මෙච්චර වෙලාවක් එක දිගට විස්තර කතා කරගෙන ආපු අපි තුන්දෙනා වචන අමතක වෙලා වගේ අපි තුන්දෙනාගේ මූණවල් දිහා බලාගෙන හිටියා. තීරණයක් ගන්න බැරි එක තැනකට ඇවිල්ලා හිර වෙලා කියලයි මට හිතුනේ.
“දැන් වෙලාව රෑ 12යි…
තව ටිකකින් මේගොල්ලෝ අපිට යන්න කියලා කියයි.අපි මෙහෙම කරමු.හෙට මම ප්‍රහාණ් ව එක්කගෙන මෙතනට එන්නම්. මම ප්‍රහන් ගෙන් විස්තර අහන්න ගියේ නැත්තේ ඇත්තටම ඒ විස්තර කතා කරන්න ඕනේ රාජරත්නම් ඉන්න තැන හින්දා.දැන් මට හිතෙනවා අනිවාර්යෙන්ම කතා කරන තැන තලා ත් ඉන්නම ඕනේ කියලා.මොකද කියන්නේ එහෙම හොඳයි නේද..හෙට මේ වෙලාවටම හම්බ වෙමු නේද..”
මම එහෙම කිව්වහම රාජරත්නම් ඔලුව වැනුවා.
“මම නම් කොහොමත් මාස තුනක් නිවාඩු දාලා ඉන්න නිසා මට ඕන වෙලාවක එන්න යන්න පුළුවන්.මාවත් දැන් මෙතනදී මේ තැනදී හරියටම හිරවෙලා තමයි තියෙන්නෙ.ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියන එක තාම මගේ ඔළුවේ වැඩ කරන්නේ නෑ.ඇත්තටම ප්‍රහාන් කතා කරනවනම් ඒ විස්තර දැනගන්න මමත් කැමතියි.ඩොක්ටර්
තලම්මැහැර මොකද කියන්නේ? හෙට එන්න පුළුවන්ද..”
“ඔව් අපි එහෙනම් හෙට හවස හම්බවෙමු. රාජා ඔයාට පුළුවන්නම් හෙට උදේ වරුවේදී අර සිරිසහන කියන එන්ජීඕ එක ගැන හොයලා බලන්න .”
“හරි ඩොක්ටර් .. ඇත්තටම ඒක වැදගත් වැඩක්. මම පුළුවන් තරම් ට්‍රයි එකක් දෙන්නම් විස්තර හොයාගන්න..”
රාජා කිව්වා .
“ඒක නෙමේ රාජා..මම අර දුන්නු ටේප් රෙකෝඩර් ටික අනිවාර්යෙන්ම අහන්න.කියන්න බෑනේ මොනවා හරි දෙයක් සමහර වෙලාවට තියෙන්න පුළුවන්.”
“ඔව් ඩොක්ටර් .. අනිවාර්යයෙන් ම..මම දැන් ගියත් නිදාගන්නේ නෑ..ඕක අහලම තමයි නිදාගන්නේ..”
