දිනෙදා නිවසක වැඩ කටයුතු අතර අප මුහුණ දෙන අපහසුතාවන් බොහොමයක් තියෙනවා. ඒ වගේම අමතක කරන්න එපා. ඒ හැම දෙයකටම විසඳුමකුත් තියෙනවා කියලා …
- ඇඳුම් වල චුයින්ගම් ඇලීඇත්නම් – ඇඳුම ශීතකරණයේ පැයක් පමණ තබන්න. එය පහසුවෙන් ගැලවේවි.
- අව පැහැ ගැන්වූ සුදු ඇඳුම් සුදු කරගැනීමට – පැහෙන උණු වතුර සහ දෙහි කැබලි කීපයක් සමග ඇඳුම් විනාඩි 10 පොඟවා සෝදාගන්න.
- වස විෂ නැතිව මී උවදුර අවම කරගැනීමට – වැඩිපුර මීයන් ගැවසෙන ස්ථාන වලට ගම්මිරිස් කුඩු ඉසින්න.
- කුඹී උවදුරට – පිපිඥා පොතු තබන්න.
- ඇඳුම් වල තීන්ත පැල්ලම් ඉවත් කිරීමට – තීන්ත ඇති තැන්වල දත් බෙහෙත් ආලේප කර සම්පුර්ණයෙන්ම වියලීමට හැර සෝදා ගන්න.
- කැඩපත දීප්තිමත් කරගැනීමට – ස්ප්‍රයිට් වලින් කැඩපත පිසදමන්න.
- පිරිසුදු අයිස් ලබා ගැනීමට – උණුකර නිවාගත් ජලය ශිතකරණයේ තබන්න.
- කොහල්ලා ගෑවෙනවාට – පොල්තෙල් හෝ දෙහි ඇඹුල් තවරන්න.
– ඉරේෂා –