විහඟ පියාපත් 38

0
5089

අකලංක පැහැදිලි කරන්නට උත්සාහ කල කිසිවක් ශයිනි අසා උන්නේ නැත. ඇය ඒ වෙනුවට මේසයට පසෙකින් වූ මේසයේ වූ ෆයිල් හෝල්ඩර් කිහිපයක් විසි කර දැම්මාය. ඉන් පසුව අසුනට වැටි හිස දෙපා අතරේ සඟවාගන්නට උත්සාහ කලාය.

අකලංක ඇය අසලට පැමිණියේ කිනම් හෝ මන්ත්‍රයක් ජප කර ඇය සන්සුන් කරගනිමියි සිතමිනි. ඇය මෙතරමින් හෝ මෙ

ය දරාහිඳීම අකලංකට සහනයක්ව දැනුණි. ඇගේ දෙපා පාමුල කුඩුපට්ටම්ව ගොස් ඇත්තේ ඇය ඉතා ප්‍රවේශමෙන් රැක බලා ගත් මල් බඳුනක් බව අකලංක ට  සිතුණි. එලෙසින්ම අමයුරු සමඟ වූ බැඳීමද ඇය කුඩු පට්ටම් කර දමාවිදැයි යන වේදනාව අකලංක ගේ හිස මතට දැඩි පහරක් එල්ල කලේය. 

මේ වෙස් මාරු කර ගැනීම ඇයට පහදන්නට වඩා සුදූසු සැළැස්මක් ගැන අකලංකට අදහසක් නොතිබුණා වුව, ඒ සඳහා යම් මාවතක් සැකසේය යන විශ්වාසය අඩු නැතිව විය.  

ප්‍රබාත් ඒ පිළිබඳව  විමසූ හැම දවසකම ඔහුට පිළිතුරු නොදි මඟ හැරියේ ඒ නිසාය. එහෙත්, තම නොසැලකිලිමත් බව නිසාම සියල්ල කණ පිට ගැසී ගොස් ඇත.

අකලංක ඕ අසල දණ නවා හිඳ ගත්තේ ය. ඉතා සරළ වචන කිහිපයකින් මෙය අවසන් නොවන බව අකලංක දනී. එය පහසුවෙන් නිම නොවන පටලැවිල්ලක් වගද වැටහේ. 

අකලංක ශයිනිගේ හිස මතට අත තැබුවේය. 

“අහන්න… ශයිනි… මට සමාවෙන්න .. මං මේක විසඳන්න හිටියේ… ඒත් ඒක කරන්නේ කොහොමද කියලා පැහැදිලි වුනේ නැහැ… ඒකයි මම මේ තරම් කල් ගත්තේ… ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කෙල්ල…

 අමයුරු …  ඌ ඉපදුණේ මගේ ඇතුලේමයි.. ඒ මමමයි.. ඒකේ ආයේ වෙනසක් නැහැ… නම  , වයස කියන්නේ මිනිස්සු  අඳුනගන්න පාවිච්චි කරන යමක් විතරයි නේ කෙල්ල…. ඔයා තේරුම් ගන්නවා නේ ද ? අමයුරු කියන්නේ නමක් විතරයි .. ඒක හැදුවේ  ජීවත් කලේ මම…”

ශයිනි නිසොල්මනේ සිටියදී අකලංකගේ ආත්මවිශ්වාසය වැඩි විය. ඔහු තවත් කියෙව්වේය. එහෙත්, එක්වරම ඕ හිස එසෙව්වාය.

ඇගේ ඇස් වල වූ ඍජු බැල්මට අකලංක තිගැස්සුණේය. එහෙත් ඇය දමනය කර ගැනීමට හැකි තරමේ යමක් තමා සතු වේයැයි ඔහු විශ්වාස කලේය. එහෙත්  , ඔහු ශයිනි ව හරි හැටි හඳුනාගෙන තිබුණේ නැත. ඔ අතිශය හිතුවක්කාර කෙල්ලෙක වූවාය. 

