ඔබටත් පහසුවෙන් Saloon නොයා ගෙදර ඉදන්ම දීප්තිමත්, පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්

කාන්තාවකගේ සුන්දරත්වයට නිරෝගි සමක් ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ කාන්තාවන් වැඩි අවධානයක් යොමු කරන්නේ මුහුණට පමණයි. නමුත් ඔබේ ශරිරයේ සෑම ස්ථානයකම සමේ පැහැය එක ලෙස පවත්වා ගෙන යාම සුන්දරත්වය ගැන හිතනවා නම් අනිවාර්ය වැදගත් අංගයක්. ඒ නිසා අපි ඔබට කියන මේ උපදෙස් පිළිපදින්න ඔබ උනන්දු උනොත් ඔබේ සමේ සෑම ස්ථානයක්ම පිරිසිදුව, පැහැපත්ව පවත්වා ගෙන යාමට ඔබට හැකි වේවි.

  • දිනපතා ජලය වැඩිපුර පානය කරන්න. අපි බොහෝ වෙලාවට කරන්නේ තිබහ ආවම වතුර බොන එකයි. නැතිනම් කෑම කාපුවාම විතරයි වතුර බොන්නේ. ඒත් ඔබ නොදන්නවා උනාට ජලය තමයි මේ ලෝකයේ වටිනාම ඖෂධය. ජලය නොමිලේ ලැබෙන නිසා වෙන්න ඇති මේ ස්වාභාවික ඖෂධය පිළිබදව අපි එතරම් අවධානයක් යොමු කරන්නේ නැත්තේ. ඒ නිසා අද ඉදලවත් හැකි සෑම විටම මතක් කරලම වැඩිපුර ජලය පානය කරන්න. ජලය ශරීරයට එකතු වනවාත් සමගම ඔබේ සමේ වියළි ගතිය ඉක්මනින් නැති වෙලා සම දීප්තිමත් වෙන්න පටන් ගනීවි.
  • උදෑසන අවදි වූ විගසමත් වතුර වීදුරුවක් බොන්න මතක තබා ගන්න. අපි මේක වෙනම කාරණයක් විදිහට සඳහන් කලෙත් මේ කාරණය විශාල වැදගත්කමකින් යුතු නිසාමයි. උදෑසන වතුර වීදුරුවක් බීම තුලින් ඔබේ සම විතරක් නොවේ ඔබේ මුළු ශරීරයම නිරෝගි වෙනවා. ඔබේ පරිවෘත්තිය ක‍්‍රියාවන් ක‍්‍රමවත් කිරීමටත් ශරිරයේ විස රසායනයන් ඉවත් කරලා ඔබේ ශරීරයට මෙන්ම සමටත් නැවුම් බවක් එක් කිරීමට එය ඉතාමත් වැදගත්.
  • සමේ පෝෂණයට වැදගත් වන විටමින් A B E K හැකිතාක් ස්වාභාවික ක‍්‍රම මගින් ශරීරයට එක් කරගන්න. විශේෂයෙන්ම මෙම විටමින් අඩංගු ආහාර ඔබේ ආහාර වේලට එක් කර ගැනීම තුලින් නිරෝගිමත් දීප්තිමත් සමක් මෙන්ම නියපොතු හා හිසකෙස්ද නීරෝගිමත්ව පවත්වා ගෙන යාමට හැකි වේවි. (ඉදිරියේදි මෙම විටමින් අඩංගු ආහාර පිළිබදව අපි ඔබව දැනුවත් කරනවා).
  • සෑම දිනකම ස්නානය ඉතාමත් වැදගත්. සමේ පැහැපත් බව සඳහා සම පිරිසිදුව පවත්වා ගෙන යාම ඉතා වැදගත්. ඒ සඳහා නිතර ස්නානය ඉතා වැදගත් වන අතරම ස්නානය කරන විට කපු රෙදි කැබැල්ලක් ගෙන ඔබේ බෙල්ල පිටුපස අත්යට වැනි ශරීරයේ සම අවපැහැ ගැන්වී ඇති ස්ථාන සියුම්ව අතුල්ලන්න. බොහෝ ශරීරයේ ස්ථාන අවපැහැ ගැන්වෙන්නේ මැරුණු ෙසෙල ඉවත් නොවී තිබිම නිසා. මෙසේ එම ස්ථාන පිරිසිදු කිරිම තුලින් ඔබේ සම එක සමාන පැහැපත් බවකින් පවත්වා ගෙන යාමට හැකිවේ.
  • නිතරම ශරීරයට සෞම්‍ය සබන් වර්ගයක් හෝ Shower gel එකක් භාවිත කිරීම තුලින් සම වේලීම වලක්වා ගන්න පුළුවන්.
  • ඔබේ හිසේ සමත් පිරිසිදුව පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. උළුහාල්, දෙහි, ගොඩපර වැනි ස්වාභාවික විශබීජ නාශක වර්ග ජලය සමග එක්කර මැටි මුට්ටියක දමා තම්බා ගෙන ස්නානය කරන අවස්ථාවේදී එය හිසේ ආලේප කරන්න. එවිට ඔබේ හිසේ සම නිරෝගි වේවි. සතියට දෙවරක්වත් මෙම මිශ‍්‍රණය හිසේ ආලේප කර මද වේලාවක් සිට නෑම තුළින් ඔබේ හිසේ ඇති ආසාදන තත්වයන් (හිස්සොරි) පහ වී ගොස් නිරෝගි බවක් ඔබට ලැබේවි.
  • බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන අංශයක් තමයි ඔබේ දෙපා කියන්නේ. නමුත් ඔබ මුලින් හඳුනාගන්නා ඕනෑම අයෙක් ඔබේ දෙපා දෙස බලා ඔබ පිළිබඳ තක්සේරුවක් ඇති කර ගන්නා බව නොදන්නවා විය හැකිය. ඒ නිසාම දෙපා ආශ‍්‍රිත සම පිරිසිදුව, පැහැපත්ව තබා ගැනීම කාන්තාවකට ඉතාමත් වැදගත්. ඔබ කුමන ආකාරයේ පාවහන් පැලදුවත් ඔබේ දෙපා ආශ‍්‍රිත සම අවපැහැ වෙලා, වියළි ගොස්, පැලිලා නම් එය එතරම් ලස්සනට නොපෙනේවි. ඒ නිසා රාත‍්‍රී නින්දට ප‍්‍රථම හොඳින් කකුල පිරිසිදු කර දෙපයට පදසිඑමරසිැර ක‍්‍රීම් වර්ගයක් ආලේප කරන්න මතක තබා ගන්න.

මේ සරල උපක‍්‍රම අදම අනුගමනය කරන්න පටන් ගත්තොත් වැඩිකල් නොගෙනම ඔබට පැහැපත් දීප්තිමත් සමක් ලබා ගන්න හැකි වේවි.

– ගඟුලි –

Related Articles

Don't Miss


Latest Articles