ඔබට තරුණ පෙනුමක් ලබාදෙන වර්ණ මොනවද හොයාගමුද?

අපි අඳින ඇඳුම් අපේ පෙනුම වැඩි කරන්න වගේම අඩු කරන්නත් ඍ ජුවම බලපානව කියන දේ කාන්තා අපි නොදන්න රහසක් නෙමෙයිනෙ.

කොයිතරම් හැඩැති සිරුරක් තිබුණත්, මොනතරම් ගැළපෙන රූපලාවන්‍ය ද්‍රව්‍ය ආලේප කරත්, කොච්චර වටිනා ආභරණ, පාවහන්, අත් බෑග් පැළඳුවත් අපි අඳින ඇඳුම් නිසා අපි බලාපොරොත්තු වෙන පෙනුම සහ ආකර්ෂණය නැතිවී යන්න පුළුවන්. 

ඒ වගේම අඳින ඇඳුම් නිසාම පිරිසක් අතරේ වැඩි ආකර්ෂණයක් හිමිකර ගන්න පිරිසුත් ඔබ දැකල ඇති. 

උස පේන්න, මහත් වෙලා පේන්න, කෙට්ටු වෙලා පේන්න, බඩ අඩුකරල පෙන්වන්න වගේ විවිධ හැකියාවන් ඇඳුම් වලට තියෙනව කියල smart lady අපේ ලිපි කියවන ඔබ දන්නවනේ. 

ඔන්න අද අපි කියන්න සූදානම් වෙන්නෙ ඔබව තරුණ කරල පෙන්වන වර්ණ මොනවද කියලයි. 

එහෙනම් බලමු ඒ මොනවද කියල?

Pastel colours (පැස්ටල් වර්ණ)

Baby blue, blush pink වගේ පැස්ටල් පැහැයන් වල ඇඳුම් වලට ඔබේ සමට දීප්තියක්, මෘදු බවක්, නැවුම් බවක් වගේම තරුණ පෙනුමක් ලබා දීමේ හරිම පුදුම සහගත හැකියාවක් තියෙනවා. 

Red colour (රතු)

රතු කියන්නෙ පාටක් විතරක්ම නෙමෙයි.

විශ්වාසය සහ ජීව ශක්තිය රතු පැහැයෙන් සංකේතවත් වෙනව කියල බොහෝදෙනෙක් විශ්වාස කරනවා. 

රතු වර්ණය සහිත ඇඳුම් වලට ක්ෂණිකව නීර්භීතබවක්, ශක්තියක් සහ ඔබේ මානසික තත්වය ඉහළ දැමීමේ හැකියාවක් තියෙනවා. 

ඒ නිසා තරුණ පෙනුම ලබාගන්න රතු කියන්නෙත් හොඳ වර්ණයක්. 

Yellow colour (කහ)

කහ පැහැයෙන් දීප්තිය සහ ධනාත්මක බව සංකේතවත් කරනවා. 

ඔබේ සම දීප්තිමක් කරන ගමන් හොඳ ආකර්ෂණයක් ගේන්නත් කහ පැහැයට පුළුවන්. ඕනෑම වර්ණයක ඇඳුමක් සමඟ ගැළපීමේ හැකියාව තියෙන නිසා කහ පැහැය ඔබේ ඇඳුම් වලට කැපීපෙනෙන පෙනුමක් එක්කරන්නත් සමත් වෙනවා. 

Playful patterns (විවිධ රටා)

මල් අතු, කොළ වල ඉඳල දීප්තිමත් තිත් රවුම් දක්වාම මෝස්තර ඇතුළත් කරල නිර්මාණය කරපු ඇඳුම් තෝරගන්නත් බය වෙන්න එපා.

ඒවගෙන් ඔබට හරිම විනෝදකාමී, දඟකාර, තරුණ පෙනුමක් ලැබෙනව. 

White colour (සුදු)

සුදු කියන්නෙ චාම්, දීප්තිමත් හරිම සෞම්‍ය සදාකාලික තරුණ බව සංකේතවත් කරන වර්ණයක්. 

සම්පූර්ණ සුදු පැහැයෙන් සැරසුනත් සුදු පැහැය වෙනත් වර්ණයක් සමඟ ගැළපුවත් ඔබේ සම දීප්තිමත් කරන්න චාම් ආලෝකයක් ලබාදෙන්න සුදු පාටට පුළුවන්. 

Ocean blue (මුහුදු නිල්)

මුහුදු නිල් කියන්නෙත් ඉතාම ප්‍රභල ලෙස වයස සැඟවීමේ හැකියාව සහිත වර්ණයක්.

නිස්කලංක, චාම් බවක් වගේම සාමකාමී, විවේකී බවක් ලබාදෙන්නත් නිල් පැහැයට හොඳ හැකියාවක් තියෙනවා. 

 Sparkling Metallics (දිලිසෙන ලෝහ)

දිළිසෙන රත්තරං, රිදී සහ රෝස රත්තරං වගේ ආභරණ පැළඳීම වගේම ඔබේ ඇඳුම් වලට ඒ වර්ණ එකතු කරගැනීමෙන් ඔබේ සමට දීප්තිමත් ආලෝකයක් ලබාගන්න පුළුවන්. 

ක්ෂණිකව සම ආලෝකමත් කරමින් තරුණ බවක් ඔබේ සමට ලබාදෙන්න මේ ආභරණ වගේම මේ වර්ණ වලින් යුතු ඇඳුම් වලටත් පුළුවන්. 

ඉතිං අඳුරු පැහැ වර්ණවලින් මිඳිල මේ වර්ණ තෝරගත්තොත් ඔබ මොන වයසක ඉන්න කෙනෙක් වුනත් ඔබ ඉන්නවට වඩා තරුණ සෞම්‍ය පෙනුමක් ඔබට ලබාගන්න පුළුවන්. 

ඊළඟ දවසෙ ඇඳුම් තෝරගද්දි මේ වර්ණ වලින් මිලදී ගන්නත් අමතක කරන්න එපා. වෙනස ඔබටම වටහා ගන්න පුළුවන් වෙයි. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles