ආදරයත් විවාහයත් අතර ඇති බැඳීම – Irugapatru

විවාහය සහ ආදරය කියන්නෙ අපි හැමෝගෙම ජීවිතවල අන්තර්ගත වන ජීවිතයට, පැවැත්මට වැදගත් වන බැඳීමක් නේ. ආදරය කියන්නේ දෑසින් පෙනෙන දේවල් පමණක්ම නෙවෙයි, ආදරේ කියන්නෙ හදවතට දැනෙන අමුතුම වින්දනීය හැඟීමක්. විවාහ ජීවිතය කියන්නේ හරිම සරලයි කියලා කෙනෙක්ට හිතුණත් ඒක හැමතිස්සෙම එහෙම නෑ. විවාහය කියන්නෙ දෙන්නෙක් එකතුවෙලා යන චාරිකාවක්. ඉතින් ඒ චාරිකාව අතරතුරේ නොහිතන බාධක, ගැටලු වලට මුහුණ දෙන්න අපිට වෙනවා. ආදරයත් ඒ වගේ. ලේසි එකක් වගේ පෙනුනත්, ආදරය ඇතුලෙත් විවිධ අභියෝග සහ පරීක්ෂාවන් තියෙනවා.

විවාහය ඇතුලෙත් යහපත් සම්බන්ධතා පවත්වා ගන්න තියෙන අභියෝග සහ ගැටළු වඩා හොඳින් තේරුම් අරගෙන ඒව විසඳගෙන ඉදිරියට යන්න, දෙපැත්තේ අවබෝධය සහ සහයෝගය අවශ්‍ය කරනවා. ඉතින් මේ අපූරු චිත්‍රපටයෙන් ඔයාලට කියල දෙන්නෙ අන්න ඒ ගැන.

 Irugapatru (Hold Tight) කියන්නේ 2023 වසරේ එළි දැක්වුණු දමිල චිත්‍රපටයක්. මෙය ලියලා අධ්‍යක්ෂණය කරේ යුවරාජ් ධයාලන්. ප්‍රධාන නළු නිළියෝ වික්‍රම් ප්‍රභු, ශ්‍රද්ධා ශ්‍රීනාත්, විද්‍යාර්ත්, ශ්‍රී, අබර්නාති සහ සනියා අයප්පන්. චිත්‍රපටය 2023 ඔක්තෝබර් 6 දින නිකුත් වුණා, සහ විචාරකයින්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලබා ගත්තා.

චිත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නේ විවාහක යුවල තුනක් වටා. ඒ යුවල එකිනෙකට වෙනස් වයස් කාණ්ඩවල සහ ආර්ථික වටපිටාවකින් තමයි එන්නෙ. ඔවුන්ගේ ජීවිතේ තිබෙන අභියෝග සහ ගැටළු එයාලගෙ ඒ වෙනස් වෙනස් සමාජ, වයස් සහ ආර්තික කාණ්ඩවලට අදාළ ලෙස නිරූපණය කරලා තියෙනවා මේ චිත්‍රපටය ඇතුළේ.

