දානයට සයුරංගනා ගේ මාපිය සහෝදරාදීන් පැමිණියේ මීට පෙර වතාවල පැමිණි හිතේ බරින් නොවේ. යශෝදර ඔවුන් ගේ හිස් මතින් ඒ බර නිදහස් කොට තිබිණ.
“කවුද හිතුවෙ අක්කෙ මෙහෙම දෙයක්. අපි නෑදෑයො වෙන්න යනව කියල හිතනකොටත් මට නිකං විශ්වාස කරගන්න බෑ වගේ”
දානය පිසිනා කටයුතු වල මූලිකත්වය ගෙන වැඩ කරනා ගමන්, දෙදෙනාට තනි වෙන්නට ලැබුණ වෙලාවක යමුනා හා මල්කාන්ති කතාවට වැටුණහ.
“යශෝදර පුතා එදා අපේ ගෙදර ඇවිත් මේ ගැන කියනකොට එකපාරට මට කැමති වෙන්න බැරි වුණේ අක්ක මේකට ඉඩ දෙන එකක් නෑ කියල හිතුන නිසාමයි”
“එහෙම දේකට හිත හදාගන්න මටත් ටිකක් කල් ගියා යමුනා”
මල්කාන්ති ඇත්ත ම කතා කළා ය.
“ගිම්හාන් අපි කවුරුවත් හිතුවෙ නැති විදිහට මේ ලෝකෙන් ගියා. එදා රංගනා දේවතාවක් වගේ මාව හොස්පිට්ල් ගෙනිච්චෙ නැත්තං මං එදාම මැරෙන්නත් තිබුණ..නැත්තං පැරලයිස් වෙලා හෙමි හෙමිහිට මැරෙන්න තිබුණ. ජීවිතේ කියන්නෙ ඒ වගේ දෙයක් කියන එක තේරුං ගත්තට පස්සෙ…අපේ හිත් වල තියන මාන්නය හුඟක් දුරට නැති කරගන්න පුළුවන්. ජීවත් වෙන ඩිංගට සතුටෙන් ඉන්න පුළුවන් අය එකතු වෙලා සතුටෙන් ඉන්න එක තමයි කරන්න ඕනෙ කියලයි දැං මං හිතන්නෙ. ඒගොල්ලොන්ට එහෙම කරන්න පුළුවන් කියල ඒගොල්ලො හිතනවනං…අපි කරන්න ඕනෙ විරුද්ද වෙන එක නෙවෙයි…ආශීර්වාද කරන එක”
“යශෝදර කියන්නෙ ගිම්හාන්ගෙම අවතාරයක් වගෙයි මටනං දැනෙන්නෙ. ඒ ළමයි දෙන්නම එකම විදිහට හොඳ ළමයි. ඊටත් වඩා යශෝදර අර පොඩිඑකීට තියන ආදරේ…මං හිතන්නෑ ඒ දෙන්නට ළමයි කී දෙනෙක් ලැබුණත් එසඳිට යශෝදරගෙ තියන ආදරේ දශමෙකින්වත් වෙනස් වෙයි කියල”
“ඒව සංසාර පුරුදු වෙන්නැති නංගියෙ. ගිම්හාන්ගෙ කොටස ඉවර කරල එයා ඉතුරු ටික සම්පූර්ණ කරන්න යාළුවට බාර දීල යන්නැති”
“අක්කල කොහොමත් අපේ කෙල්ලට ආදරෙයි කියල මං දන්නව. අර පාරමී දුවයි තේමිය පුතයි…එක බඩවැල කඩං ආව සහෝදරයො පස් දෙනා වගේම රංගනාට ආදරෙයි”
“ඒක තමයි…ඒව සංසාරෙ පතාගෙන ආපු දේවල්…ඒගොල්ලො ඒ විදිහට මුණගැහිල තියෙන්නෙ ජීවිතේ ඉතුරු ටික එහෙම ගෙවන්න…”
“මට දැං සැනසීමයි අක්කෙ”
“මටත් නංගියෙ…”
දානයට මංජුල පැමිණියේ නැත. ශක්‍යා පමණක් දරුවන් දෙදෙනා ගෙන පැමිණියා ය. එද සමාජයට මුහුණ දිය නො හැකි වන නිසා ය. නැත්නම් ඇයට එහි එන්නට හිතුණේ ම නැත. විශේෂයෙන් ම සයුරංගනා හා යශෝදර දානයෙන් පස්සේ විවාහ වන බව දැන ගැනීම නිසා මින් මනතට ඒ පැත්තට පය නො ගසන්නට ඇය සිතා සිටියා ය. සයුරංගනා හැම අතින් ම ජයග්‍රහණය කළ බවත්, තමන් පරාජය වූ බවත් සිතමින් ඇය අහේතුකව ශෝක වූවා ය.
