මේඝා උන්නේ සිහියත් අසිහියත් අතරේය. මහ හඬින් හඬමින් පාරට දුවගෙන විත් ත්‍රිරෝද රියකට අත දමා නිවසට පැමිණි ආකාරයවත් ඇයට මතක නැත.
” මේඝා ඔයා මෙතනින් යන්න ”
නිම්නාද මේඝාගේ අත ගසා දමන අතරේ වර්ෂා මැදට පැන මේඝාව පසෙකට කලේ කෑගසමිනි.
” මේඝා please stop this ”
මේඝා මෙල්ල වූයේ නැත. ඇය සිටියේ දරාගත නොහැකි ශෝකයෙනි. තම ආදරණීයයා තමාව රැවට්ටූ ලැජ්ජාවෙනි.
” තමුසෙට කිසිම අයිතියක් නෑ මේඝා මට අත තියන්න ”
නිම්නාද කෝපයෙන් වියරු වැටී කෑගැසුවේ අවට සිටියවුන් බලා සිටිනවා කියාවත් වගක් නැතිවය.
” තමුසෙට අයිතියක් තියෙනවද මාව රවට්ටන්න ? ආ නිම්නාද ? ”
මේඝා ඇසුවාය. මෙය විශ්වාස කල නොහැක. නිම්නාද වර්ෂා සමඟ සම්බන්ධ වූයේ කෙසේද ? රූගත කිරීමෙන් පසුවද ? නැත්නම් ඔවුන් පෙර සිටම එකිනෙකා හඳුනනවාද ? මේඝාගේ හිස තුළ දහසකුත් ප්‍රශ්න පැන නැගෙමින් තිබුනි.
” මේඝා මෙතන විකාරයක් වෙන්න හදන්න එපා. නිම්නාද ඔයාට ආදරේ කලේ නෑ ඔයා එහෙම හිතුවට.එයාට ඔයාව යාලුවෙක් විතරයි. ප්ලීස් ඔයා බලෙන් එයාගෙ ඇඟේ එල්ලෙන්න හදන්න එපා. බලන්න ඔයා මෙතන අපිට ලැජ්ජ කරන විදිය ”
වර්ෂා කියා අවසන් කරද්දී මේඝා බැලුවේ නිම්නාද දෙසය.
” දැන් එහෙමද කියන්නේ ? ”
මේඝා පිළිතුරක් බලාපොරොත්තු වූවාය.
” ඔව්. එහෙම තමයි ”
නිම්නාද වර්ෂාගේ අතින් අල්ලා ගත්තාය.
” මම මේ වගේ ඩ්‍රාමා වලට කැමති නෑ මේඝා. මම කීයටවත් හිතුවේ නැහැ ඔයා මිනිස්සු මහ ගොඩක් ඉන්න තැනක මේ වගේ හැසිරෙන ජරා ගෑනියෙක් කියලා ”
” Let ‘ s go නිම්නාද ”
වර්ෂා නිම්නාදගේ අතින් ඇදගෙන කෝපි හලෙන් එළියට ගියේ වේගයෙනි. මේඝා එතනම ගල් ගැසී විනාඩි කිහිපයක් ගත කලාය.මේ සිදු වූයේ කුමක්ද ? මේ ඇසුනේ මොනවාද ? තමා අපූරු කෙල්ලකැයි කී මුවින් මේ අසන්නට සිදූ වූයේ මොනවාද ?
මේඝා සාලයේ බිම වැතිරී හැඬුවාය. ගත අප්‍රාණික වනතුරුම හැඬුවාය. වර්ෂා නිම්නාදගේ අත අල්ලාගෙන සිටි ආකාරය ඇයට යලි යළිත් මැවී පෙනුණි. රූගත කිරීම සිදුවූ දිනයේ නිම්නාද ඇයට තිරපිටපත විස්තර කරන විට ඇය බලා සිටි ආකාරයද මේඝාට සිහි විය . එසේ නම් නිම්නාද හිතා මතාම මේ සියල්ල කලාද ? කෙසේ වුවත් මේ තරම් විශාල රැවටීමක් කෙසේ වත් දරා ගන්නට නොහැක. නිම්නාද තමා වෙත පෑවේ ආදරය නොවේද ? මේ නිවෙස තුළම ඔහු තමා හා බෙදා ගත්තේ ආදරය නොවේද ? කුඩා කල සිටම තමාට සිදු වූයේ ආදරය අහිමි වීමම පමණි. මෙය ඉදිරියටත් සිදුවනවාද ? මේඝා තමාගෙන්ම ඇසුවාය.
මතක ඇති කාලයක සිටම තමා සෙව්වේ ආදරය ය. නමුත් එය ලැබුනේ නැත. අම්මාද අක්කලාද කලේ මෙසේ බොරු චෝදනා කර තමාව රිදවීමය. හැඬවීමය. මෙය නතර විය යුතුය. නැත්නම් තමා විසින්ම නතර කල යුතුය.
