සමේ රැලි ඇතිවීම පාලනය කරන Essential Oil..

ඔබ ක්‍රමයෙන් වියපත් වන විට වගේම තවත් විවිධාකාර හේතු නිසා ඔබේ සම මත රැලි , එහෙමත් නැත්නම් Wrinkles ඉතා පහසුවෙන් ඇති වෙන්නට පුළුවන්. මේ වගේ සම මත රැලි ඇති වීම නිසා ඔබේ වයසට වඩා පෙනුමක් ඔබට ගෙන එනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයන් ඇති වීමට පෙර පාලනය කර ගැනීම සහ එවැනි තත්ත්වයක් දැනටමත් ඇතිවී තියෙනවා නම් ඒවා මග හරවා ගැනීම කාන්තා ඔබට අතිශයින්ම වැදගත්. සම මත ඇතිවන රැලි සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන් හොඳම විසඳුමක් ලෙස Essential oil හඳුන්වන්නට පුළුවන්. මේ ලිපිය ඒ ගැනයි. 

ඇස් වටා, ඇස් යට ,නළල ,නිකට ,ගෙල ප්‍රදේශයේ වගේම මුඛය වටාත් මේ රැලි ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවෙනවා. Essential oil භාවිතා කිරීම මගින් සමේ තෙතමනය ආරක්ෂා කර සමේ තරුණ බව රැක දෙනවා. ඒ වගේම මේ Essential oil වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා ඔබේ සමට බාහිරින් සහ අභ්‍යන්තරයෙන් සිදුවිය හැකි බොහෝ හානි වලින් සම ආරක්ෂා කරනවා.

සමේ රැලි ඇතිවීම පාලනය කරන හොඳම Essential oil වර්ග මොනවද ?

Lemon Essential Oil 

ප්‍රධාන වශයෙන් මෙහි අඩංගු වන විටමින් සී මගින් සමට ඒකාකාරී පැහැයක් ලබාදීම සිදුකරනවා. ඊට අමතරව මෙහි අඩංගු වන ප්‍රතිඔක්සිකාරක වලට සම මත ඇතිවිය හැකි ඔක්සිකාරක ආතතිය අඩු කිරීමේ හැකියාව තියෙනවා. හිරු කිරණ සහ වෙනත් පාරිසරික හේතු නිසා සමට ඇතිවිය හැකි හානි වැලැක්වීම සඳහා හැකියාව තියෙන බොහෝ සංඝටකද Lemon essential oil වල අඩංගු වනවා.

Rosemary Essential Oil

මෙහි ප්‍රතිබැක්ටීරිය ගුණ අඩංගු වන අතර ඒවා මගින් දද , කුශ්ට සහ උෂ්ණත්වය නිසා ඇතිවන ආසාත්මිකතා වැනි සමේ රෝග සුව කරයි.විශේෂයෙන්ම ඔබේ සම වියපත් වීමට ප්‍රධාන වශයෙන් බලපාන ඔක්සිකාරක ආතතිය ඇතිවීම ද මේ Rosemary essential oil මගින් සිදු කරනවා.රෝස්මරී සාරය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස සම මත ක්‍රියාකරමින් සම වියපත් වීම ප්‍රමාද කරනවා.

Sandalwood Essential Oil

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වල සුව කිරීමේ ගුණය ඇති අමුද්‍රව්‍යක් ලෙස සුදු හඳුන් සැලකෙනවා. සුදු හඳුන්වල ප්‍රධාන වශයෙන් අඩංගු වන ප්‍රතිඔක්සිකාරක මගින් සම මත ඇතිවිය හැකි ඔක්සිකාරක ආතතිය අඩු කරමින් සම නීරෝගීව තබා ගැනීම සිදුකරනවා. ඒ වගේම Sandalwood Essential Oil වලට සම මත ඇති කැළැල් , කුරුලෑ , අඳුරු ලප සහ ඉන්නන් වැනි තත්ත්වයන් වලට ප්‍රතිකාර කළ හැකි බව බොහෝ සායනික පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා.

Rose Essential Oil

ලෝකයේ වඩාත්ම මිල අධික Essential Oil වර්ග වලින් එකක් ලෙස Rose Essential Oil සැලකෙනවා. මෙය සමේ සමස්ත සෞඛ්‍ය සඳහාම ඉතා විශිෂ්ට ලෙස ක්‍රියාකරන අතර සම වියපත් වීම පාලනය කරමින් සමේ තරුණ බව රැක දීම , රැළි ඇතිවීම පාලනය කිරීම සහ සම මත ඇතිවිය හැකි තවත් බොහෝ තත්ත්වයන් වැළැක්වීම වැනි දේවල් සිදු කරනවා.

Lavender Essential Oil

ලැවෙන්ඩර් මල් වල සාරය ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන Lavender Essential Oil මඟින් ඔබේ සම සිනිඳු කිරීමත් , බැක්ටීරියා සහ දිලීර ආසාදන වලින් සම ආරක්ෂා කිරීමත් , කුරුලෑ නිසා ඇතිවන කැලැල් මකා දැමීමත් , හිරු කිරණ නිසා ඇතිවිය හැකි හානි වැළැක්වීමත් සිදු කරනවා. විශේෂයෙන්ම වයසට යාමේදී සම මත වියපත්වීමේ ලකුණු ඇති වීම ප්‍රමාද කිරීමත් මේ Lavender Essential Oil වලට හැකියාව තියෙනවා.

Pomegranate Essential Oil

දෙලුම් බීජ වලින් නිෂ්පාදනය කරන 

Pomegranate Essential Oil ප්‍රබල දේශීය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස සැලකෙනවා. උෂ්ණත්ව වෙනස්කම් නිසා සම මත ඇති විය හැකි හානි වැළැක්වීමත් , පිළිකානාශක ගුණ සහිත වීමත් මෙහි විශේෂත්වයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම සමේ ප්‍රත්‍යස්ථතාවය පවත්වාගෙන යාම , සම අභ්‍යන්තරයෙන් පෝෂණය කරමින් සම මත රැළි ඇති වීම පාලනය කිරීමත් 

Pomegranate Essential Oil මගින් සිදු කරනවා.

Carrot Seed Essential Oil

මෙය හිරු කිරණින් සමට ඇතිවිය හැකි හානි වලින් සම ආරක්ෂා කිරීම සඳහා වඩාත්ම ප්‍රසිද්ධ essential oil වර්ගයක් ලෙස සැලකෙනවා. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන ,නිෂ්පාදනය කිරීම සඳහාද මෙය යොදා ගන්නවා.සමේ සෛල බිඳවැටීම වළක්වමින් , නව සෛල නිෂ්පාදනය කරමින් ,සමේ පැහැය ඒකාකාරී කරමින් සහ සමේ රැලි ඇතිවීම පාලනය කරමින් Carrot Seed Essential Oil ඔබේ සමට ඉතා හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. 

ඔබේ සමේ වර්ගය අනුව ඔබට මේ Essential Oil වර්ග ඔබේ භාවිතය සඳහා තෝරා ගන්නට පුළුවන්. ඔබේ එදිනෙදා Skin care routine එකට මෙවැනි essential oil එකක් ඇතුලත් කර ගැනීම මගින් සමේ රැළි ඇතිවීම පාලනය කර ගැනීම සහ තවත් බොහෝ ප්‍රතිඵල ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා.

Related Articles

Don't Miss


Latest Articles