පෙම් කල වරදට ජීවිතය උදුරාගත්‍ සැමියා 

කවුද මේ Mitesh Patel ? 

මිටේෂ් පටෙල් කියන නම ඔබට හුරු නොවුණත් ඔහු විසින් සිදු කරපු අමානුෂික මිනීමැරුමක් නිසා ඔහු අපරාධ සිදුවීම් අධ්‍යනය කරන්නන් අතර නම් බොහොම කතා බහට ලක් වුණ අයෙක්. මිටේෂ්  ඔහුගේ බිරිඳ  වුණ  ජෙසිකා එක්ක  මිඩ්ල්ස්බරෝ වල ජීවත් වුම  හිටපු ඖෂධවේදියෙක්. ඊට අමතරව මිටේෂ් හොඳ අධ්‍යාපන පසුබිමක් තිබුණ  ව්‍යාපාරිකයෙක්..

මිටේෂ් සහ ජෙසිකා  කුඩා කාලයේ මුණගැහිලා,  එකට සෙල්ලම් කරන්නටත් හුරු වෙලා උන්න හොඳම යාලුවෝ. ඔවුන් දෙදෙනාගේම පවුල් වල අය පවා සමීප හිතවතුන් බවට පත් වුනේ මේ දෙන්නාගේ යාලුකම එක්ක. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔවුන් දෙන්නාම  ලෙස්ටර් හි ඩි මොන්ට්ෆෝර්ට් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන්නත් සුදුසුකම් ලබන්නේ තරුණ වියට එලැඹුනාට පස්සේත් දෙන්නාගේ මුණගැසීම් වලට ඉඩ තියලා. අවුරුද්දක් විතර ගත වුනාම මිටේෂ් ජෙසිකාට කියනවා තමා ඇයට ආදරය කරන බව. ඒ වෙද්දීත් මිටේෂ් ගේ ලෝකයට ඇතුළු වෙන්න හීන දකිමින් උන්න ජෙසිකා මිටේෂ් ගේ  යෝජනාව ඉතාම ආදරයෙන් පිළිගන්නවා. 

හොර රහසේ හමුවීම් 

ජෙසිකාත් තමාට ආදරය කරන බව දැනගන්න මිටේෂ් ජෙසිකා එක්ක නව ජීවිතයක් වෙනුවෙන් අඩිය තියනවා.  කුඩා කල මිතුරා තම පෙම්වතා වීම ගැන, ජෙසිකා ඉන්නේ ඉතාම උද්දාමයෙන්. ඒ කොහොම වුනත් ජෙසිකාගේ හිත රිදෙන තැනක් තියෙනවා.

” අපි අද මුණ ගැහෙමු ..?”

“හරි ….ජෙසිකා.. අපි මුණ ගැහෙමු..”

“එහෙනම් අපි අද පබ්ලික් ෆෙස්ටිවල් යමු …?”

“අද බෑ.. අපි වෙන දවසක යමු. අපි අද අර එදා ගියපු රෙස්ටෝරන්ට් එකටම යමු…”

මිටේෂ් නිතරම උත්සාහ කරන්නේ ඒ විදියට හැංගුණ සම්බන්ධතාවයක් නඩත්තු කරන්න.  ජෙසිකාට කොයි තරම් උවමනා වුනත් දෙදෙනාගේ මුණ ගැසීම්  කාලයක් යන තුරුම සිද්ද වෙන්නේ හොර රහසේ. 

ඒ කොහොම වුනත් ජෙසිකා මිටේෂ් ආදරය කරන එක්ද් නැවතෙන්නේ නැහැ.

