ලෙමන් අඩංගු ජලය පානය කිරීමෙන් ඔබට ලැබෙන වාසි දහයක්

ජලය මඟින් අපේ සිරුරට ලැබෙන දේවල් බොහොමයි. ජලය සිරුරට අවශ්‍ය ලෙස ලබා ගැනීම ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දක්. ඒ වගේම ජලයට ලෙමන් එක් කර පානය කිරීමෙන් ඔබට තවත් ප්‍රතිලාභ ලැබෙන බව ඔබ දැන සිටියා ද?

බර අඩු කිරීම

ලෙමන් මගින් සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට සහ රුධිරයේ සීනි මට්ටම පාලනය කෙරෙනවා. ලෙමන් අඩංගු ජලය තුල අන්තර්ගත වන පෙක්ටීන් මඟින් ආහාර පාලනය කිරීමක් සිදු කෙරෙනවා.

ප‍්‍රතිශක්තීකරණය

ලෙමන් තුළ ඉහළ ප්‍රතිශක්තිකරණ ගුණයක් තිබෙනවා. ලෙමන් තුල අන්තර්ගත වන ප‍්‍රතිබැක්ටීරියාකාරක හා ප‍්‍රති වෛරස නිසා ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීමෙන් කැස්ස සහ සෙම්ප‍්‍රතිශ්‍යාව සුවකරගන්න පුලුවන්.

කුරුලෑ

ඔබට බොහෝ සිත් පීඩා දෙන කුරුලෑ සුව කරගන්නට උදෑසන ලෙමන් යුෂ පානය කිරීමෙන් හැකියාව ලැබෙනවා.

මළ බද්ධය පාලනය.

ලෙමන් යුෂ පානය කිරීම බහිශ‍්‍රාවීය ක‍්‍රියාවලියට උපකාර වෙනවා. ආහාර ජිර්ණය වේගවත් කරන අතර මල බද්ධය වැනි රෝග තත්වයන් සුවකර ගත හැකි වෙනවා.

වකුගඩු වල ගල් හා මුත්‍රාශ ගල් පාලනය

ලෙමන් තුල අන්තර්ගත වන පොටෑසියම් ප‍්‍රමාණය මගින් මුත‍්‍රාශයේ “citrates”ප‍්‍රමාණය වැඩිකර “oxalate” වලකා වකුගඩු වල ගල් සෑදීම පාලනය කරනු ලබනවා. ඒ වගේම ලෙමන් යුෂ පානය කිරීම මගින් මුත‍්‍රාශයේ ගල් ද පාලනය වෙනවා..

සන්ධි වේදනාව සහ ඉදිමුම

ලෙමන් පානය කිරීමෙන් මගින් සන්ධිවලින් යූරික් අම්ලය ඉවත් කර ගැනීම සදහා උපකාරයක් ලබා දෙනවා ආතරයිටිස් රෝගය වැළදුණු පුද්ගලයන්ට පවා ලෙමන් පානය ඉතා සුදුසුයි.

ආසාදනයන්

සමේ ආසාදන වලටත් ලෙමන් අඩංගු ජලය පානයෙන් ඉක්මන් සුවයක් ලැබෙනවා.

නිය සෞඛ්‍යය

ලෙමන් මගින් නිය සවිමත් කරන අතර ත නිය මත ඇති වන නියමල් ඇති වීම වළක්වනවා.

මාංශ පේශී වල රිදුම් සමනය කිරීම.

මස්පිඬු පෙරළීම හා තැලීම නිසා ඇතිවන වේදනාවන් වලට ද ලෙමන් අඩංගු ජලය පානයෙන් විශාල සහනයක් ලැබෙනවා.

ආහාර විෂවීම හා ඇල්කොහොල් ආසාදන.

ඇල්කොහොල් නිසා සිරුරට ඇති වන අපහසුතා අඩු කරන්නට ලෙමන් පානය යොදා ගත හැකියි. ආහාර විෂවීම හා ආසාදන නිසා සුව වෙමින් සිටින රෝගීන්ටද ලෙමන් පානයෙන් මනා සුවයක් ලැබෙනවා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles