ගෙදර දොරේ වැඩ පහසු කරන පුංචි ටිප්ස් ටිකක්

දිනෙදා නිවසක වැඩ කටයුතු අතර අප මුහුණ දෙන අපහසුතාවන් බොහොමයක් තියෙනවාඒ වගේම අමතක කරන්න එපාඒ හැම දෙයකටම විසඳුමකුත් තියෙනවා කියලා …

  • ඇඳුම් වල චුයින්ගම් ඇලීඇත්නම් – ඇඳුම ශීතකරණයේ පැයක් පමණ තබන්නඑය පහසුවෙන් ගැලවේවි.
  • අව පැහැ ගැන්වූ සුදු ඇඳුම් සුදු කරගැනීමට – පැහෙන උණු වතුර සහ දෙහි කැබලි කීපයක් සමග ඇඳුම් විනාඩි 10 පොඟවා සෝදාගන්න.
  • වස විෂ නැතිව මී උවදුර අවම කරගැනීමට – වැඩිපුර මීයන් ගැවසෙන ස්ථාන වලට ගම්මිරිස් කුඩු ඉසින්න.
  • කුඹී උවදුරට – පිපිඥා පොතු තබන්න.
  • ඇඳුම් වල තීන්ත පැල්ලම් ඉවත් කිරීමට – තීන්ත ඇති තැන්වල දත් බෙහෙත් ආලේප කර සම්පුර්ණයෙන්ම වියලීමට හැර සෝදා ගන්න.
  • කැඩපත දීප්තිමත් කරගැනීමට – ස්ප්‍රයිට් වලින් කැඩපත පිසදමන්න.
  • පිරිසුදු අයිස් ලබා ගැනීමට – උණුකර නිවාගත් ජලය ශිතකරණයේ තබන්න.
  • කොහල්ලා ගෑවෙනවාට – පොල්තෙල් හෝ දෙහි ඇඹුල් තවරන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles