මේ ලක්ෂණ තියනවානම් ඔයා යන්නේ සාර්ථකත්වයේ අඩි පාරේ…

ජීවිතය කියන්නෙ හැම පුද්ගලයෙකුටම විශිෂ්ට අත්දැකීම් පිරී තිබෙන, අභියෝග සහ සතුට සමඟ ගෙවෙන අතිශය සංකීර්ණ ගමනක් කියන එක අපි හැමෝම දන්නවා. 

අපිට අවශ්‍ය ජීවිතය නිර්මාණය කිරීම කියන්නෙ අපේ බලාපොරොත්තු, සිහිනයන් සහ අභිලාෂයන් පසුපස හඹා යාමත් ඒවා සැබෑවක් කිරීමට නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමත් කියල සරලවම කියන්න පුලුවන්.

 මේ ගමනට දෘඪ අරමුණු, ක්‍රමවත් සැලසුම් සහ නිහතමානී කාර්ය සාධනය අනිවාර්‍ය වෙනවා. 

ඉතින් පහත දැක්වෙන්නේ අපිට අවශ්‍ය ජීවිතය නිර්මාණය කිරීමට අවශ්‍ය කරන සාර්ථක උපදෙස් කිහිපයක්.

1. අරමුණු තීරණය කරන්න

අපේ ජීවිතයේ ප්‍රමුඛතා සහ අරමුණු පැහැදිලිව අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් වෙනවා. අපිට අවශ්‍ය ජීවිතය කුමක්ද, අපේ බලාපොරොත්තු මොනවාද, අපේ සිහිනයන් මොනවද කියන එක පැහැදිලිව දැන අපි තේරුම්ගන්න ඕන්. මෙම අරමුණු කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දිගු කාලීන කියල වර්ගකරන්න අපිට පුලුවන්. අපේ අරමුණට ළඟා වීමේ ක්‍රියාවලිය වඩාත් සවිස්තරාත්මක  සහ ඉලක්ක කරගත් අයුරින් සකස් කර ගන්න මෙන්න මේ අරමුණු තීරණය කිරීම සහ ඒව පැහැදිළිව තේරුම්ගන්න එක ඉතාම වැදගත් වෙනවා.

2. සැලසුම් සහ ප්‍රමුඛතා කළමනාකරණය කරන්න

සාර්ථකත්වයට පත්වීමට සැලසුම් කිරීම වැදගත් වෙන බව අපි කොච්චර නම් අහල තියෙනවද ඒත් අපි ඒක කරන්නෙ කොච්චර අඩුවෙන්ද? අපේ අරමුණු සාක්ශාක් කර ගැනීම දක්වා ගමන් කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය සැලසුම් කිරීම හා ඒ ක්‍රියාවලිය අඛණ්ඩව අනුගමනය කිරීම වැදගත් වෙන්නෙ අන්න ඒ නිසා. කාලය සැලසුම් කර අපේ කාර්යයන් ප්‍රමුඛතා අනුපිළිවෙලක් අනුව කළමනාකරණය කිරීමෙන් අපිට අපේ අරමුණට පහසුවෙන් ළඟා වෙන්න පුලුවන්.

3. අධ්‍යාපනය සහ නිර්මානශීලීත්ව

ජීවිතයේ කිසිම අවස්ථාවක නැවතී ඉන්නෙ නැතුව, නිතරම නව දැනුම හා කුසලතා අධ්‍යයනය කිරීම වැදගත් වෙනව ජීවිතේ ඉස්සරහට හොඳ විදියට ගෙනියන්න ඉන්න ඕනම කෙනෙකුට. අධ්‍යාපනය සහ නිර්මාණශීලිත්වය වැඩි කර ගැනීමෙන් අපේ හැකියාවන් දියුණුවට පත්කර ගැනීමේ හැකියාව ලැබෙනවා. නව සම්පත්, පුස්තකාල, ඔන්ලයින් පාඨමාලා සහ කාර්යාල ශිල්පීය පුහුණු වැඩසටහන් සහභාගීවී නව දැනුම ලබා ගන්න අපි කටයුතු කරන්න ඕන අන්න ඒ නිසාමයි.

4. සෞඛ්‍යය සහ සුභසාධනය

ශාරීරික සහ මානසික සෞඛ්‍යය වඩාත් ඕනම මනුස්සයෙකුට හරි වැදගත් වන බව  අපි නිතරම කතා කරනවනෙ. ව්‍යායාම, සමබල ආහාර වේලක් සහ නිසි නින්ද ආදී සෞඛ්‍යය පුරුදු අනුගමනය කිරීමෙන් අපේ ශාරීරික සෞඛ්‍යය වර්ධනය කරගන්න අපිට පුල්ලුවන්. මානසික සෞඛ්‍යය සවිබල ගන්වන්න යෝග වගේ ව්‍යායම වගේම නිසි විවේකය ලබා ගැනීම ඉතාම වැදගත්.

