ප්‍රෝටීන් ගුණයෙන් ඉහල උදෑසන ආහාර වේලක්

උදෑසන ආහාර වේල කියන්නේ ඔබ විසින් මඟ නොහැරිය යුතු අත්‍යවශ්‍යම ආහාර වේලක්. ඒ වගේම උදෑසන ආහාර වේල ඉතාම පෝෂ්‍යදායි එකක් වීමට ඔබ වග බලා ගත යුතුයි. මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ ප්‍රෝටීන් බහුල උදෑසන ආහාර වේල් කිහිපයකුයි.

Peanut butter and banana oatmeal 

අවශ්‍ය ද්‍රව්‍ය 

Rolled oats කෝප්ප 2 

වතුර කෝප්ප 4

ලුණු ස්වල්පයක් 

පෙති කපාගත් කෙසෙල් ගෙඩි 2 

රටකජු බටර් මේස හැඳි 2 

කුඩාවට කපා ගත් ආමන්ඩ් කෝප්ප 1/2 

මී පැණි මේස හැඳි 2 

හදන්නේ මෙහෙමයි 

මුලින්ම වතුර කෝප්ප 4 ලිප තබා අඩු ගින්දරේ එය රත් වන විට ඕට්ස් කෝප්ප දෙක එකතු කරන්න.

එයටම ලුණු එකතු කර විනාඩි පහක් පමණ මිශ්‍ර කරමින් පිස ගන්න

ඕට්ස් ඉතා ඝණ නම් කිරි ස්වල්පයක් එකතු කරන්න

මෙයට කපා ගත් ආමන්ඩ් , රට කජු බටර් , මී පැණි සහ කෙසෙල් එකතු කරන්න 

Go – to 5 Minutes high protien breakfast 

අවශ්‍ය ද්‍රව්‍ය 

පොත්ත ඉවත් කර ගත් අලිගැටපේර ගෙඩියක් පෙති කපා

ග්‍රැනෝලා මේස හැඳි 2 

බිත්තර 2  

ගිතෙල් හෝ බටර් තේ හැඳි 1 

කෑලි මිරිස්

ලුණු

චිලි පේස්ට් ස්වල්පයක් 

ඔලිව් තෙල් ස්වල්පයක් 

චොප් කර ගත් සුදු ලූනු බික් තුනක්

හදන්නෙ මෙහෙමයි

පෑන් එකක් ලිප තබා එයට බටර් හෝ ගිතෙල් එකතු කරන්න.

කහ මදය නොකැඩෙන සේ බිත්තර දෙක එකතු කරන්න.එයට ලුණු සහ ගම්මිරිස් ඉස අඩු ගින්දරේ පියනකින් වසා තබන්න.

පිඟානක් මත පෙති කපා ගත් අලිගැටපේර තබා එය මතට ග්‍රැනෝලා එකතු කරන්න.

චිලි පේස්ට් වලට ඔලිව් තෙල් සහ සුදු ලූනු එකතු කර අලිගැටපේර මතට එකතු කරන්න

බැදගත් බිත්තර දෙක සමග පිළිගන්වන්න 

Nut & Berry Parfait

අවශ්‍ය ද්‍රව්‍ය 

මේද රහිත ග්‍රීක් යෝගට් කෝප්ප 1

රාස්ප්බෙරි කෝප්ප 1/4 

බ්ලූබෙරි කෝප්ප 1/ 4

කුඩාවට කපා ටෝස්ට් කරන ලද ආමන්ඩ් කෝප්ප 1/4 

මී පැණි මේස හැඳි 2 

හදන්නෙ මෙහෙමයි 

කුඩා බඳුනක් ගෙන එහි අඩියට යෝගට් එකතු කරන්න

ඉන්පසුව එය මතට පිළිවෙලින් රාස්ප්බෙරි , බ්ලූබෙරි සහ ආමන්ඩ් එකතු කරන්න

අවසානයට මී පැණි එකතු කරන්න

Instant Egg & Cheese “Bake”

අවශ්‍ය ද්‍රව්‍ය 

කුඩාවට කපන ලද නිවිති කෝප්ප 1

බිත්තර 2 

කිරි තේ හැඳි 1

චීස් පෙති 1 හෝ වෙනත් කැමති චීස් වර්ගයක්

හදන්නෙ මෙහෙමයි 

මයික්‍රොවේව් එකට දැමිය හැකි බඳුනකට ඔලිව් තෙල් ස්ප්‍රේ කරන්න 

එයට කපාගත් නිවිති එකතු කර තත්පර 30ක් රත් කරගන්න 

එය මතට බිත්තර දෙක එකතු කර , කිරි , ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න.

අවසානයට චීස් එකතු කරන්න 

විනාඩි දෙකක් පමණ නැවතත් මයික්‍රොවේව් කරගන්න 

ටෝස්ට් කර ගත් දුඹුරු පාන් පෙත්තක් හෝ චපාති එකක් සමඟ පිළිගන්වන්න 

Related Articles

Don't Miss


Latest Articles