හිසකෙස් වවර්ධනය සඳහා කෝමාරිකා යොදාගන්නෙ කොහොමද?

කෝමාරිකා කියන්නේ බොහොමයක් රූපලාවණ්‍ය කටයුතු සඳහා යොදා ගන්නා ස්වාභාවික අමුද්‍රව්‍යයක්. සුව කිරීමේ ගුණය අඩංගු වන කෝමාරිකා වල අත්‍යවශ්‍ය ප්‍රෝටීන , ඇමයිනෝ අම්ල , ප්‍රතිඔක්සිකාරක , ඛනිජ ලවන සහ විටමින් රාශියක් අඩංගු වෙනවා.ඉතින් මේ විශිෂ්ට අමුද්‍රව්‍ය ඔබේ හිස කෙස්වල සෞඛ්‍ය වැඩි දියුණු කර ගැනීම සඳහා සහ හිසකිස් වේගයෙන් වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ආකාරයයි අද අපි කතා කරන්නේ.

හිස කෙස් වලට කෝමාරිකා වලින් ලැබෙන ප්‍රතිලාභ මොනවද ?

හිස් කබල කැසීම සඳහා ප්‍රතිකාර කරයි 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හිස් කබල කැසීම සඳහා පිළියමක් ලෙස කෝමාරිකා භාවිතා කිරීම නිර්දේශ කරනවා. බොහෝ වේලාවට හිස් කබල කැසීමට හේතුවක් ලෙස හිස්කබලේ ඇති අධික වියළි බව හේතු වන නිසා එම වියළි බව නැති කිරීමට සහ හිස්කබලේ ඇතිවිය හැකි වෙනත් දද සහ කුශ්ට සමනය කිරීමට කෝමාරිකා වලට හැකියාව තියෙනවා. 

හිස කෙස් ගැඹුරින් පිරිසිදු කරයි 

කෝමාරිකා වල saponin නැමති සංඝටකය අඩංගු වනවා. Saponin යනු හිසකෙස් වල ස්වාභාවික තෙල් නිෂ්පාදනය ගොඩනැගීමට උපකාර වන ඵලදායී පිරිසිදු කිරීමේ කාරකයකි. කෝමාරිකා වල මොයිස්චරයිසින් ගුණ ඇති අතර, එය හිසකෙස් වියළීමකින් තොරව පිරිසිදු කරනවා. ඒ වගේම හිසකෙස් මෘදු, දිලිසෙන සහ නිරෝගී කරවනවා. 

හිසකෙස් ශක්තිමත් කිරීම සහ අලුත්වැඩියා කිරීම කරයි

කෝමාරිකා විටමින් A ,B ,C සහ E  , ප්‍රතිඔක්සිකාරක , ඛනිජ ලවන , වලින් පොහොසත් වන අතර මෙවැනි පෝෂ්‍ය පදාර්ථ නිරෝගී හිස කෙස් වර්ධනයට අත්‍යවශ්‍ය වනවා.ඒ වගේම හානියට පත් හිස කෙස් අලුත් වැඩියා කරනවා.කෝමාරිකා වල අඩංගු වන සජලනය කිරීමේ ගුණය හිසකෙස් නීරෝගීව තබා ගැනීමටත් හිසකෙස් ශක්තිමත් කිරීමටත් උපකාරී වනවා

හිස කෙස් වර්ධනය ප්‍රවර්ධනය කරයි

කෝමාරිකා මගින් රෝම කූප උත්තේජනය කරන රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර  එමගින් හිස කෙස් වර්ධනය ප්‍රවර්ධනය කරනවා. කෝමාරිකා වල අඩංගු වන මොයිස්චරයිසින් ගුණය මගින් හිස කෙස් මුල් ආරක්ෂා කරන අතර හිසකෙස් කැඩී යාම වළක්වනවා.

හිරු කිරණින් හිස කෙස් ආරක්ෂා කරයි 

අධික හිරු එළියට හිස කෙස් නිරාවරණය වීම මගින් හිස කෙස් වල ඇති ප්‍රෝටීන් වලට හානි වන අතර එමගින් හිස කෙස් වල ව්‍යුහයට සහ වර්ණයට හානි ඇතිවීම සිදුවනවා. කෝමාරිකා වලට මෙවැනි හිරු කිරීමෙන් සිදුවන හානි අවම කරගත හැකි වනවා.

හිස කෙස් වර්ධනය සඳහා කෝමාරිකා භාවිතා කරන්නේ කොහොමද ? 

කෝමාරිකා සහ එඬරු තෙල් Hair mask

කෝමාරිකා ජෙල් මේස හැඳි එකකට මදක් රත් කරගත් එඬරු තෙල් මේස හැඳි එකක් සහ මී පැණි මේස හැඳි එකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

මෙම මිශ්‍රණය ඔබේ හිස් කබලේ සහ හිස කෙස් මත ගල්වා හොඳින් සම්භාහනය කරන්න.

විනාඩි තිහකට පසුව මෘදු ෂැම්පු වර්ගයක් මගින් හිස කෙස් සෝදා හරින්න.

සතියකට වරක් මෙම සත්කාරය සිදු කරන්න 

කෝමාරිකා සහ ඇපල් සයිඩර් විනාකිරි Hair mask 

කෝමාරිකා ජෙල් මේස හැඳි හතරකට ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි දෙකක් එකතු කරන්න. එයටම Tea tree oil බින්දු දෙකක් හෝ තුනක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.

කපු පුළුන් බෝලයක් ආධාරයෙන් මෙම මිශ්‍රණය ඔබේ හිස් කබලට හොඳින් කාවදින සේ ගල්වන්න 

විනාඩි විස්සකට පසුව මෘදු ෂැම්පු වර්ගයක් මගින් හිස කෙස් සෝදා හරින්න 

මෙම මාස්ක් එක සතියකට වරක් භාවිතා කරන්න

කෝමාරිකා සහ යෝගට් Hair mask

කෝමාරිකා මේස හැඳි දෙකකට යෝගට් මේස හැඳි දෙකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

මෙම මිශ්‍රණය ඔබේ හිස් කබලට සහ හිස කෙස් වලට ගල්වන්න

විනාඩි විස්සකට පසුව හිස කෙස් පිරිසිදු කර ගන්න 

හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සතියකට වරක් මෙම සත්කාරය සිදු කරන්න

මීට අමතරව ,

කෝමාරිකා වල pH අගය අපගේ හිසකෙස් වලට සමාන බැවින් එය Leave on conditiner  එකක් ලෙසද භාවිතා කළ හැක. මෙම ස්වාභාවික කන්ඩිෂනර් එක මගින් ඔබේ හිසකෙස් සිනිඳු , මෘදු, දිලිසෙන සහ කළමනාකරණය කළ හැකි හිස කෙස් කළඹක්  බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව තියෙනවා.

කෝමාරිකා ජෙල් කෝප්ප 1/4 රෝස වතුර කෝප්ප 1/4 එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.එයට ආගන් තෙල් තේ හැඳි එකක් , ග්ලිසරින් තේ හැඳි බාගයක් , ඔබ කැමති වර්ගයක essential oil බින්දු කිහිපයක් එකතු කර නැවත හොඳින් මිශ්‍ර කරන්න.මෙය  spray bottle එකකට ගබඩා කර තබන්න. භාවිතා කිරීමට පෙර හොඳින් සොලවන්න. 

Related Articles

Don't Miss


Latest Articles