ඔබේ ශරීරයේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති බව හැඟවෙන ලක්ශණ…

ජලය කියන්නේ ඔබේ ශරීරයේ සමස්ත ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. ඔබ දෛනිකව ඔබේ ජල අවශ්‍යතාවය නිසි ආකාරයෙන් සපුරා ගන්නේ නැත්නම් ඒ මගින් ඔබේ ශරීරයට විවිධ බලපෑම් ඇති වනවා. ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය නොලැබෙන බව එහෙමත් නැත්නම් ඔබේ ශරීරය විජලනයට ලක්වී ඇති බව හඳුනා ගන්නේ කොහොමද ? ඒ ගැනයි මේ ලිපිය.

හෘද ස්පන්දනය වේගවත් වීම 

ශරීරය හොඳින් සජලනය වී තිබීම ඔබේ හෘද ස්පන්දනයේ වේගයට සහ කාර්යක්ෂමතාවය කෙරෙහි බලපානවා.නමුත් ඔබ ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකරනවා නම් ප්ලාස්මා පරිමාව අඩු කරනවා. එමගින් රුධිර සංසරණය සහ හෘද ස්පන්දන වේගය වේගවත් කරනවා.

මුඛයේ දුර්ගන්ධය සහ වියලි බව 

ශරීරයේ ජල හිඟයක් ඇති අවස්ථාවක එය ප්‍රතිබැක්ටීරිය ගුණ ඇති කෙළ නිෂ්පාදනය උත්තේජනය කරනවා. බැක්ටීරියා වැඩි වීම නිසා මුඛයෙන් දුර්ගන්ධය හැමීම සහ මුඛය වියළි වීම සිදු වනවා. උගුරේ ඇති ශ්ලේෂ්මල පටල සජලනය කිරීම සඳහා ලිහිසි කාරකයක ක්‍රියාකාරීත්වය ජලයට ඇති බැවින් ජලය පානය නොකළ විට මේ ආකාරයෙන් මුඛය වියලීම සිදුවනවා.

සන්ධිවල සහ මාංශ පේශීන්වල වේදනාව 

ශරීරයේ ජලය නොමැතිකම අස්ථි අතර ඝර්ෂණය වැඩි කරනවා. එය සන්ධි වල වේදනාව ඇති වීමට හේතු වන අතර එය එසේ සිදු වන්නේ අපගේ සන්ධි සහ කාටිලේජ 80% පමණ ජලයෙන් සෑදී තිබීම නිසායි. ශරීරය නිසි ලෙස සජලනය වී තිබෙන විට අපගේ සන්ධි පහසුවෙන් හැසිරවිය හැකි අතර ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීමද පහසු වෙනවා.

හිසරදය සහ කරකැවිල්ල 

ඔබේ මොළය වටා ඇති දියර ප්‍රමාණය අඩුවීම සහ මොළයට ඔක්සිජන් සහ රුධිරය ගලා යාම විජලනය හේතුවෙන් අඩු වීම නිසා සහ කරකැවිල්ල වැනි තත්ත්වයන් ඇති විය හැකියි. 2010 වර්ෂයේ දී ස්නායු විද්‍යාව පිළිබඳව කරන ලද පරීක්ෂණයකදී විජලනය මගින් දරුණු හිසරදය සහ ඉරුවාරදය ඇතිවිය හැකි බවට ඔප්පු වී තිබෙනවා. 

මල බද්ධය සහ ආහාර දිරවීමේ ගැටලු 

ශරීරයේ සියලුම පටක වලට සහ සෛල වලට ජලය අත්‍යවශ්‍ය වනවා සේම ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට ද ජලය අත්‍යවශ්‍ය වනවා. ආහාර ජීර්ණය කිරීමට පහසුවීමට සහ ශරීරයේ ඇති විෂ අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමට ද නිසි ලෙස ජලය පානය කර තිබිය යුතු වන අතර එය එසේ නොවන විට මල බද්ධය සහ ආහාර දෙන වීමේ ගැටලු ඇති වීමේ ප්‍රවණතාවය වැඩිවනවා.

තෙහෙට්ටුව සහ උදාසීන බව 

ශරීරය නිසි ලෙස සජලනය වී තිබීම ඔබව අවදියෙන් සහ ජව සම්පන්නව තබා ගැනීමට උපකාර කරනවා. ඒ නිසා ශරීරය විජලනය වී තිබීම මගින් තෙහෙට්ටුව සහ උදාසීන බව දැනීම වැඩිවනවා. මොළයේ ජලය නොමැති වීම අඩු රුධිර පීඩනයට සහ ශරීරය පුරා ඔක්සිජන් ප්‍රමාණවත් ලෙස සැපයීම අඩු කිරීමට හේතු වනවා. මෙයින් ඔබට උදාසීන හැඟීම්, ඉක්මනින් වෙහෙසකර බවක් දැනීම සහ නිදි මත ඇතිවීම සිදුවනවා. මීට අමතරව ශරීරයේ ජලය නොමැතිවීම වලට සෛල වලට වැදගත් පෝෂ්‍ය පදාර්ථ ප්‍රවාහය කිරීම මන්දගාමී කරනවා. එවිට ශරීරය එය පවත්වා ගැනීම සඳහා අමතර උත්සාහයක් දරන අතර ඔබේ ශක්තිය වැය වී එයින් ඔබව ඉක්මනින් වෙහෙසට පත් කරනවා.

මුත්‍රා ගැටලු 

පැය කීපයකට වරක්වත් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඔබට නොදැනෙනවා නම් එමගින් කියවෙන්නේ ඔබේ ශරීරය විජලනයට ලක්වී ඇති බවයි. නිසි ලෙස සජලනය වූ ශරීරයේ දිනකට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය 4 – 7 වතාවක් පමණ වනවා. නමුත් ඔබ ප්‍රමාණවත් පරිදි මුත්‍රා නොකිරීම මගින් ඔබේ ශරීරය තුළ එක් රැස් වන විෂ ප්‍රමාණය වැඩි වෙනවා.

වියළි සම සහ වියළි දෙතොල්

ජලය මගින් ඔබේ සම පෝෂණය කරන අතර එහි නම්‍යශීලී භාවය රැක දෙනවා. ඔබේ ශරීරයේ විචලනය වී ඇත්නම් ඔබේ සම වියළි වන අතර ඔබේ දහඩිය දැමීමේ ප්‍රමාණයද අඩු වනවා. එමගින් ඔබේ සමේ ඇති අතිරික්ත තෙල් සහ අපිරිසිදු තෙල් ඉවත් කිරීම වළක්වනවා. ඔබේ සම තුළ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම අඩාල වීමද ශරීරය විජලනය වීම නිසා සිදුවන අතර සමේ රෝග , කුරුලෑ සහ දද ඇතිවීමටද හේතු වෙනවා. ඒ වගේම විජලනය නිසා දෙතොල් ඉරිතලීම සහ වියළීමට ලක් වීමද සිදු වෙනවා.

මෙවැනි තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීම සඳහා ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කළ යුතු වෙනවා. ඒ වගේම දෛනිකව ජලය බහුල එළවළු සහ පලතුරු පරිභෝජනය කිරීම මගින්ද විජලනය ඇති වීම වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා.

Related Articles

Don't Miss


Latest Articles