ගිම්හාන් තැනූ නිවස කුළියට දෙනවා නම් එක් තට්ටුවක කුළිය ඔවුන් අතට පත් වෙන සේ එය කළ යුතු යයි තිලකා කුටු කුටු ගාන්නට වූවා ය.
“කාටවත් ඇහෙන්න ඔය කතාව කිව්වොත් එහෙම මං බලාගන්නං. අපිට ජීවත් වෙන්න මගෙ පෙන්ශන් එක තියනවනෙ. ඒක අර පොඩි කෙල්ලගෙ අනාගතේ වෙනුවෙන් යශෝදර පුතා වෙන් කරපු එක. අප්පච්චි කෙනෙක් වගේ ඒ ළමය කෙල්ල ගැන හිතද්දි…ඔයා ඔයතරං අදුරුමිෂ්ට වෙන්න හදන්නෙපා. ඒ ඔයාගෙ මිණිපිරී කියල අමතක කරන්නෙපා”
ජයරත්න ගේ හඬේ ද පෙනුමේ ද වූ දැඩි බව නිසා සිය කට පාලනය කර ගන්නට තිලකා ට සිදු විය.
දානයෙන් පස්සේ නව නිවසේ ඉදිකිරීම් කටයුතු කඩිනම් විය. සැටලිම ඉවත් කිරීමෙන් පසු කපරාදු කිරීම් හා ටයිල් ඇල්ලීම් ලහි ලහියේ සිදු වෙන්නට පටන් ගති. කාමර දෙකකින් ද ආලින්දයකින් හා මුළුතැන්ගෙය ඇතුළු කෑම ගැනීමේ කොටසකින් ද ඇතුළත නාන කාමරයකින් ද සමන්විත පහළ මහලේ කටයුතු සම්පූණ කර ගැනීම යශෝදර ගේ අරමුණ විය. ඉන් අනතුරුව ඔවුන් ගේ විවාහයෙන් පසු ගෙට පදිංචි වී, ඉහළ මහලේ කටයුතු හෙමිහිට කර ගන්නට ඔහු බලාපොරොත්තු වූයේ ය. ගිම්හාන් විසින් ගෙදරට මිල දී ගෙන තිබූ ගෘහ භාණ්ඩ අලුත් තත්වයේ ඒවා වූයෙන් නැවත ගෘහ භාණ්ඩ මිල දී ගැනීමට අවශ්‍යතාවයක් වූයේ නැත.
පහළ මහලේ සියලු කටයුතු සම්පූර්ණ කිරීමට අවශ්‍ය කාලය වෙන් කොට විවාහය සඳහා සුභ නැකැත් බැලවීම සිදු විය. අතේ තිබූ මුදල් ගේ සැදීමට වැය වී තිබුණෙන් ලොකු විවාහ උත්සවයකට යාමට යශෝදර ගේ අදහසක් නොවිණ. නමුත් අම්මා ගේ හිත සතුටු වීම පිණිස සමීපතම ඥාති හිත මිතුරන් සීමිත පිරිසකට ඇරයුම් කොට ඔහු සයුරංගනා සමගින් ඔවුන් දෙදෙනා ගේ විවාහය ලස්සනට ද පිළිවෙලට ද සැලසුම් කළේ ය. ඒ සඳහා තෝරා ගැනුණේ පානදුර ප්‍රදේශයෙහි පිහිටි සමුද්‍රාසන්න හෝටලයකි. උත්සව කටයුතු වෙරළාශ්‍රිතව එළිමහනේ සිදු කිරීමට සැලසුම් විය.
