ඔබ ඔබට ආදරේ කරනවද ?

ස්වයං – ආදරය කියන්නෙ මොකද්ද?

ස්වයං ආදරය කියන එකෙන් කියන්නෙ ඔයා ඔයාට ආදරය කරනව කියන එක. අපි අනිත් හැමෝටම ආදරය කරන්න කලින් අපි අපිට ආදරය කරන්න ඕන. මොකද අපි අපිට ආදරය නොකරන තාක් අපිට වෙන කිසිම කෙනෙක්ට ආදරය කරන්න බැරි හන්ද.

ස්වයං ආදරය කියන්නෙ ඔයා ඔයා ගැන අගය කරන එක, ඔයා ඔයාව පිලිගන්න එක, සහ ඔයා ඔයා ගැන පොසිටිව් විදියට හිතන එක.

ඔයා ඔයාට ආදරය කරන්න ඔයා ඔයාගෙ වටිනාකම අඳුරගන්න එක හරිම වැදගත්. ඔයා ඔයාටම ආදරය කරනව කියන එක උනත් අපි එක මට්ටමකට තමයි කරන්න ඕන. මේක හරින ධනාත්මක දෙයක්. ඔයා ඔයාට ආදර කරද්දි ඔයා අවබෝධ කරගන්නවා ඔයාගෙ තියෙන දුර්වලතා සහ අඩුපාඩු මොනවද කියන එක.

ස්වයං ආදරය වැදගත් වෙන්නෙ ඇයි?

අපේ Overall wellbeing එක වෙනුවෙන් අපි අපිට ආදරය කරන එක හරිම වැදගත්. අපිට අපි ගැන පොසිටිව් අදහසක් නැතුව මේ ලෝකෙ වෙන කිසිම දෙයක් ගැන පොසිටිව් හිතන්න අපිට බෑ. අපිට අපි ගැන ධනාත්මක අදහසක් නැතුව අභිප්‍රේරණය වෙන්න අපහසුයි.

ස්වයං ආදරයේ වාසි මොනවද?

1. අඩු ආතතියක් – ඉහල ඔරොත්තු දීමේ හැකියාවක්

ඔයා ඔයාටම ආදරය කරන එකෙන් ජීවිතේ වෙන මොන දේකින් උනත් ඔයා ඔයාගෙ මනසට ගන්න ආතතිය අඩු වෙනව. ඔයාට මොන දේකට උනත් මූණ දෙන්න තියෙන ඔරොත්තු දීමේ හැකියාව ඉහලයි.

අපට ආතතියක් දැනෙන කොට, එය සාමාන්‍යයෙන් වෙන්නේ අපේ ඉදිරියේ තියන අභියෝගවලට ඔරොත්තු දීමට අපට හැකියාවක් නැති හන්ද. අපි ආත්ම-ආදරය පිළිබඳ දැඩි හැඟීමක් තියෙද්දි අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වෙනවා. නිෂේධාත්මක හැඟීම් සහ ස්වයං විවේචනාත්මක සිතුවිලි තමයි අපේ ආතතිය වැඩි කරන්නෙ. ඒ කොහොම උනත් අපි අපිටම ආදරය කරද්දි අපි අපි ගැන කන්ෆිඩන්ට් හන්දා සාමාන්‍යයෙන් අපට ගැටලු විසඳීමට පහසු වෙනවා.

ස්වයං ආදරය සහ ස්වයං අනුකම්පාව සෘජුවම එකිනෙකට සම්බන්ධ වෙනවා. අපට ස්වයං-ආදරය පිළිබඳ ව ලොකු හැඟීමක් තියෙනකොට, අපට අභියෝග තාවකාලික පසුබෑමක් විදියට හරි වර්ධනය වෙන්න ලබුන අවස්ථාවක් විදියට හරි භාරගන්න, දකින්න පුලුවන්. මෙම ආකල්පය තමයි අපිට ඕනම දේකදි වඩාත් ඔරොත්තු දෙන්න උපකාර වෙන්නෙ.

2. අවදානමක් ගන්න කැමති වීම

අපි අවදානම් භාරගන්නෙ අපිට අපි ගැන තියෙන විශ්වාසය නිසා. අපට අවශ්‍ය දේ ලැබුණත් නැතත් – අපි දන්නවා අපිට පුලුවන් කියල ඒ අවදානම භාරගන්න. ඒකට හේතුව වෙන්නෙ අපේ හිතේ තියන ස්වයං ආදරය නිසාම අපිට ඇතිවන ආත්ම විශ්වාසය.