” අහනවා..මිස්ටර් අකලංක …. ආයේ කවදාවත් මට පේන්න මගේ  ඉස්සරහට එන්න එපා.. එච්චරට අප්පිරියයි මට…බොරුකාරයා… ජරාවක් … දන්න්න්වද ?  වංචා කරන මිනිස්සු තරම් මට ජීවිතේ අප්පිරියය නෑ කිසිම දෙයක්…”

ශයිනි අකලංකව තල්ලු කර දැමුවාය. ඔහු ඇයව නතු කරගන්නට උත්සාහ නොදැරුවා නොවේ. එහෙත් ශයිනි අවනත වූයේ නැත. මේසය මත වූ ලැප්ටොප් පරිඝනකය අකුලා එය අකලංකගේ පපුව මතට වන සේ තබා  ඔහුව කැබිනය තුළින් පිටතටම වන සේ තල්ලු කලාය. අකලංක යළි ඇය වෙතට එන්නට උත්සාහ කලා වුව, ඇය උන්නේ දොර අඟුළු ලාගෙනය. 

අකලංක කිහිප වතාවක්ම දොරටතට්ටු කලා වුවද ඇය දොර විවෘත කලේම නැත. අකලංකට එහි රැඳී සිටිමින් ඇය අමතන්නට වැඩි වේලාවක් ලැබුණේ නැත. තිලිණි ඒ අසලට ආවාය. ඇයට සමුදී ඔහු වහා එතැනින් ඉවත් වූයේ එක දිගටම ශයිනිට ඇමතුම් ගනිමිනි.

දෙවතාවකට පසු ජංගම දුරකතනය විසන්ධි විය. අකලංක උන්නේ කුමක් කල යුතුදැයි සිතා ගන්නට නොහැකිවය. ප්‍රබාත් අමතා හැකි ඉක්මනින් පැමිණෙන්න ලෙස කීවේ සිදුවූ දෙය ඔහුටද පවසමින්මය. ප්‍රබාත් ඇමතුම විසන්ධි කලේම අකලංක ට බැන වදිමිනි

“මං කිව්වා… ඒ ගෑණිගේ හැටි ටක්කේටම දැනගෙනත් ආයේ කිව්වා.. දැන් ඉතින් හරිනේ…”

අකලංක සහාය අධ්‍යක්ෂවරයා අමතා සවස් වරුවේ දර්ශන වාර ය අවලංගු කරවා ගත්තේය. අද දිනයේම මෙම ගැටලුව විසඳා ගත යුතු වග වැටහෙන්නේ. තනි රැයක් ශයිනි මෙම ගැටලුව සමඟ ජීවත් වීම යනු, ඇය ඉතා තද තීරණයට පත් කල හැකි කාලයක් බව අකලංකට වැටහෙයි.

අකලංක කාමරය තුළට වී සිටියේ ඉතා නොසන්සුන්කමිනි. තෙවැනි ජල බෝතලයද අවසන් විය. අකලංක ශයිනි ට ඇමතුමක් ද ගත්තේය.එහෙත් ජංගම දුරකතනය තවම විසන්ධිව ය.

එක්වරම කිසිවෙකු දොරට තට්ටු කරද්දි අකලංක දඩි බිඩියේ නැගිටගත්තේය. හිත කීවේම ඒ ශයිනි වන බවය. ඇතැම්විට ඇයට මේ පිළිබඳව යළිත් පැහැදිලි කර ගැනීමට අවශ්‍යව ඇතිවා විය හැක.

සිතූ පරිදුම උන්නේ ශයිනිය. ඇගේ පසෙක තිළිණි ද උන්නාය. ශයිනි අකලංක ගේ දෑස් දෙසම බැලුවාය. අකලංක ඇයට මිදෙන්නට නොදී උන්නේය. සැබැවින්ම අකලංක ඇයට මිදෙන්නට නොදුන්නා නොව, ඇය අකලංකට මිදෙන්නට නොදී උන්නා විය.

“මිස්ටර් අකලංක … මේ කතාව මෙතනින් ඉවරයි … කිසිම තැනක , කිසිම කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්නවත්, පැහැදිලි කරන්නවත් යන්න එපා.. එහෙම කරලා, තමුසේගේ ජරා ගති තව පෙන්නන්න එපා….

