ලිංගික එක්වීමකින් ලැබෙන විස්මිත ප්‍රතිලාභ

ලිංගික එක්වීමකින් ඔයාට ලැබෙන වාසි ගැන ඔයා දැනුවත් ද? සුරතාන්තයකට එහා ගිය ගොඩක් ප්‍රතිලාභ ලිංගික එක්වීමකින් ඔයාට ලබා ගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ලිංගික එක්වීමකින් ඔයාට ලැබෙන ඒ වගේ වාසි කිහිපයක් ගැනයි. 

1. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෞඛ්‍යමත් බව තහවුරු කරයි.

ලිංගික සෞඛ්‍ය විශේෂඥවරියක වන ඉවෝන් කේ. ෆුල්බ්‍රයිට් පවසන්නේ ලිංගිකව ක්‍රියාශීලී පුද්ගලයන්ට අසනීප දින ගණන අඩු බවයි. පෙන්සිල්වේනියාවේ විල්ක්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ අඩු වාර ගණනක් ලිංගිකව එක්වන සිසුන්ට සාපේක්ෂව සතියකට වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වන විද්‍යාල සිසුන්ට යම් ප්‍රතිදේහයක් ඉහළ මට්ටමක පවතින බවයි. 

2. ලිබිඩෝව ඉහළ දමයි.

ඔයා වඩාත් සජීවී ලිංගික ජීවිතයක් සඳහා ආශාවෙන් ඉන්නවාද? නිතර ලිංගිකව හැසිරීමෙන් ඔයාගේ ලිංගික ආශාව යහපත් වන අතර ඔයාගෙ ලිබිඩෝ ප්‍රමාණය වැඩි දියුණු වෙනවා. MD ලෝරන් ස්ට්රයිචර් පවසනවා. ඇය චිකාගෝ හි නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ ෆයින්බර්ග් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ සහකාර සායනික මහාචාර්යවරියකි. කාන්තාවන් සඳහා, ලිංගිකව හැසිරීම, යෝනි මාර්ගය ලිහිසි කිරීම, රුධිර ප්‍රවාහය සහ ප්‍රත්‍යස්ථතාව ඉහළ නංවන අතර, ඇය පවසන පරිදි, ලිංගිකත්වය වඩාත් හොඳ හැඟීමක් ඇති කරවන අතර ඔබට එය වැඩිපුර ආශා කිරීමට උපකාර කරයි. 

3. කාන්තාවන්ගේ මුත්‍රාශය ආශ්‍රිත සෞඛ්‍යය වැඩි දියුණු කරයි

මුත්‍රාශය ආශ්‍රිත අපහසුතා වළක්වා ගැනීම සඳහා ශක්තිමත් ශ්‍රෝණි තට්ටුවක් වැදගත් වෙනවා.

ඔයාට හොඳ ලිංගික එක්වීමක් තියනවා නම් ඔයාගෙ ශ්‍රෝණි තට්ටුවේ මාංශ පේශි සඳහා ව්‍යායාමයක් විදියට මේ ලිංගික එක්වීම් ක්‍රියාත්මක වෙනවා.  ඔයා සුරතාන්තයට පත් වූ විට, එම මාංශ පේශිවල හැකිලීමක් ඇති කර එමඟින් ඒවා ශක්තිමත් කරවනවා. 

4.  රුධිර පීඩනය අඩු කරයි

පර්යේෂණ මගින් ලිංගික එක්විම් සහ රුධිර පීඩනය අඩු වීම අතර සම්බන්ධයක් යෝජනා කරන බව ජෝසප් ජේ. පින්සෝන්, MD පවසයි. ඔහු Amai Wellness හි ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය අධ්‍යක්ෂවරයා වේ. මේ සඳහා ඔහු බොහෝ අධ්‍යන සිදු කර ඇත. එක් වැදගත් අධ්‍යයනයකින් හෙළි වූයේ ලිංගික සංසර්ගය විශේෂයෙන් ( ස්වයං වින්දනය නොවේ ) රුධිර පීඩනය අඩු කරන බවයි. ඉතින් ඔයාගෙ රුධිර පීඩනය අඩු කරන්නත් ලිංගික එක්වීම් උදව් වෙනවා. 

5. ලිංගික එක්වීම් ව්‍යායාම ලෙස ගණන් ගණන් ගැනේ

“ලිංගික එක්වීම් යනු ඇත්තෙන්ම විශිෂ්ට ව්‍යායාමයකි.” පින්සෝන් පවසයි. එය ට්‍රෙඩ්මිල්වලට සමාන නැති බව ඇත්ත. ඒත් එය සාමාන්‍ය ව්‍යායාමයක් ලෙස ගණන් ගන්නා බව ඔහු පවසනවා. 

ලිංගික එක්වීමකදී, විනාඩියකට කැලරි පහක් පමණ දහනය කරයි.රූපවාහිනිය නැරඹීමට වඩා කැලරි හතරක් වැඩි පුර දහනය කරයි. මේ ලිංගික එක්වීම් ඔයාගේ හෘද ස්පන්දන වේගය වැඩි කරන අතර ම විවිධ මාංශ පේශි භාවිතා කර ව්‍යායාමයකදි සේම ප්‍රතිලාභ ලබා දෙන්නට සමත් වෙනවා. ඒ නිසා  කාර්යබහුල වෙන්න! නිතිපතා ඒ සඳහා කාලය ගත කිරීම සඳහා ඔයාගෙ කාලසටහන සකස් කරගන්න. 

 06. හෘදයාබාධ අවදානම අඩු කරයි

හොඳ ලිංගික ජීවිතයක් තියනවා නම් ඔයාගේ හදවතට හොඳයි . ඔයාගෙ හෘද ස්පන්දන වේගය වැඩි කිරීමට හොඳ ක්‍රමයක් වීමට අමතරව,  ඔයාගේ ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් සමතුලිතව තබා ගැනීමටත් මෙය උපකාරී වෙනවා.

එක් අධ්‍යයනයක ප්‍රතිඵලවලට අනුව, අවම වශයෙන් සතියකට දෙවරක් ලිංගිකව එක්වන පිරිමින් කලාතුරකින් ලිංගිකව එක්වන පිරිමින්ට වඩා හෘද රෝගවලින් මියයාමේ සම්භාවිතාව අඩක් වූ බව කියවෙනවා. 

07. සුව නින්දක් ලබා ගැනීමට උපකාරී වේ. 

ලිංගික සංසර්ගයෙන් පස්සෙ ඔයාගෙ ශරීරය prolactin හෝමෝනය මුදා හරිනවා. මේ ප්‍රොලැක්ටීන්  ලිහිල් කිරීම සහ නිදිමත  සඳහා බලපාන හෝමෝනයක්”, Sheenie Ambardar, MD පවසනවා. ඇය කැලිෆෝනියාවේ බටහිර හොලිවුඩයේ මනෝචිකිත්සකවරියකි. 

ඉතින් ඔන්න ලිංගික එක්වීමකදී ඔයාට ලැබෙන මේ විස්මිත ප්‍රතිලාභ ලබා ගන්න ඔයාටත් දැන් පුළුවන්. උත්සහ කරලා බලන්න. ප්‍රතිඵල අනිවාර්යයෙන් අපිටත් ලියන්න. 

Related Articles

Don't Miss


Latest Articles