5. විනෝදාංශ

විනෝදාංශ වල නිරත වීම, සිත්ගන්නාසුළු ක්‍රියාකාරකම්වල නිරත වීම මගින් අපේ ජීවිතයට අර්ථවත් අත්දැකීම් එක්කර ගන්න අපිට පුලුවන්. ආශාවන් පුරුදු කරගන්න, නව ව්‍යාපෘති පටන්ගන්න, කලා, ගායන, නැටුම සහ වෙනත් ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් අපිට අපේ නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න පුලුවන් වගේම ඒ දේවල් එක්ක අපේ මානසික නිදහස වැඩි දියුණු කරගන්නත් පුලුවන්.

6. සමාජ සහභාගීත්වය සහ සම්බන්ධතා

ජීවිතයේ සාර්ථකත්වයට පත්වීමේ මඟේ සමාජ සහභාගීත්වය සහ සම්බන්ධතා වලට ලොකු ඉඩක් සහ වැදගත්කමක් හම්බ වෙනවා. අපේ පවුල, මිතුරන්, සහ කාර්යමණ්ඩලය සමඟ ගුණාත්මක සම්බන්ධතා පවත්වාගෙන යාමෙන් අපේ මානසික සෞඛ්‍යය වර්ධනය කිරීමට, සහ අපේ සතුට වැඩි දියුණු කරගැනීමට ඉඩක් ලැබෙනවා.

7. ඉවසීම සහ ආත්ම ශක්තිය

ඉවසීම සහ ආත්ම ශක්තිය ජීවිතයේ අභියෝගයන් වලට ඉතාම සාර්තකව මුහුන දෙන්න ඉතාම වැදගත් වෙනවා. ජීවිතයෙදි විවිධ අබියෝගයන් සහ අසාර්ථකත්වයන් හමුවේදී නිර්මාණාත්මකව සහ ඉවසීමෙන් කටයුතු කරන්න අපි උත්සහ කරන්න ඕන. අභියෝගයන්ට මුහුණ දීමෙන් අපේ ශක්තිය සහ අභ්‍යන්තර ශක්තිය වර්ධනය කරගත හැකි නිසාම ඒ ඔස්සේ අපිට පුලුවන් අපි බලාපොරොත්තු වෙන, අපිට අවශ්‍ය ජීවිතය වඩා ශක්තිමත්ව ගොඩනගාගන්න.

8. ඉගැන්වීම්වලින් ඉගෙන ගන්න

ඉගැන්වීම් ජීවිතයේ අත්දැකීම් වර්ධනය කිරීමට සහ අනාගතය සාර්ථකව හැඩගැස්වීමට වැදගත් වෙනවා. අපි අත්විඳින, මුහුණ දෙන සෑම අත්දැකීමක්ම ඉගැන්වීම් සහ දැනුමක් ලබා දෙන අත්දැකීමක් ලෙස විග්‍රහ කරන්න. අසාර්ථකත්වයන්ගෙන් පවා පාඩම් ඉගෙනගෙන අනාගතයේදී ඒ වගේ අසාර්තක වීම් අඩුකරගන්න අපිට පුලුවන්.

9. ආත්ම විශ්වාසය

අපේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා ආත්ම විශ්වාසය හරිම වැදගත්. අපේ අරමුණට යන්න විශ්වාසයක් ඇති කරගෙන ක්‍රියාත්මක වීමෙන් අපිට විවිධ අභියෝගයන්ට සාර්තකව මුහුණ දෙන්න පුලුවන් වෙනවා. ඒ වගේම සාර්තකත්වය කරා යන ගමන වඩා පහසු වෙනවා.

10. ඉදිරියටම යන්න

අවසන් අංශය වශයෙන්, ජීවිතයේ කිසිම අවස්ථාවක නැවතෙන්නෙ, පසුබහින්නෙ නැතුව, නිතරම ඉදිරියටම යාම අරමුණක් කර තබාගන්න ඕන කියන එක අමතක කරන්න එපා. සාර්ථකත්වය සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වීම, අලුත් අභියෝගයන් සතුටෙන් භාරගන්න එක සහ අලුත් අවස්ථා සොයාගැනීම අපේ ජීවිතය අපි බලාපොරොත්තු වන අයුරින් ගොඩ නගාගන්න අපිට උදව් වෙනව.

අපිට අවශ්‍ය ජීවිතය නිර්මාණය කිරීම ඉතාමත් සතුටුදායක හා අත්දැකීම් පිරි අවස්ථාවක් බව හැමතිස්සෙම මතක තියාගන්න. අපේ අරමුණු වලට යන ගමනෙදි මුහුණ දෙන්න වෙන  අභියෝග ජීවිතයේ ඕනම මොහොතකට සාර්තකව ශක්තිමත් මුහුණ දෙන්න අපිට තියෙන හැකියාව නිර්ණය කරන සාධකයක් බව අමතක කරන්න එපා!

Related Articles

Don't Miss


Latest Articles