ක්ෂණිකව ආ සිතුවිල්ලක් මත මේඝා නැගිට්ටාය. දෑතින්ම කඳුළු පිස දා ගත්තාය. බරැති හුස්මක් හෙලා දුරකථනය අතට ගෙන එහි ඇති නිම්නාදගේත් ඇගේත් ඡායාරූපයක් ලෙස තත්පර කිහිපයක් බලා සිට අනතුරුව තමා ආරාධනා නොලැබූ පොඩි අක්කාගේ විවාහය දින ගත් අම්මාගේත් අක්කලාගේත් ඡායාරූපයක්ද බැලුවාය. ඔවුන් සියල්ලෝම තමා නැති ලෝකයන් වල සතුටින්ය. ඉතින් තවත් කිසිවක් අවැසි නැත.
දුරකථනය පසෙකින් තැබූ මේඝා දිව ගියේ මුළුතැන්ගෙය දෙසටය. කබඩ් කිහිපයක් ඇර බැලූ ඇය සොයා ගත්තේ තමා ආදරයෙන් රැක බලා ගත් මල් පැල කෘමීන්ගෙන් ආරාක්ශා කර ගනු පිණිස ගෙන ආ බෙහෙත් කුප්පියය.
ධනුක මේඝා ඇමතුවේ උදෑසන ඇය කාර්යාලයට ගිය පසුව කුමක් සිදු වූවාදැයි දැනගැනීම පිණිසය. පැය කිහිපයක් තිස්සේ මේඝා දුරකථනයට පිළිතුරු දුන්නේ නැත. නිකිනිද කාර්යාලයේ හදිසි කටයුත්තක් සඳහා කොළඹින් පිට ගොස් සිටි නිසා ධනුක සිටියේ වැඩ අවසන් කර ගොස් මේඝාව මුණ ගැසීමේ බලාපොරොත්තුවෙනි. ගෙවීගෙන යන්නේ මාසයේ අවසාන දවස් කිහිපය නිසා රාත්‍රිය වනතුරු කාර්යාලයේ සිට අවසන් කළ යුතු වැඩ රාශියක් ඇත. කෙසේ හෝ නිවසට යාමට පෙර මේඝා මුණගැසීමට ධනුක සිතා ගත්තේ ඒ නිසාය.
ධනුක වට්සැප් ඔස්සේත් මේඝාට කෙටි පණිවිඩ කිහිපයක් යැවූවත් ඒ කිසිවකටත් මේඝාගෙන් පිළිතුරු තිබුණේ නැත. ධනුක නිකිනිට ඇමතුමක් ගත්තාය.
” නිකී..උඹ බිසීද ? ”
” නෑ. දැන් තමයි මීටින් එක ඉවර වුණේ. කොළඹ එන්න හදන්නේ. මොකෝ ? ”
ධනුක මොහොතක් නිහඬව සිටියේය.
” ධනුක ? ඇයි ? ”
නිකිනිට දැනුනේ අමුත්තකි.
” නෑ. මම මේඝාව contact කරගන්න ට්‍රයි කරා. බැරි උනා. ඔයාටවත් කතා කළාද කියලා අහන්න ගත්තේ. ”
” අනේ මම පැය පහක් හයක් මේ වැඩේට හිර වුණා. මට ඇත්තටම ඒකිට මැසේජ් එකක්වත් දාන්න බැරි වුණා ධනුක . අද මොනවා කර ගත්තද දන්නේ නැහැ ”
” හරී. බලමුකෝ. මම ආයේ සැරයක් කෝල් කරලා බලන්නම් ”
” කෝල් කරලා බලන්න නෙමෙයි. ගෙදරට ගිහින් බලන්න ”
” ඕකේ ”
ධනුක ඇමතුම අවසන් කර අනෙක් අතට නැවතත් මේඝාට ඇමතුමක් ගත්තේය. නමුත් මේඝාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත.ධනුක ඉක්මනින් වාහනයට නැගුනේ කුමක් හෝ දෙයක් සිදුවී ඇතැයි සිතට දැනුනු යම් ඉඟියක් නිසාය.
ධනුක මේඝාගේ නිවස දෙසට වාහනය ධාවනය කරන අතරතුර පවා වරින් වර ඇයට ඇමතුම් ගත්තත් ඒ එකකටවත් ප්‍රතිචාරයක් නොවුණු තැන ධනුක වාහනයේ වේගය වැඩි කළේය.
තවත් විනාඩි දහයක් ඇතුලත මේඝාගේ නිවස වෙත ළඟා වූ ධනුක හැකි ඉක්මනින් දිව ගියේ මේඝාගේ නිවසේ දල්වා තිබුනේ එකම එක විදුලි පහනක් පමණක් බව දුටු නිසාය.
දොර යන්තමින් හැර දමා තිබුනි.නමුත් කිසිදු හැල හොල්මනක් නැත. මුළු නිවස පුරාම තිබුණේ පාළු මූසල බවකි. ධනුක ” මේඝා ” යයි කෑ ගසමින් කාමරයට දිව ගියත් මේඝා එහි නැත. ධනුක ඊලඟට දිව ගියේ මුළුතැන්ගෙය දෙසටය.
” දෙයියනේ මේඝා ”
මේඝා සිටියේ මුළුතැන්ගෙයි බිම වැටීය. ඔහු මේඝාව අල්ලා සෙලෙව්වේය.ඇගෙන් ප්‍රතිචාරයක් නැත.ඒ සමඟම ධනුකගේ දෙපා සීතල වී ගියේ මේඝා අසලම වැටී තිබූ බෝතලය දුටු විටය.