අමයුරු දිසානායක නමින් තමුන්ට ඕනි දෙයක් කරගන්නවා.. හැබැයි ආයේ කෙල්ලෙක්ට මෙහෙම රැවටීමක් කරලා තියෙන බවක් මට නිකමට හරි ආරංචි උනොත්, මාත් නිකන් අතාරින්නේ නෑ අකලංක … 

මේක මගේ හොටෙල්  එක… මෙතන ඉන්නෙ මගේ මිනිස්සු .. ඔක්කොටම වඩා මට මෙතන වෙනම ඔලුව කෙලින් තියාගෙන ඉන්න ඕනි.. කොහෙවත් යන මෝඩ මිනිහෙක්ට රැවටුනා කියලා මිනිස්සු මට හිනාවෙන එක මට දරාගන්න බැරි වේවි…. 

සෝ ප්ලීස්… ලෙට් මී ගෝ…

ආයේ මේ ශූටින් ඉවර වෙනකල් මම මේ පේන මානෙක ඉන්නේ නෑ…. හරි නම් මම සෙට් එක ගලවගෙන යන්න කියන්න ඔනි.. ඒත්, කොහෙවත් ඉන්න බූරුවෙක් ගේ වැඩ නිසා මම කෲ එකක ප්ලෑන් ස්පොයිල් වෙන්න දෙන්නේ නෑ..

සෝ … ආයේ මට නිදහසට කාරණා අහන්න ඕනි නෑ. ඔයා එහෙම කලා .. ඒ ඇයි කියන එක මට වැදගත් නෑ.. අමයුරු දිසානායක විදියට මාව ටැක්ල් කරන ගමන්, අකලංක ගේ ඇසුත් මගේ පස්සේ ආවා…. 

මම දෙන්නා එක්කම හැන්ඩ්ල් වේවිද බලන්න උවමනා වෙන්න ඇත්තේ…. .

අයි ඈම් නොට් සච් ටයිප් මිස්ටර් අකලංක ….

ඔයා හිතනවා නම් අකලංක ගේ තරු එළියට මාව අල්ලගන්න ලේසි වේවි කියලා … නෙවර්.

අකලංක විදියට මගේ හොටෙල් එකට රිංගලා, මගෙන්ම සල්ලිත් අරගෙන, අමයුරු විදියට මට මඩ ගහලා මොකක්ද බලාපොරොත්තු උනේ කියලා මට හිතාගන්න පුළුවන් … ඒත් ඔයා දිනන්නේ නැහැ මිස්ටර් අකලංක…. .

ඔයාට ඔයාගේ හෘද සාක්ෂියෙන් ගැලවීමක් ලැබෙන්නේත් නැහැ.. තමුන් කොච්චර පරාජිත මිනිහෙක්ද කියලා හැමදාම ප්‍රශ්න කරගෙන ජීවත් වෙන්න වේවි… ..”

අකලංකට කොහෙන්ම හෝ කුමක්ම හෝ පවසා ගන්නට අවැසි වූවද ඇයට ඉඩක් ලැබුණේ නැත.   ශයිනි ඔහුට ඉතා දැඩි අවධාරණය කිරීමක් සමඟ පිටව ගියාය. ඔහුට ඇය නවතා ගන්නට කිසිම ඉඩක් ලැබුණේ නැත. 

ප්‍රබාත් පැමිණෙන විට ශයිනි හෝටලයෙන් පිටත්ව ගොස් උන්නාය. ප්‍රබාත් යෝජනා කලේ නිවෙසට ගොස් ඇයව හමුවන්නටය. එහෙත්, අකලංක ට එවැන් උත්සාහයක් වෙනුවෙන් ඉස්සර වන්නට  නොහැකියාවක් කොහෙන්දෝ විත් තිබුණි.  

ඇයගේ ඍජු බැල්මක පහරකින් තමා අඩපණව ගොස්  ඇතැයි ඔහුට සිතෙන්නට විය. 

ප්‍රබාත් කෙතරම් යෝජනා ගෙන ආවද, අකලංක ඒ කිසිවක් නෑසුණා සේ ඔහේ උන්නේය. 

“අය්යේ. ශයිනි අනිද්දා  ඕස්ට්‍රේලියා යන්න හදන්නේ… “

සතිය තුනකට පසු  ප්‍රබාත්ට  තිළිණිගේ ඇමතුම එන විට අකලංක  නව ටෙලියේ රූගත කිරීම් අවසන් කර කොළඹ පැමිණියා පමණි.  ප්‍රබාත් වැඩි විස්තර නොවිමසාම අකලංක ට පණිවිඩය කීවේය.  අකලංක හිස් බැල්මකින් බලා උන්නා  පමණි. 

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here