මිත‍්‍රා මනෝහර් (ශ්‍රද්ධා ශ්‍රීනාත්) කියන්නේ විවාහ උපදේශිකාවක් සහ මනෝවිද්‍යාඥයෙක්. ඇගේ විවාහ ජීවිතය සතුටින් පිරී තියෙනව වගේම ඇය වෙනත් විවාහක යුවලවලට එයාලගෙ පවුල් ජීවිතේ තියෙන ගැටළු විසඳන්න උදව් කරනවා. අර්ජුන් (ශ්‍රී) සහ ඔහුගේ බිරිඳ දිව්‍යා (සනියා අයප්පන්) අතර ගැටළු පවතින නිසා තමයි එයා මේ මිත්‍රා කියන විවාහ උපදේශිකාව ළඟට යන්නෙ.අර්ජුන් සහ දිව්‍යා දෙන්නම රැකියා කරන Unhappy Couple එකක්. දිව්‍යා පිළිවෙලට ඉන්න කෙනෙක් නෙවෙයි හන්දා අර්ජුන් ටිකක් අවුලෙන් ඉන්නෙ. දිව්‍යා හරිම Concern Office එකේ වැඩ ගැන. හබැයි ගෙදරදි එයා Light එකක් දැම්මොත් ඒක ඕෆ් කරන්නෙ නෑ. තෙත තුවාය ඇඳ උඩ තියල යනවා. කබඩ් එක ඇරියම ඇඳුම් කකුල් දෙක ලඟ වැඳ වැටෙනවා. මේව හරිගස්සන්නෙ අර්ජුන්. ඒ නිසාම  එයා Insecure එයාගෙ පුරුෂ ආධිපත්‍ය ගැන. ඒ නිසාම අර්ජුන් උත්සහ කරනව දිව්‍යාගේ පොඩි වැරැද්දක් අල්ලගෙන උනත් ඒක මහ ලොකු දෙයක් වගේ හරිගස්සන්න.ඉතින් කතාවෙ අන්තිම හරිය වෙද්දි තමයි අර්ජුන් තේරුම් ගන්නෙ තමන්ගෙ සහ දිව්‍යගෙ විවාහ ජීවිතයේ ගැටලු ඇතිවෙන්න මේ තමන්ගෙ හැසිරීමත් හේතුවක් කියල. ඒ තේරුම් ගැනීම එක්ක තමයි අර්ජුන් දිව්‍යාගෙන් Second Chance එකක් ඉල්ලන්නෙ හැමදේම හොඳ විදියට හරිගස්සන්න.

මේ චිත්‍රපටයේ පෙන්වන දෙවන පවුල වෙන්නෙ රංගේෂ (විද්‍යාර්ත්) සහ පවිත්‍රා (අබර්නාති). රංගේශ් IT Industry එකේ වැඩ කරන්නෙ පවිත්‍රා ගෙදර බලාගෙන ඉන්න කෙනෙක්. රංගේශ් එයාගෙ රස්සාව ගැන හරිම Dissatisfied. ඒ තරහව එයා යවන්නෙ පවිත්‍රාගෙ පිටින්. රංගේශ් පවිත්‍රාගේ බර වැඩිවීම ගැන කනස්සල්ලෙන් ඉන්නවා වගේම එයා පවිත්‍රව හරියට Fat Shame කරනවා. එයා Daily Gym යනවා, එහෙම යද්දි ලස්සන, ඇඟ Maintain කරන කෙල්ලන්ව දකිද්දි රංගේශ්ට තව ඉරිසියයි. කොහොමහරි මේ කතා අහගෙන ඉන්න බැරිම තැන පවිත්‍රා Gym එකකට යනව බර අඩු කරන්න. කාලයක් යද්දි පවිත්‍රා ටික ටික තමන් ගැන Confident වෙනවා. ඒ Confidence එක පවිත්‍රාට මොන දේ කරත් එයා ඒ දේ කරන්න ඕන එයා වෙනුවෙන් මිසක් වෙන කෙනෙක් වෙනුවෙන් නෙවෙයි කියල තේරුම් කරවලා දෙනවා. කොහොමහරි මෙහෙම ඉද්දි රස්සාවෙ ප්‍රශ්නයක් වෙලා රංගේශ්ට Job එක නැතිවෙනවා.ඒ විදියට තමයි රංගේශ් මිත්‍රාව හොයාගෙන එන්නෙ. රංගේශ් මිත්‍රාට කියනව එයාගෙ වටේ ඉන්න හැමෝම, කොටින්ම පුංචි කාලෙ ඉඳල එයාගෙ තාත්තා පවා එයාව කොච්චර අධෛර්‍යමත් කරාද කියල එයා කැමති දෙයක් කරන එකෙන් සහ ඒ Dissatisfaction එක තවමත් එයාව අතෑරල ගිහින් නැහැ කියන එක.මිත්‍රා තමයි පවිත්‍රාට රංගේශ්ගෙ Dissatisfaction එකට හේතුව කියන්නෙ. රංගේශ්ව හොඳින්ම තේරුම් ගන්න පවිත්‍රා රංගේශ්ට උදව් කරනවා ජීවිතේ ඉස්සරහට යන්න.