රාජට ටිකක් වැඩි වෙලා වගේ තේරිච්ච හින්දා මම ගිහින් දාන්න හැදුවට කැමති වුණේම නෑ..තලා අපි දෙන්නගෙම අත් දෙකෙන් අල්ලලා
” මොන දේ වුණත් මම උඹලා දෙන්න එක්ක ඉන්නවා”
කියලා කිව්වා. එහෙම කියනකොට නං හිතට ලොකු ශක්තියක් දැනුනට ගෙදර එනකම්ම මම කල්පනා කර කර ආවේ නොහිතපු වෙලාවක නොහිතපු විදිහට මාව ගිහිල්ලා මේ පැටලවෙන්න යන්නේ මොන විදිහේ දේකටද කියල. ඒගොල්ලෝ කියන විදිහට ඇත්තටම මේක පිටිපස්සේ මේ තරම් පැටලිලි සහගත දෙයක් තියෙන්න පුළුවන්ද..ඇත්තටම රත්නාලෝක කියලා කියන්නේ කාටද.. ඒ විදිහට මනුෂ්‍ය ශරීරයක් වෙනස් වෙන්න පුළුවන්ද..අපි සාමාන්‍යයෙන් දන්නේ අපේ ශරීරය ඇතුළට යක්කුන්ට භූතයන්ට රිංගන්න පුළුවන් කියන කතාව විතරයි.ඒකත් ඉතිං අපේ සබ්ජෙක්ට් එකේදි සම්පූර්ණ මිත්‍යාවක් හැටියට තමයි අපි ගනන් ගන්නේ..මල්ටි පර්සනල් ඩිසෝඩර්..එකම ශරීරයක් ඇතුලේ ආත්ම දෙක තුනක් ජීවත් වීම..ඕක ඉතින් මනෝවිද්‍යාව ඇතුලෙදිනම් සම්පූර්ණයෙන්ම අසනීපයක් මත ඇතිවෙන සිද්ධියක්.. ඒවගේම තමයි ඉතින් ඒ වගේ රෝගියෙක් ඉන්නකොට රෝගියා වටේ ඉන්න එයාගේ පවුලේ උදවියත් රෝගියා කතා කරන මේ මළගිය ඥාතියා හරි කවුරු හරි කෙනා ඇත්තටම ලෙඩාගේ ඇඟ ඇතුලේ ඉන්නවා කියලා ඔප්පු කරවන්න සෑහෙන උත්සාහයක් ගන්නව.
ඔව් ඔව් ඒ ආච්චි කතා කරන විදිහම තමයි..හරියට හරි ඒ සීයා ඇවිදින විදිහම තමයි කිය කියා පුළුවන් තරම් අර අසනීප වෙලා ඉන්න මනුස්සයා කියන දේවල් ඇත්ත කියලා ඔප්පු කරවන්න උත්සාහ කරනවා.. ඒ ඉතින් මේ ආසියාතික රටවල් වල හැටි..
කෝටි ගානක් වියදම් කරලා ජපානයේ හදන ටොයොටා කාර් එක ලංකාවට ආවට පස්සේ දෙහි ගෙඩි තුනයි මිරිස් කරලුයි එල්ලලා ඉස්සෙල්ලම කරන්නේ කාර් එක සම්බෝල කරන එක.. ඒ වගේ සමාජයක තමයි අපි ඉන්නෙ..
ඒ උනාට ඇත්තටම මෙතන ඉන්නේ බූතයෙක්ද…හිතා ගන්න බෑනේ ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා..
