අත ලෙව කන්න නම් මී කඩන්න ඕනද?

0
383

අත ලෙව කන්න නම් මී කඩන්න ඕනදමෙය අප අතර ප්‍රසිද්ධ කියමනක්කිසියම් දෙයක් කරද්දී එහි වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනීම කලයුතු බවයි මින් කියවෙන්නේගෘහණියගෙන් ඔබ්බට කිසියම් ව්‍යාපාරයක්රැකියාවක් ඔස්සේ ජිවිතයේ දිගු දුරක් ගමන් කිරීම දක්ෂ කාන්තාවකගේ අභිප්‍රායඉතින් ස්වයං රැකියාවක්එහෙම නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබටත් ඔබ යොදවන ශක්ති ප්‍රමාණයට උපරිමව ප්‍රතිපල ලබා ගැනීමයි අවශ්‍ය වන්නේඒ නිසාම ඒ පිළිබඳව කතා කරන්නට අප සිතුවා.

ඔබ ස්වයං රැකියාවක් තෝරාගැනීමේදී එහි යායුතු දුරඒ පිළිබඳව කිසියම් විමසා බැලීමක් අනිවාර්යයෙන්ම කළ යුතුම වනවානැත්නම් හතු පිපෙන්නා සේ පිපී ඉක්මනින්ම අතුරුදහන් වන ව්‍යාපාරයක අසාර්ථක නියමුවෙක් වන්නටයි ඔබට සිදුවන්නේ.

පනින්න පෙර සිතා බලමු..

  1. ඔබ තෝරාගත් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ඔබට යාහැකි දුර කොපමණද ?
  2. ඉන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ?
  3. එය ප්‍රායෝගික ව්‍යාපාරික අදහසක්ද ?
  4. එයින් කොපමණ ලාභයක් කොපමණ කාලයකින් ඉපයිය හැකිද ?
  5. ඒ සඳහා ඔබ ආයෝජනය කළයුතු ප්‍රාග්ධනය කොපමණද ?
  6. එවැනි ආයෝජනයකට ඔබට හැකියාව තිබේද ?
  7. ඔබේ නිෂ්පාදනය හෝ සේවාව පාරිභෝගිකයන් වෙත අළෙවි කළ හැක්කේ කෙසේද ?
  8. ඒ සඳහා අනෙකුත් ව්‍යාපාරිකයන් භාවිතා කරන වෙළඳ උපක්‍රම මොනවාද?
  9. ඔවුනට වැරදුණු තැන් හරිගිය තැන් මොනවාද?
  10. අදාළ නිෂ්පාදනයට ඇති තරඟකාරීත්වය කෙසේද ?

හරියටම වැඩ කරන සැලැස්මක්..

  • ව්‍යාපාරය ආරම්භ කරන කාලය
  • එය ආරම්භකරන ස්ථානය
  • ඒ සඳහා යොදවනු ලබන ප්‍රාග්ධනය
  • ආවරණය කරනුලබන ප්‍රදේශය
  • භව්තික සම්පත් /යටිතල පහසුකම් /යොදවන ශ්‍රමිකයින් ගණන

ඉතින් මෙන්න මේ විදියට නිසි සැලසුමකින් වැඩ කළහොත් අත ලෙවකන්නට වෙන්නේ නම් නැති බවට ඔබටම සහතික වේවි .

– ඉරේෂා –

Smart Relationship

සැමියාගේ ආදරය නොලැබීම නිසා වේදනාවට පත් බිරිඳක්.

Smart Relationship

සැමියාගේ ආදරය අඩු වූ නිසා අනියම් සබඳතාවයක් අරඹා ගැටලුවකට මැදිවූ බිරිඳ.

Smart Cooking

පාන්, ඉඳි ආප්ප කන්න වෙනස් රසකට බිත්තර කරි හදමු.

Lifestyle

බෙල්ල පිටුපස කුදු ස්වභාවය හෙවත් back neck hump නැති කරන ව්‍යායාම.

Film

කාන්තාවක් කියන්නේ නිවසේ මෙහෙකාරිය නෙවෙයි – The Great Indian Kitchen

Lifestyle

කොයිතරම් ඩයට් කරලත් බර අඩු වෙන්නෙ නැත්තේ මේ හේතු නිසයි

Smart Relationship

පුතාගේ ලිංගික ජීවිතයට පවා බාධා කල මවගේ අධික ආදරය හා බැඳීම.

Health

එල්ලා නොවැටුණු තරුණ පෙනුමැති මුහුණක් ලබා දෙන Face yoga exercises.

Lifestyle

ඇත්තටම බර අඩු වෙන්නේ දිවීමෙන් ද ඇවිදීමෙන් ද?