ගුරුන්ටත් අකුරු වරදී කියල කතාවකුත් තියෙනවනේ. අන්න ඒ කතාව ඇත්තක් කරමින් තමයි හදිසියේම මිත‍්‍රාටත් ඇගේ සැමියා මනෝහර් (වික්‍රම් ප්‍රභු) එක්ක ගැටළු ඇති වෙන්නෙ. ඉතින් චිත්‍රපටයෙ ඉතිරි කොටසෙ තියෙන්නෙ හැමෝගෙම විවාහ වල ඇතිවන ගැටලු වලට උපදෙස් දුන්න මේ උපදේශකවරියට තමන්ගෙ විවාහයේ ගැටලු විසඳගන්න පුලුවන් වෙයිද කියන එක?

මොකද මේ මිත්‍රා කියන්නේ තමන්ගෙ Clients ලට පාවිච්චි කරන Techniques ගෙදරදිත් පාවිච්චි කරල “කිසිම ප්‍රශ්නයක් නැති, රණ්ඩු වෙන්න් නැති Perfect Family Life එකක් හදාගන්න” උත්සහ කරන කෙනෙක්.

ඒත් මිත්‍රාගෙ මේ Techniques අනිත් අයට වැඩ කරාට එයාට වැඩ කරාවිද? ඒ ගැන දැනගන්න නම් මේ Film එක බලන්නම ඕන.

ඉතින් ඇත්තටම මේක හරිම අපූරු චිත්‍රපටයක්. ඔයා ආදරයක, විවාහයක් ඉන්නවනම් මේ චිත්‍රපටය බලන්න කියල කියන්නම ඕන. අපි නොහිතන පුංචි දෙයක් උනත් අපේ බැඳීමේ තියෙන අපූර්වත්වයට, යහපත් බවට කොච්චර ලොකු බලපෑමක් ඇති කරනවද කියල මේ චිත්‍රපටයෙන් හරිම ලස්සනට කතා කරනවා.

මෙම වර්ගයේ චිත්‍රපටයක් ලිවීම ලේසි වැඩක් නෙවෙයි, හැබැයි යුවරාජ් ධයාලන් මෙම කාර්යය ඉතා හොඳින් කරල තියෙනව කියන එක චිත්‍රපටය බලාගෙන යද්දි ඔයාලට තේරෙවි. චිත්‍රපටය, සම්බන්ධතා ගැන සංවේදී පැවැසීමක් බව ගොඩක් අය තමන්ගෙ අදහස් ප්‍රකාශ කරල තියෙනවා.

තුන් දෙනෙක්ගෙ කතා තුනක් අරගෙන ආවට ඒ හැම කතාවකින්ම අපේ ජීවිතයට ගන්න දෙයක් තියෙනව කියල ඔයාලත් මේ චිත්‍රපටය බැලුවම තේරුම් ගනීවි. සම්බන්ධතා වලදි ඇතිවෙන ගැටළු අපිට පෙන්නලා, ඒවාට සාර්ථක විසඳුම් දක්වන මේ චිත්‍රපටය ඇත්තටම අපිට කියල දෙන්නෙ හරිම ලස්සන වැදගත් කතාවක්.

ශ්‍රද්ධා ශ්‍රීනාත්, වික්‍රම් ප්‍රභු, විද්‍යාර්ත්, ශ්‍රී, සනියා අයප්පන් සහ අබර්නාති, සියලු දෙනාගේ ඉතාමත් ස්වාභාවික රංගනයෙන් අලංකාර වෙලා තියෙන මේ ලස්සන චිත්‍රපටය Netflix ඔස්සේ අදම බලන්න කියල ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා!

Related Articles

Don't Miss


Latest Articles