මනාලිය සුදු මැක්සි ගවොමකින් සැරසී, වේල් එකක් දමා සුදු ගල් ඇල්ලූ ඔටුන්නක් පළඳිනවාට යශෝදර රිසි වූයේ ය. සිහින් කුඩා බෝනිකි කෙල්ලක වන සයුරංගනා ගැන ඔහු කලින් සිට ම එහෙම සිහිනයක් මවා ගෙන සිටියේ ය. මීට පෙර උඩරට මනාලියක වී සිටි මතක අතරින්, යශෝදර කැමති ඕනෑ ම දේකට සයුරංගනා හදවතින් ම කැමැත්ත ප්‍රකාශ කරමින් සිටියා ය.
වෙරලාශ්‍රිත මංගල උත්සවයකට මීට පෙර ඇය සහභාගී වී තිබුණේ නැත. සේද රෙදි ද සුදු ඩේසි මල් ද යොදා ගෙන සැරසිලි කළ එතැන ඇයට පෙනුණේ සදෙව් ලොවක් සේ ය. සේද රෙදි සුළඟ සමග ගසා යමින් විචිත්‍රවත් දර්ශනයක් මවා තිබිණ. මනාලයා මල් අසුනක අසුන්ගෙන, සුංගනාවක සරි එසඳි ව උකුලේ තබා ගෙන සිටියේ ය. ඇය යශෝදර ගේ මූණ දෑතින් ම අල්වා ඇය වෙත හරවා ගෙන අතෝරක් නැති ප්‍රශ්න ඇසුවා ය. මනාලිය දැකීමේ නො ඉවසිල්ල කෙතෙක් වී ද ඔහු එසඳිට ඉවසීමෙන් සවන් දුන්නේ ය. පිළිතුරු දුන්නේ ය.
ඩේසි මල් පාර මැදින් සුරංගනාවක වී සිටි මනාලිය ව මනාලයා වෙත අතින් අල්වාගෙන ආවේ සයුරංගනා ගේ පියා නොව ගිම්හාන් ගේ පියා ය. ඇගේ අත ඔහු අතට පත් කරත්දී ජයරත්න ට හැඬුම් ආ තරමි. යශෝදර ගේ මිතුරෝ ද මනාල මනාලියන් ගේ සොයුරු සොයුරියෝ ද අත්පොළසන් දී ඒ සංවේදී මොහොත සදානුස්මරණීය කළහ.
“ජීවිතේදි මට ලැබිච්ච වටිනම තෑග්ග දුන්නෙ ඔයා අංකල්…”
යශෝදර ජයරත්න වැළඳ මිමිණුවේ ය. විවාහ ලියාපදිංචියෙන් අනතුරුව එළඹියේ ප්‍රිය තෙපුල් සඳහා අවස්ථාවයි. තිලකා හැරෙන්නට එතැන වූ කාගේත් මුහුණු වල වූයේ අවංක සතුටකි. තිලකා ව්‍යාජ ලෙස හිනැහුණා පමණි.
“මගෙ කොල්ල මැරුණ කියල එකෙකුටවත් ගාණක් නෑ දැං”
උදේ මංගල උත්සවයට එන්නට සූදානම් වෙමින් ඇය කඳුළු පිසගත්තා ය.
“මෝඩ කතා කියන්නෙපා තිලකා. ඒ ළමයි දෙන්නම කවදාවත් අපේ ගිම්හාන්ව අමතක කරන්නෑ. හැබැයි ඉතින් පිං පමුණෝනව මිස ගිම්හාන් වෙනුවෙන් කරන්න වෙන දෙයක් නෑනෙ. ඒ ළමයි ඒ යුතුකම මගාරින්නෙ නෑ කියල මට විශ්වාසයි”
ජයරත්න දැඩි විශ්වාසයකින් කීවේ ය. ඊට පෙර රූපලාවන්‍යාගාරය වෙත නික්ම යන්නට පෙර සයුරංගනා ගිම්හාන් ගේ රාමු කළ ඡායාරූපය දෑතින් ගෙන එදෙස බලා හිඳ කඳුළක් පිසගනු ජයරත්න දුටුවේ ය.
ශක්‍යා විවාහ උත්සවයට නො පැමිණියා ය. දුර වැඩි නිසා යයි කියමින් ගිම්හාන් ගේ අක්කාගේ පවුලේ අය ද එහි පැමිණිම මගහැර සිටියහ. නමුත් පැමිණ සිටි සුළු පිරිසෙහි ආදරය සයුර සේ රළ නගනු දැනිණ. උත්සවයෙන් පසු නව යුවළ පැමිණියේ ඔවුන්ගේ නව නිවස වෙත ය. මධුසමයක් සඳහා වෙන කොහේවත් නොයන්නට තීරණය කර ගෙන තිබුණේ දෙදෙනා කතා කොට ගෙනයි.