අතැඟිලි වලින් බැඳෙන මරණය

2006 අවුරුද්දේදී  ජෙසිකා සහ  මිටේෂ් මැන්චෙස්ටර් ෆාමසි එකක එකට කටයුතු කරන්න සහ ඉගෙනගන්න පටන් ගන්න පටන් ගන්නවා. මේ වෙනකොට දෙන්නාගේ සම්බන්ධතාවය කල එළි බහින එක මිටේෂ් ටත් නවත්තගන්න පිළිවන් වෙන්නේ නැහැ. ඊට පස්සේ 2009 දී ජෙසිකා මිටේෂ් එක්ක විවාහ වෙනවා. 

ජෙසිකා මිටේෂ් එක්ක විවාහ වෙන්නේ කොයි තරම් බලාපොරොත්තු තියාගෙන වුනත්, ටික දවසක් යනකොට ජෙසිකාට වැටහෙනවා තමන් ගත්ත තීරණය නිවැරැදි නැති බව. ඒත් ජෙසිකා ගේ හිතේ මිටේෂ් ගැන තියෙන ආදරේ නිසා ඒ සිතුවිලි වලට උඩ මතුවෙන්ම ජෙසිකා ඉඩ දෙන්නේ නැහැ. 

ඉවසාගන්න නොහැකි තැන්

කල් යනකොට ජෙසිකා ට මිටේෂ් ගේ වෙනස්කම් දරාගන්න නොහැකි වෙනවා. ඔහු ඇය සමඟ නිදන කාමරය බෙදා ගන්නවත්  කැමති නොවෙන තැනටම ඇයව පීඩනයකට පත් කරනවා. ජෙසිකා දිගින් දිගටම ඒ ගැන ප්‍රශ්න කරන්න ගන්නවා. ඇය ඇගේ ජීවිතය ගැන මිටේෂ් ට වටිනාකමක් නැතිදැයි විමසමින් දවස තිස්සේම හඬා වැලපෙනවා. 

ඒත් මිටේෂ් ඒ කිසිම දෙයක් වගකට ගන්නේ නැහැ. ඒ වෙනුවට ජෙසිකාට සිද්ද වෙන්නේ මිටේෂ් ගේ ශාරීරික වද හිංසා වලට ගොදුරු වෙන්න. ඔහු ඇයව බැඳලා දාලා පවා පහර දෙනවා. ඒත් ඒ කිසිම දවසක ඇයට ප්‍රශ්න කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ

ශාරීරික සහ මානසික වදයේ ප්‍රතිඵල

ප්‍ර්‍රේමය වෙනුවට වදහිංසා ලැබෙන ජීවිතයේ ප්‍රතිපලයක් විදියට ජෙසිකා විශාදය රෝගයට ලක් වෙනවා. ඇයට ඇගේ මානසික අසමතුලිත භාවය වැටහෙනකොටම ඇය වහාම ඒ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් පතනවා. ඒත් ඇය කිසිම වෙලාවක ඇය මිටේෂ් ගේ ගෘහස්ත හින්සනයට ගොදුරු වෙලා බව කිසිම කෙනෙක්ට කියන්නේ නැහැ.  

මේ අතරවාරයේ ඇය දරුවෙකු හදන්න මිටේෂ් එක්ක එකට ඉන්නත්  උත්සාහ කරනවා.  මිටේෂ් අතැම් වෙලාවල ඇයට ඒ වෙනුවෙන් ඉඩ දුන්නත් කාලයක් යනකල්ම ඇය ගැබ් ගන්නේ නැහැ.

” උඹට ළමයි හදන්න බැහැ…”

මිටේෂ් ඇයව මානසිකවත් පීඩනයට ලක් කරනවා. 