එතකොට මේ බඩ දරු අම්මලගෙ කතාව මොකක්ද.. ඒකත් මොකක් හරි ඉරොටික් සෙක්ස් වැඩක් කියලා හිතමු. මිනිස්සුන්ට සල්ලි ධනය බලය වැඩි උනහම නිකම්ම සාමාන්‍ය මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවන රටාවෙන් වෙනස් වෙනවා.සාමාන්‍ය ජීවිතයේදී අපි තෘප්තිමත් වෙන කිසිම දේකින් ඒ වගේ මිනිස්සුන්ට තෘප්තිමත් වෙන්න බැරුව යනවා.මොනවා හරි ඊට වඩා වැඩි දෙයක් හොයන්න උත්සාහ කරනවා.සාමාන්‍ය මිනිස්සු ගල් අරක්කු කාලයෙන් විඳින තෘප්තිය තව ටිකක් සල්ලි තියෙන මිනිස්සු බකාඩි වොඩ්කා වගේ මිල ගණන් ඉහළ බ්‍රෑන්ඩ් වලට යනවා.ඊටත් වඩා පුළුවන් මිනිස්සු සමහර වෙලාවට අපි අහලවත් නැති අධික මිල ගණන් යටතේ තියෙන බ්‍රෑන්ඩ් හොයාගෙන යනවා.නැත්තං ඉතින් අරාබියේ රජවරු වැසිකිලි කැසිකිළි යන්න රත්තරනින් කොමඩ් හදයි ඈ…මේකත් සමහර විට තමන්ගේ හැකියාව මත තීරණය වෙච්ච ආසාවේ කොටසක් වෙන්නත් පුළුවන්. සමහර විට අපි තුන්දෙනාම එකතු වෙලා කොරහෙ කිඹුල්ලු දකිනවා වෙන්නත් පුළුවන්. සමහරවිට ප්‍රහන්ගේ සිද්ධිය බොහොම සරල සාමාන්‍ය සිද්ධියක් වෙන්න පුළුවන්.රාජරත්නම් කැමති නැතිව වෙන්න පුළුවන් ඒක සරල සිද්ධියක් කියලා පිළිගන්න.සමහරවිට ප්‍රහන් කතා කරන්න පටන් ගත්තට පස්සේ මොනම විදිහකින් හරි එයා පිළිගත්තොත් එයාගේ නෝනාව මැරුවයි කියලා එදාට අපි මේ බිල්ඩප් කරගෙන ආපු කතාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා..මොනා උනත් දැන් මේ ප්‍රශ්නය මගහැරලා යන්න බැරි තැනටම මාවත් කොටු වෙලා කියලා මට හිතුනා.එක අතකට මං මේකට අකමැත්තෙන් සම්බන්ධ උනේ නැහැ නේ.මමත් මේ වැඩේට ඉන්ට්‍රස්ට් වෙච්ච හින්දා තමයි සම්බන්ධ වුණේ.ඇත්තටම ඔය කියන විදිහට රටේ පාලන බලය හිමිවෙලා තියෙන පුද්ගලයන්ට බාහිර ක්‍රියාකාරිත්වයක බලපෑමක් බලපානවා නම්..ඒක ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ කාරණයක්..එහෙම නොවෙන්න බැරිකමකුත් නැහැ.ඇත්තටම සාධාරණය විදිහට බැලුවහම හුඟක් වෙලාවට බලය හිමි පුද්ගලයන්ගේ කතාබහ හැසිරීම තීන්දු තීරණ ක්‍රියා කලාප මේ හැමදේම සාමාන්‍ය මිනිස්සුන්ට හිතසුව පිණිස නෙමෙයි…
සියයට දෙසීයක්ම සාමාන්‍ය මහජනතාව තලා පෙළාදාන අදහස්, තලා පෙළාදාන නීතිරීති..බින්දු මාත්‍රයකවත් සාධාරණත්වයක් නැති ක්‍රියාමාර්ග..තමන්ගේ බලය තමන්ගේ තත්ත්වය විතරක් ආරක්ෂා කරගන්ඩ දඟලන මිනිස්සු කොට්ඨාසයක්..ඔව් කොට්ඨාසයක්…හැමෝම නෙමෙයි.. එතකොට සාමාන්‍ය මිනිස්සුත් එක්ක බැලුවහම ඒගොල්ලන්ගේ හැසිරීම හරි වෙනස්.
ඇයි එහෙම වෙන්නේ?..