ගේ ළඟදී රියෙන් බැස යශෝදර එසඳි වඩා ගත්තේ ය. වම් අත සයුරංගනා ගේ බඳ පිටුපසින් යවමින් ඇය ඔහු වෙත ලං කොට ගත්තේ ය. ඡායාරූප ශිල්පියා විසින් ලොකු කොට රාමුවකට නංවා ගෙනැවිත් දුන් මංගල සේයාරුව ද, යශෝදර_ සයුරංගනා_එසඳි ඉන්නා ඡායාරූපය ද සයුරංගනා තුරුළු කොට ගෙන සිටියා ය. අලුත් ගෙදර ඡායාරූප බිත්තියෙහි, වෙන් කොට තිබූ ඉඩෙහි යශෝදර ඒ පින්තූර දෙක එල්ලුවේ ය.
“මන්නං ආස මේ පික්චර් ෆ්‍රේම් එකට..ඒකෙ අම්මි බ්‍රයිඩ් වෙලා ඉන්නකොට මාත් ඉන්නව. මේ අපාචි ඉන්න එකේ මං නෑ”
එසඳි තොල් උල් කරමින් කියවූවා ය.
“ඒත් ඒ අපාචි ඔයාගෙ පපුවෙ හැමදාම ඉන්න ඕන පුතේ…මේ අපාචිට වඩා ඉස්සරහින්”
යශෝදර දැරිය ළඟ බිම පහත් වී ඇගේ මූණ දෙස බලාගෙන මිමිණී ය. පපුව පළාගෙන මහෝඝයක් සේ එන වේදනාවකින් සයුරංගනා රිදුම් ලැබුවා ය.
“ඒ කියන්නෙ…”
“ඒ කියන්නෙ…ඔයාට අපාචිල දෙන්නෙක් ඉන්නව. ඔයා කවදාවත් ඒක අමතක කරන්නෙපා”
“මට තේරෙන්නෑ අනේ. මට ඔයා ඇතිනෙ ඉතිං…”
“ඔයාට මං වැඩියි කියල හිතෙන වෙලාවක් එනකල් මං ඔයාට ආදරේ කරයි මැණික. ඒත් ඒ අපාචි හැමදාම අපේ පපු වල ඉඳී. තාම තේරෙන්නැති වුණත් ලොකු වෙනකොට ඔයාට තේරෙයි”
“සඳී…යං යං ඔයාව හෝදල ගේන්න”
කියමින් සාරිය පිටින් ම පාරමී දිව ආවා ය.
“මං හෝදවන්නං පාරි”
“හරි හරි ඔයා වොශ් දාගන්නකො. මේ…අද රෑටනං සින්දුවක් එහෙම කියල ටිකක් සෙට් වෙමු හරිද…ඒක නිසා දැං ටිකක් රෙස්ට් කරන්න. අපි එසඳිව බලාගන්නං”
පාරමී එසඳිව ඔසවා ගෙන ඇගේ කලින් ගෙදරට ගෙන ගියා ය. එහි සයුරංගනා ගේ සොයුරු කැළ බලා සිටියහ. එසඳි ඔවුන් අතරේ හුරතල් වන්නට වූවා ය.
“ඉතිං…”
යශෝදර සයුරංගනා ට සම්මුඛ ව වඩාත් සමීප වූයේ ය.
“මුකුත් අඩුපාඩුවක් එහෙම තියනවද…”
ඒ ඇස් මත්තෙහි වූ ආදරය දරා ගන්නට තව දුරටත් ඇය අපොහොසත් වූවා ය. යශෝදර ගේ බඳ වටා දෑත ම යවා ගෙන ඔහු ගේ පපුවෙහි තදින් මුහුණ හොවා ගත්තේ එබැවිනි.
‘කාලයක් තිස්සෙ හිතට දැනුණ එකම එක අඩුවක් තිබුණ යශෝදර. මොකද්ද කියල මංවත් දැනං හිටියෙ නැති දෙයක්. ඒත් දැං එහෙම අඩුවක්වත් දැනෙන්නෑ’
ඇය එහෙම කීවා නොව හිතුවා පමණකි.
