හිස්කබලේ කැසීම කියන්නේ බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්. එය නරක අතට හැරීම ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් වුණත් සාමාන්‍යයෙන් හිස්කබල කැසීම සඳහා ඔබට නිවසේදීම විවිධ වූ පිළියම් භාවිත කරන්නට පුළුවන්. මේ ලිපිය ඒ ගැනයි.
හිස්කබලේ කැසීමට හේතු මොනවද ?
උකුණන්
හිස් කබල වියලීම
භාවිතා කරන ශැම්පු වර්ග වල අඩංගු සැර රසායනික ද්‍රව්‍ය
හිසරදය
හිසකෙස් වර්ණක වල අඩංගු රසායනික ද්‍රව්‍ය
හිසකෙස් තාප ආරක්ෂණ වල අඩංගු රසායනික ද්‍රව්‍ය
ආතතිය
දියවැඩියාව
හෝමෝන වෙනස්කම්
මේ තත්ත්වය සඳහා නිවසේදී කළ හැකි පිළියම් මොනවාද ?
කාබනික පොල්තෙල්
පොල්තෙල් රත්කර ඔබේ හිස්කබලේ ගල්වා මෘදු ලෙස සම්භාහනය කරන්න. එය විනාඩි විස්සක් හෝ තිහක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට වරක් පමණ කරන්න.
පොල්තෙල් හොඳ මොයිස්චරයිසර් එකක් ලෙස ක්‍රියාකරන අතර හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරන නිසා හිස්කබල වියළීම නිසා ඇතිවන කැසීම සමනය කරයි.
එහි ප්‍රතිබැක්ටීරිය ගුණ සහ මෘදුකාරක ගුණද අඩංගු වන නිසා උකුණන්ට ප්‍රතිකාර කිරීම සඳහාද ඵලදායී පිළියමක් ලෙස සැලකෙනවා.
Tea tree oil
Tea tree oil බින්දු කිහිපයක් ගැන හිස්කබලේ ගල්වා මිනිත්තු කිහිපයක් හොඳින් සම්භාහනය කරන්න.එය එක රැයක් ඔබේ හිස්කබලේ තිබෙන්නට හැර උදෑසනදී සෝදා හරින්න.මෙම සත්කාරය සතියකට දෙවරක් හෝ තුන් වරක් කරන්න.
Tea tree oil වලට උකුණන් විනාශ කළ හැකි අතර හිස්කබලේ කැසීමද සමනය කළ හැකිය.ඊට අමතරව හිස්කබලට තෙතමනය සහ පෝෂණය ලබා දෙමින් හිස් කබලේ කැසීම සමනය කරයි.එහි අඩංගු වන ප්‍රතිබැක්ටීරිය ගුණ මගින් හිස්කබලේ ඇතිවන ආසාත්මිකතා ද සුව කරයි.
කෝමාරිකා
කෝමාරිකා පත්‍රයේ ඇති ජෙල් ඉවත් කරගෙන එය කෙලින්ම හිස් කබලේ ආලේප කරන්න.විනාඩි පහළොවක් හෝ විස්සක් එය තිබෙන්නට හැර සෝදා හරින්න. කෝමාරිකා ජෙල් හිසකෙස් වලින් නිසි ලෙස ඉවත් නොවේ නම් මද උණුසුම් ජලය ස්වල්පයක් භාවිතා කරන්න. මෙම සත්කාරය සතියකට වරක් හෝ දෙවරක් සිදු කරන්න.
කෝමාරිකා ජෙල් යනු හිස්කබලේ කැසීම සමනය කරන ස්වාභාවික මොයිස්චරයිසර් වර්ගයකි.එහි ක්ශුද්‍ර ජීවී නාශක ගුණ සහ සමනය කිරීමේ ගුණ හිසේ කැක්කුම සහ හිස් කබල කැසීම සඳහා ප්‍රතිකාර කරනවා.
ඔලිව් තෙල්
ඔලිව් තෙල් මදක් රත් කර හිස් කබලේ සහ හිස කෙස් වල ගල්වා හොඳින් සම්බාහනය කරන්න.එය එක රැයක් තිබෙන්නට හැර සෝදා හරින්න.නිරෝගී හිස් කබලක් සහ හිස කෙස් සඳහා සතියකට දෙවරක් පමණ මෙම සත්කාරය කරන්න.
ඔලිව් තෙල් වල ඇති සම ආරක්ෂණ ගුණ සහ ඔලියෝකැන්තල් සහ ඔලියුරෝපීන් යන සංයෝග හිස් කබලේ දැවිල්ල සහ කැසීම සමනය කරයි.
ජොජෝබා තෙල්
ජෝජෝබා තෙල් ඇඟිලි තුඩු වලට ගෙන හිස් කබලේ සහ හිස කෙස් වල හොඳින් ආලේප කර මිනිත්තු කිහිපයක් සම්භාහනය කරන්න.මෙය එක රැයක් තිබෙන්නට හැර පසු දින මෘදු ෂැම්පු එකක් ආධාරයෙන් සෝදා හරින්න. හොඳ ප්‍රතිඵල සඳහා මෙම සක්කාරය සතියකට දෙවරක් කරන්න.
ජොජෝබා තෙල් වල අඩංගු ස්වාභාවික මොයිස්චරයිසින් ගුණය හිස්කබල වියලීම පාලනය කර කැසීම ඇතිවීම වළක්වනවා.එමගින් හිස්කබලේ විවිධ ආසාත්මිකතා ඇතිවීමද පාලනය කරනවා.
ලෙමන් යුෂ
ලෙමන් යුෂ මේස හැඳි දෙකක් හෝ තුනක් වතුර කෝප භාගයක් සමග මිශ්‍ර කරන්න.එය කපු පුළුන් කැබැල්ලක් ආධාරයෙන් හිස්කබල පුරා ආලේප කරන්න. එය විනාඩි පහක් හෝ දහයක් තිබෙන්නට හැර සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට දෙවරක් පමණ කරන්න.
ලෙමන් යුෂ ස්වාභාවික ක්ෂුද්‍ර ජීවී නාශකයක් වන අතර එහි ඇති ආම්ලිකතාවය සහ ශාක රසායනික ද්‍රව්‍ය හිස් කබල මත ක්‍රියාකර ආසාත්මිකතා නිසා ඇතිවන කැසීම වළක්වයි.
මෙවැනි ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම මගින් ඔබට හිස්කබලේ කැසීම ආරම්භයේදීම වළක්වා ගැනීමට හැකියාව තියෙනවා.නමුත් මේ තත්ත්වය උත්සන්න වීම වෙනත් සෞඛ්‍යමය හේතූන් මත විය හැකි නිසා එවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සැලකිලිමත් වන්න.