ඔයා ඔයාට ආදරය කරන වකොට, වර්ධනය සඳහා ඇති අවස්ථා සහ බැබලෙන්න ඇති අවස්තා කියන දෙකම හඳුනා ගන්න අපිට ලොකු ඉඩක් ලැබෙනවා. අවදානම් භාර ගැනීම කියන්නෙ විනෝදජනක ලෙස පෙනෙන දෙයක් කියල අපි හිතනවා. ඒක අපිට සාර්ථක වීමට හැකි හොඳම අවස්ථාව ලබා දීමක් කියල කියන්නත් පුලුවන්. ජීවිත කාලය පුරාවටම කම්ෆර්ට් සෝන් එකක රැඳිල ඉන්න එකෙන් අපිට දිග ගමනක් යන්න බෑ කියල ඔයා දන්නවනෙ? ඉතින් ඒ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට එන්න ඔයා ඔයාට ගොඩක් ආදරය කරන්න වගේම ඔයා ඔයාව ගොඩක් විශ්වාස කරන්න ඕන.

3. සංවේදනය

අපට අපව දැකීමට සහ අපගේ ශක්තීන් සහ දුර්වලතා පිළිගැනීමට වගේම ඒව අගය කිරීමට පුලුවන් උනාම අපට අනික් අය ගැනත් හොයල බලන්න, තේරුම් ගන්න පුලුවන් වෙනව. අපි අපිට ආදරය කරන තරමට වෙන කෙනෙක්ගෙ දුක සතුට අඳුරගන්න තේරුම්ගන්න අපිට පුලුවන් කම ලැබෙනවා.  ඒ කියන්නෙ අපි අපි ගැන සංවේදී උනොත් විතරයි අපිට වෙන කෙනෙක් ගැන සංවේදී වෙන්න පුලුවන්. අපි අපි ගැන සංවේදී වෙන්න නම් අපි මුලින්ම අපිට ආදරය කරන්න ඕන. අනෙක් අතට, සංවේදනය කියන්නෙ ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කරන්න හේතුවෙන කරුණක්.

4. සීමා මායිම් ගැන දැනගැනීම

අපිට ඇත්තටම කිරීමට අවශ්‍ය නැති දෙයකට බොරුවට “ඔව්” කියනව කියන්නෙ අපි අපිට අවංක නැහැ කියන එකනෙ. හැම දෙයකටම ඔව් කීම වගේම සැමවිටම උදව් කිරීමට කැමැත්තෙන් ඉන්න එක හොඳ ගුණයක් කියල අපි හිතනවනෙ. කොහොම උනත් අන්න ඒ වගේ කෙනෙක්ට බෑ කියන්න බැරිකමට ඔව් කියන එකෙන් අපිව වලක්වන්න මේ ස්වයං ආදරය එහෙම නැත්තම් අපි අපිටම ආදරය කරනව කියන එක ලොකුවට උදව් වෙනව. බොරුවට කරන්න බැරි දෙකට ඔව් කියන එකෙන් අපි අපිට කරගන්න පාඩුව ගැන අපි තේරුම් ගන්නව අපි අපිට ආදරය කරන කොට.

අපි අපිට ආදරේ නෑ කියල පෙන්නන ලක්ෂණ මොනවද?

·       පරිපූර්ණත්වය සහ අසාර්ථක වීමේ බිය

·       ස්වයං රැකවරණය වැළැක්වීම සහ පුද්ගලික අවශ්‍යතා නොසලකා හැරීම

·       විෂ සහිත හෝ අපවාදාත්මක සබඳතා ඉවසා සිටීම

·       “නෑ” කීමට අපහසු වීම සහ ඕනෑවට වඩා කැපවීම

·       තමාව අන් අයට අහිතකර ලෙස සංසන්දනය කිරීම

·       නිෂේධාත්මක ස්වයං-කතා සහ නිරන්තර ස්වයං විවේචන

·       සෞඛ්‍ය සම්පන්න සීමාවන් සැකසීම සහ පවත්වාගෙන යාමේ දුෂ්කරතා

·       අධික ලෙස බාහිර වලංගු කිරීම් සහ අනුමැතිය ලබා ගැනීම

·       ස්වයං කඩාකප්පල්කාරී හැසිරීම් වල නිරත වීම

·       නුසුදුසුකම හෝ අඩු ආත්ම අභිමානය පිළිබඳ නිදන්ගත හැඟීම්

ඉතින් හැම දේකටම කලින් ඔයා බලන්න මේ ලක්ෂන ඔයා ලඟ තියෙනවද කියල. එහෙම තියෙනවනම් ඒ ලක්ෂන අඩු කරගෙන ඔයා ඔයාටම ආදරය කරන්න පටන් ගන්න.

ඒ ඔස්සේ ඔයාට පුලුවන් ඔයාගෙ ජීවිතේ මානසික ආතතිය අඩු කරන්න, සුන්දර නිරෝගී සතුටෙන් ඉන්න ආදරණීය පුද්ගලයෙක් විදියට ඉස්සරහට යන්න!

Related Articles

Don't Miss


Latest Articles