“ගිම්හාන් සැනසීමෙන් ඇති නේද..”
ඇගේ මුවින් පිට වූයේ එහෙව් කෙඳිරියකි.
“අවුරුද්දකට පස්සෙ අද වැඩියෙන්ම සැනසීමෙං ඉන්න දවස වෙන්නැති”
ඔහු ඇය වැළඳගෙන, ඇගේ හිසෙහි නිකට තද කරගෙන ටික වෙලාවක් සිටියේ ය. ඒ පපුතුර සුව යහනේ අසීමිත සුවයකින් සයුරංගනා නෙතු පියාන සිටියා ය.
“දන්නවද කොච්චරක් ආදරේද කියල…”
සයුරංගනා හිස නගා යශෝදර ගේ මූණ දෙස බැලුවා ය. මේ දේ තවත් හිතේ හිර කොට ගෙන නො සිට කිව යුතු බවක් ඇයට දැනිණ.
“කොච්චරක්ද කියල දන්නෑ. ඒත් මට ඒ ආදරේ දැනෙනව යශෝදර. එහෙම හැඟීමක් විඳින පළවෙනි වතාව මේ. මගෙ පපුව පලල පෙන්නන්න පුළුවන්නං… ආදරේ නිසා ගෑනියෙක්ගෙ පපුව ගැහෙන්නෙ කොහොමද කියල තේරුං කරල දෙන්න තිබුණ”
“අපිට මුළු ජීවිතයක්ම තියනව සයූ…”
“සමහර විට ඒ මදි කියල මට හිතෙන්නත් පුළුවන්”
“ඒකට කමක් නෑ. සංසාරෙ තව දිගයිනෙ”
දිය නා මඳ විවේකයක් ගැනීමෙන් පසු පවුල් දෙකේ අය ද ජයරත්න ද අලුත් ගෙදරට පැමිණියහ. තේමිය බාබකිව් දැමීමක් සූදානම් කොට තිබිණ. තරුණ තරුණියෝ ගීත ගයමින් විනෝද වූහ. නැටූහ. වැඩිහිටියෝ ඒ සතුට හා මුහු වෙමින් සිටියහ. රෑ බෝ වන විට එසඳි යශෝදර ගේ උකුළේ නින්දට වැටී සිටියා ය. රාත්‍රියට සුභ පතා පිරිස විසිර යත්දී සයුරංගනා කාමරයට ගොස් යහන සැකසුවා ය. බිත්තිය අයිනේ පුංචි කොට්ටය එසඳිට ය. යශෝදර දැරිය එහි සැතපුවේ ය. ඊළඟට අලුත් ගෙයි දොර ජනේල වල අගුලු දමා ඇති බව සැක හැර දැන ගත්තේ ය. සැමියෙකු ගේ වගකීමෙන් ඔහු බැඳෙමින් සිටී. යළි ඔහු කාමරයට විත් එහි දොර වසත්දී සයුරංගනා යහනේ මැද කොට්ටයට හිස තියා එහි වැතිරෙමින් සිටියා ය. ප්‍රධාන විදුලි පහන නිවා, මන්දාලෝකී පහන දල්වමින් යශෝදර යහනෙහි අයිනේ වැතිර ගත්තේ ය. කහ පාට මන්දාලෝකය මුදු සරාගී සෙවනැලි රටා අඳිමින් තිබිණ. ඔහු දකුණතින් සයුරංගනා ව ලං කොට ගත්තේ ය. ඇය ඒ අත් බාහුව මතින් හිස තැබුවා ය. යශෝදර ගේ ලවන් මත වූ සීතල ඇගේ සවනත් ගෙලත් අතරේ තැවරෙනු දැනිණ. සයුරංගනා සිය දෑත ම යශෝදර ගේ ගෙල වටා දමා ගත්තා ය.
සමාප්තයි.
ගිම්හාන් වෙනුවෙන් වාර්ෂික දානමය පිංකම සිදු වූයේ සයුරංගනා හා යශෝදර සිය ශ්‍රමය මත දැහැමෙන් උපයා ගන්නා ලද මුදල් වලිනි. කිසිවෙකුට අඩුපාඩුවක් කිව නො හැකි ලෙස ඔවුහු ඒ කටයුතු සිදු කළහ. එය සයුරංගනා ට සැනසීමක් ම වූයේ ය.