කටට රසට මාළු ඇඹුල්තියල් ටිකක් එක්ක බත් වේලක් කන්න බොහෝ දෙනෙක් ආසයි. ඒ නිසාම නිවැරදි පහේ පදමට එක් කරල මාළු ඇඹුල්තියල් සකස් කරන ආකාරය අපි අද බලමු…
අවශ්‍ය ද්‍රව්‍ය
- තලපත් හෝ වෙනත් ලොකු මාළු ග‍්‍රෑම් 500 ක්
- ගොරකා මේස හැදි 2 යි
- ගම්මිරිස් මේස හැදි 3 යි
- අඹරාගත් සුදුළුණු මේස හැදි 2 යි
- අඹරාගත් ඉගුරු තේ හැදි 2 යි
- අඹරාගත් කරපිංචා තේ හැදි 2 යි
- අඹරාගත් අමු මිරිස් තේ හැදි 2 යි
- කරදමුංගු කුඩු තේ හැදි 1/4 යි
- ලූණු මේස හැදි 2 යි
- වතුර මි.ලී. 250
පිළියෙල කරන ආකාරය
- මුලින්ම ගොරකා, ගම්මිරිස්, අඹරාගත් අමු මිරිස්, කරපිංචා කුරුදු පොතු එකට දමා හොදින් කවලමි කර ගන්න,
- දැන් ඉගුරු, සුදුළුණු එකට අනා ගන්න. දැන් නැවත අනා එයට ලුණු දමා ගන්න.
- ඉන්පසු මාළු කැබලි එම මිශ‍්‍රණයේ දවටමින් එකින් එක මැටි හට්ටියේ අතුරා ගන්න. එයට වතුර එක්කර ගන්න.
- දැන් එය ලිප මත තබා වතුර හිදෙන තුරු මද ගින්නේ හොදින් පිස ගන්න.