හෙළිදරව් වූ සත්‍ය 

ජෙසිකා ගෙවන දුක්ඛිත ජීවිතය ගැන දැනගන්න ජෙසිකා ගේ සහ මිටේෂ් ගේ පවුල් වල අය මිටේෂ් ගෙවන ජීවිතය ගැන හොයන්න ගන්නවා. ඒ අතරවාරයේ ඔවුන් දැනගන්නවා මිටේෂ් කියන්නේ සමලිංගික නැඹුරුවක් ඇති අයෙකු බව. ඔහුට දීර්ඝකාලීන ඕස්ට්‍රේලියානු පෙම්වතෙක් ඉන්න බවත් අනාවරණය කරගන්නවා. ජෙසිකාට හැමදේම වැටහෙන්නෙ ඉන් පස්සේ. ඒ 2018 අවුරුද්ද. අවුරුදු නවයක් තිස්සේ තමා විවාහයක් කියලා රැවටුණ තැන ගැන ඇය ඉතාම කම්පනයට පත්වෙනවා. ඇය මිටේෂ් ගෙන් අඬ අඬා ඇයව ඒ තරමින් රවට්ටන්න හේතු විමසනවා. ඒ හැම  වෙලාවකමත් ඇයට ලැබෙන්නේ ගුටි බැට විතරයි.

ගිණිගත් ප්‍රේමය 

එක දවසක් ජෙසිකා මිටේෂ් ව දිගින් දිගටම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඊට පහුවෙනිදා  මිතේෂ් තම බිරිඳට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ඇයව සදහටම නිහඬ කරන අරමුණින්.  මැයි 14 සවස මිඩ්ල්ස්බ්‍රෝ හි ලින්තෝර්ප් හි ඇවනියු හි පිහිටි ඔවුන්ගේ නිවසේදී ඇයව ගෙල සිර කර මරා දමන්නේ දුබල වෙලා ඉන්න ඇයට ජීවිතය වෙනුවෙන් සටන් කරන්නවත් ඉඩක් දෙන්නේ නැතුව. වසර ගානක් තිස්සේ ඔහුගේ පහරකෑම් වලින් හෙම්බත් වෙලා උන්න ජෙසිකා ඉතාම දුක්බර විදියට තමන් ප්‍රේම කරපු මිනිසාගේ දෑස් දිහා බලාගෙනම අවසන් හුස්ම හෙලනවා.

පෙම්වතා සමඟ සැලසුම් 

මිතේෂ් පටෙල්  ව වරදකාරයා කරන්නට සූදානමින් ජෙසිකාගේ දෙමාපියන් නඩු කියන්න පටන් ගන්නවා. ඝාතන නඩුවෙදි හෙළිදරව් වෙන්නේ ඉතාම ඛේදනීය කතන්දරක්. 

වසර ගණනාවක් බලහත්කාරකම් එක්ක   ගෘහස්ථ හිංසනය ට යටත් කරගෙන  තම බිරිඳ ජෙසිකා හිරිහැර කර්ස්මින් , අපයෝජනය කරමින් සහ බොරු කියමින් උන් බව ඔහු පිළිගන්නවා.

තමන්ගේ   පෙම්වතා සමඟ ඕස්ට්‍රේලියාවේ නව ජීවිතයක් ආරම්භ කිරීමට සියල්ල සැලසුම් කර තිබූ බව ඔහු කියනවා. බිරිඳ ට අයත් වෙලා තිබුණු  පවුම් මිලියන 2ක ජීවිත රක්‍ෂණය ලබාගෙන තමන්ගේ පෙම්වතා සමඟ සතුටින් ජීවත් වෙන්න  තම බිරිඳ ඝාතනය කිරීමට මාස ගණනාවක් සැලසුම් කර ඇති බව නඩුවේදී හෙළිදරව් වෙනවා.  

තමන්ගේ 34 වියැති බිරිඳගේ හුස්ම ටෙස්කෝ බෑගයකින් හිර කරලා අධික ඉන්සියුලින් මාත්‍රාවක් ඇයට එන්නත් කරලා මරලා දාපු බව ඔහු පිළිගන්නවා.

කුඩා කාලයේ පටන් දන්නා මිටේෂ් ව ආදරයෙන් ජීවිතය ට ලං කරගත්තාට අහිංසක ජෙසිකා ට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ද වෙනවා. 

| අපේක්ෂා ගුණරත්න | 

Related Articles

Don't Miss


Latest Articles