසත් වෙන්න පටන් ගන්න. 

මනසේ තත්ත්වයත් ලිංගික සතුටට බලපානවා. ඉතින් ප්‍රෙග්නන්ට් වෙන සම්භාවිතාව අඩුයි කියලා හිතාගෙන සෙක්ස් කරනකොට ඔයාට පහසුවක් දැනෙනවා.

කොන්ඩම් දාලා සෙක්ස් කරාම මොකද වෙන්නේ කියලා දැන් ඔයා දන්නවා. ලේසියෙන් ම මේ තරම් වාසි ගොඩක් ලැබෙන කොන්ඩම් භාවිතා කරලා වගකීමෙන් ලිංගික ව එකතු වෙන්න ඔයාට දැන් පුළුවන් වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles