මේ Barot House චිත්‍රපටයෙන් කියන්නෙ අපරාධයක සුලමුල හරිවෙලාවෙදි හොයාගන්න අපහසු වෙච්ච නිසා විනාශ වුන පවුලක කතාවක් ගැන. ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටය අවසානය වෙනකම්ම හිතාගන්න බෑ අපිට මේ අපරාධකාරය කවුද කියල.
ඉතින් මේ කතාව පටන් ගන්නෙ මෙන්න මේ විදියට. දාමන් කියන ප්‍රදේශයේ හරිම නිස්කලංක ඉසව්වක තමයි මේ බැරට් පවුලෙ කට්ටිය ජීවත් වෙන්නෙ. මේ ගෙදර ඉන්නවා අමිත් බැරට්, එයාගේ නෝන, අම්මා සහ දරුවො හතර දෙනා. දරුවො හතර දෙනාගෙන් තුන් දෙනෙක් දූලා, එක්කෙනෙක් පුතෙක්.
කතාවෙ අපරාධෙ පටන් ගන්නෙ දීපවාලි උත්සව දවසකින්. බැරට් පවුලෙ එක දුවෙක් වුණ ශ්‍රියා සෙල්ලම් කර කර ඉඳල හදිසියෙම අතුරුදහන් වෙලා යනවා. මොන තරම් උත්සහ කරත් හොයාගන්න බැරිවෙච්ච ශ්‍රියාව හම්බුවෙන්න දවසකට පස්සෙ. හැබැයි පණ පිටින් නම් නෙවෙයි. මැරුණ ශ්‍රියාගේ පණ නැති සිරුර හම්බුවෙන්නෙ මෙයාලගෙ ගෙවල්වලට කිට්ටුවෙන් තියෙන සොහොන් පිට්ටනියක තිබිලා.
ශ්රියාගෙ මරණයට සැක කෙරෙන්නෙත් බැරට් පවුලට ලඟම මිනිස්සු දෙන්නෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි අමිත් බැරට්ගෙ මල්ලි වුන අජේ සහ එයාගෙ අසල්වාසියෙක් වුණ ඇන්තනිව.
එක දුවෙක්, දරුවෙක් මැරුණ වේදනාව දරාගන්න බැරුව බැරට් පවුලෙ මිනිස්සු වේදනාවෙන් ඉන්නකොට තමයි මෙයාලට නොහිතපු විදියෙ තව වේදනාවකට මූණ දෙන්න වෙන්නෙ. ඒ බැරට් පවුලෙ දෙවනි දුවගෙ මරණය නිසා. කොහොමහරි එක ළඟ වුන මරණ දෙකක්ම නිසා පොලිසිය අමිත්ගෙ මල්ලි ආජේව සැක කරන්න පටන් ගන්නවා සහ එයාගෙන් මේ ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.
කොහොමහරි මේ ඔක්කොම දේවල් උඩු යටිකුරු වෙන්න අමිත් දවසක් දකින දේකින්. අමිත් දකිනව තමන්ගෙම පුතා වෙච්ච මල්හාර් එයාගෙම සහෝදරියව වතුරෙ ගිල්ලල මරන්න හදනව. අමිත් ඉක්මනට ඇවිල්ල දරුවව බේරගත්තත් අමිත්ට ඒ වෙලාවෙ තමයි සැක හිතෙන්නෙ මේ හැම මරණයක් පිටිපස්සෙම ඉන්න වෙන කෙනෙක් නෙවෙයි තමන්ගෙම පුතා වෙච්ච මල්හාර් කියලා.
අමිත් මේ වෙලාවෙ හරිම තදින් මල්හාර් ගෙන් ප්‍රශ්න කරනවා. පුදුමයකට වගේ මල්හාර් පිළිගන්නව ඔව් මං තමයි මේ ඔක්කොම කරේ කියල.
අමිත් පුදුම විදියට අසරන වෙනවා. තමන්ට දැනටම දරුවො දෙන්නෙක් නැතිවෙලා ඉවරයි. මල්හාර්වත් පොලිසියට භාර දුන්නොත් තමන්ට තව දරුවෙක් අහිමි වෙනව නේද කියන කතාව අමතක කරන්න අමිත්ට බැරිවෙනවා.
කොහොමහරි දවසක් බලද්දි අමිත්ගෙ මල්ලි අජෙගෙ අසල්වාසිය වුණ ඇන්තනිගෙ පුතා වෙච්ච රොශාන්ව කවුරුහරි මරල දාලා.අමිත් එතනදි හිතනව “තව දුරටත් මල්හාර් ජීවත් උනොත් තව ගොඩක් අහිංසක මිනිස්සුන්ට ජීව්ත නැතිවෙන්න පුලුවන්, ඉතින් මං හිරේ ගියත් කමක් නෑ මම මේ හැමදෙයක්ම අවසන් කරනවා” කියල. එහෙම හිතල අමිත් මල්හාර්ව එල්ලල මරන්න හැදුවට එයාට තාත්තා කෙනෙක් විදියට ඒක කරන්න බැරිවෙනවා.
කොහොමහරි අමිත්ගෙන් පොලිසිය ප්‍රශ්න කරද්දි රොශාන්ගෙ මරණය ගැන අමිත් පොලිසියට කියනව “වෙන කවුරුවත් නෙවෙයි මගෙ පුතා තමයි මිනිමරුවා” කියල. ඒත් පොලිසියට හරි ප්‍රශ්නයක් මේ පොඩි දරුවෙක් කොහොමද මෙහෙම මිනී මරන්නෙ කියන එක. ඒත් පොලිසිය මල්හාර්ගෙන් මේ ගැන ඇහුවම මේ කොල්ල එතනදිත් පිලිගන්නව තමන් තමයි මේ හැම මිනී මැරුමක්ම කරේ කියල.
කොහොමහරි මල්හාර්ට යන්න වෙනවා පුනරුත්තාපනය සඳහා.එතනදි මල්හාර්ගෙන් ප්‍රශ්න කරන්න මනෝ වෛද්‍යවරයෙක් ආවට ඒ මනුස්සයට බැරිවෙනව මල්හාර්ගෙන් මේ කිසිම දෙයක් ගැන හරියට තොරතුරු දැනගන්න.
ඒ වගේම මල්හාර තාත්තව බලන්න බෑ කියල දැඩිව ප්‍රතික්ශේප කරනවා. පුනරුත්තාපන කඳුවුරේදි කට්ටිය දකිනව මල්හාර්ගෙ ඇඟේ, පිටේ තියෙන තුවාල පාරවල්.මෙයාල මල්හාර්ට චිත්‍ර අඳින්න කිව්වම මල්හාර් අඳින්නෙ එකම විදියට චිත්‍ර විතරයි.ඒ හැම චිත්‍රයකම තියෙන්නෙ තමන්ගෙ තාත්තා වෙච්ච අමිත් තමන්ගෙ දරුවන්ව, රොශාන්ව එහෙම මරනවා. තමන් ඈතක ඉඳල ඒව බලාගෙන ඉන්නවා. හැබැයි මල්හාර් මේ හැම චිත්රයක්ම ඩස්ට්බින් එකට විසි කරලා තමන් තබ්ලා ගහනව ඇඳපු චිත්‍රයක් විතරක් තමන්ගෙන් ප්‍රශ්න කරන්න ආව මනෝ වෛද්‍යවරයට පෙන්වනවා.
හැබැයි මල්හාර් නොදන්නව වුණාට මනෝ වෛද්‍යවරයා දිගටම ඉඳල තියෙන්නෙ සීසීටිවි කැමරා එකකින් මල්හාර්ගෙ හැසිරීම දිහා බලාගෙන. එයා දකිනව චිත්‍ර ඇඳපු මල්හාර් ඒව ඩස්ට්බින් එකට විසි කරනව. ඒ චිත්‍ර අරගෙන බලද්දි තමා වෛද්‍යවරයට තේරෙන්නෙ කොතන හරි ලොකුවට වැරදිල බව. ඇත්තටම මෙච්චර පොඩි දරුවෙක් කොහොමද අහුනොවෙන්න මෙහෙම මීඉ මැරුම් කරන්නෙ? ඒක වෙන්න බැරි දෙයක්නෙ.
එතනදි හැමෝම තේරුම්ගන්නව මල්හාර් ඇත්තටම එයාගෙ තාත්තව බේරගන්න තමා මේ හැමදේම කරල තියෙන්නෙ කියල. ඉතින් පොලිසිය එතන ඉඳල තමන් හරි කියල හිතන විදියට කතාව ගොඩ නගනවා.
පොලිසිය ආයෙ පාරක් බැරට් පවුලෙ අයගෙන් ප්‍රශ්න කරනවා. එතනදි පොලිසිය අනාවරණය කරගන්නවා අමිත් සහ ඇන්තනිගෙ බිරිඳ වෙච්ච සෝෆියා භාවනාවයි ඇන්තනිවයි සැක කරනව කියල ඒ දෙන්න අතරෙ අනියම් සබඳතාවයක් තියෙනව කියලත්, මැරිච්ච ශ්‍රියා සහ ශෘති කියන දූල දෙන්නම ඇන්තනිගෙ දරුවො කියලත්.
පොලිසිය ඒ නිසාම තේරුම්ගන්නව අමිත් දරුවො දෙන්නව සහ රොශාන්ව මැරුවෙ ඇයි කියල. මල්හාර් නිදහස් වෙනවා. අමිත් අත් ආඩංගුවට පත් වෙනවා.
කතාව මෙතනින් ඉවර වෙනව කියල අපි හිතුවට කතාව ඇත්තටම පටන් ගන්නෙ මෙන්න මෙතනින්.
ඉතින් කුතුහලය උපරිමයටම පිරිච්ච Barot House ඔයාලට Zee 5 ඔස්සේ බලන්න පුලුවන්. එහෙම නැත්තම් Download කරල උනත් බලන්න වටින ලස්සන චිත්‍රපටයක් කියල කියන්නම ඕන.
බලල කියන්නකො මිනීමරුවව කවුද කියල ඔයාලා හිතුව Guesses හරි ගියාද කියල