තලම්මැහැර කියන විදිහට මේක රත්නා ලෝකගේ විතරක් තියෙන දෙයක් නෙමෙයි.විශේෂයෙන්ම අපේ රටේ හුඟක් රජකම භාරගන්න එහෙම නැත්නම් ජනාධිපති ධූරය දරන හුඟක් අයගේ තියෙන ගති ලක්ෂණයක්.සමහරවිට මීට කලින් හිටපු පෞද්ගලික වෛද්‍ය උපදේශකලටත් මේ සිද්ධිය දැනිලා තියෙන්න පුළුවන්..එක්කෝ ඒගොල්ලෝ ඒවා එළි කරන්න ඉස්සර වෙලා එයාලට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා.නැත්නම් මොකක් හරි හේතුවකට ඒගොල්ලෝ සදාකාලිකවම නිහඬ වුණා. ඇත්තටම දේශපාලනය කියන්නේ මහා පුදුම දෙයක්.අපි දන්න හුඟක් බලවත් රාජ්‍ය වල රටේ ජනාධිපති හරි අගමැති හරි වෙලා ඉන්න ප්‍රධාන මිනිස්සු කවදාවත් බලයේ ඉන්න මේ රටවල් වල ඉන්න මිනිස්සු වගේ පිස්සු නටන්නේ නෑ.තමන්ගෙ දූර කාලය ඉවර වෙච්ච ගමන් බොහෝම ගෞරවාන්විත විදිහට අයින් වෙලා යනවා.හුඟක් වෙලාවට ඒ මිනිස්සුන්ට දූෂණ වංචා චෝදනා එල්ල වෙන්නෙත් නෑ..ඇත්තටම ඊට හාත්පසින්ම වෙනස් අපේ රටවල්වල තත්වය..
සාමාන්‍ය මිනිස්සු හැමදාම වලපල්ලට යනවා.දුක් මහන්සියෙන් ව්‍යාපාරයක් පටන් ගන්න මනුස්සයෙකුට උදව් කරන්න බල්ලෙක්වත් නෑ.කොහොම හරි ඒ මනුස්සයා මොන දහං ගැටය හරි ගහලා ටිකක් දියුණු වෙලා ඔලුව උස්සගෙන එනකොට අර ටැක්ස් මේ ටැක්ස් ඔක්කොම ගහලා ඌට රටේ ජීවත් ව්ල්ලත් එපා කරනවා.
ගෙදර මහා ඒකා කසිප්පු බිබී ඇවිදිනකොට ගෙදර ගෑනි බත් හැලිය වගේ ඉඳගෙන ඉන්නකොට ඉඩ තියෙන මල් පෝච්චියක මිරිස් පැළයක් වත් ඉන්දන්නෙ නැතුව ඉන්න අම්මණ්ඩිලව හොයලා රුපියල් දහ පහළොස් දාහ ආධාර දෙනවා..
හොස්පිට්ල් එකේ ක්ලිනික් එකට ඇවිල්ලා …අපි තේ එක බීල එන විනාඩි පහට රණ්ඩු කරන මිනිස්සු ප්‍රයිවට් චැනලින් වලට ගිහිල්ලා දොස්තරලා එන්න පැය දෙක තුන පරක්කු වුනත් වචනයක්වත් කතා කරන්නේ නැතුව බලාගෙන ඉන්නවා….
මාස ගානක් මහන්සි වෙලා බෙහෙත් කරලා සනීප කරන හුඟක් මානසික ලෙඩ්ඩුන්ව අන්තිමේදි බාරගන්න ගෙදර මනුස්සයෙක්වත් එන්නේ නැහැ.ලෙඩා ආපහු ලෙඩෙක් විදිහට අපි ගාව ඉතුරු වෙනවා…
මේ හැමදේම කල්පනා කර කර ගෙදර ආපු මගේ ඔළුව හරි බර ගතියක් දැනුනා. මම එනකොට ප්‍රහාන් ට නින්දට ගිහිල්ලා හිටියා.ප්‍රහානගේ ඇද ගාවින් තියෙන අනිත් පැත්තෙ ඇඳේ මම තියලා ගියා මේල් නර්ස් නිදාගෙන හිටියා.
හෙට දවසෙදි මොකක් වෙයිද..හෙට ප්‍රහන්ගේ කටින් මොනවගේ දෙයක් එළියට එයිද..පාන්දර වෙන්නත් කිට්ටු වෙලා තිබිච්ච ඒ වෙලාවේ මට නින්ද ගියේ කීයටද මන්දා..