රත්තරන් සොයාගිය අන්තරායකර ගමනක කතාවක්

ඒ ක්‍රිස්තු වර්ෂ 1850 අවුරුද්ද.

උතුරු ආකෝට්වල වෙප්පුර් ගම්මානයේ ඉන්න තංගලන් කියන මනුස්සය ජීවත්වෙන්නෙ තමන්ගෙ බිරිඳ වෙච්ච ගංගම්මා සහ දරුවො එක්ක. සමින්දාර්ගෙ ඉඩම්වල අඳ ගොවියො වගේ වැඩකරන අනිත් මිනිස්සු වගේ නෙවෙයි මේ තංගලන්ට ගමේ මිනිස්සු හොඳට සලකනවා සහ එයාට ගරුකරනවා.

තංගලන් එයාගෙ දරුවන්ට නින්ද යනකම් රෑට එක එක ලස්සන කාතන්දර කියනවා. දවසක් මෙයා දරුවන්ට කියනවා අන්ධකාර කැලෑබද ප්‍රදේශයක් සහ  ඒ දේශයේ ආරක්ෂකයා කියල සලකන නාගර් ගෝත්‍රික කාන්තාවක් වන ආරතී ගැන.

තංගලන්ගෙ මී මුත්තා තමයි කඩෙයියන්. එයා පොන්නාර් ගඟේ වැල්ලෙ රත්තරන් හාරන්න ගිය ගෝත්‍රයකට අයිති මනුස්සයෙක්.ඒ පැත්තෙන් යන රජවරු මේ රත්තරන් තියෙන තැන් එහෙම දැක්කම ඒ රත්තරන් තමන් සතු කරගන්න කඩෙයිලන්ගෙ උදව් උපකාරත් අරගත්තා. හැබැයි මේ ආරතී කියන කාත්නාව මේ වැඩේට බාධා එල්ල කරන්න හිතාගෙන එක එක විදියෙ උගුල් දැම්ම. සර්පයො එහෙම දාන වගේ උගුල් තමා එයා ලෑස්ති කරේ.

කඩෙයියන් මුලින් කැමතිවෙන්නෙ නෑ මේ රත්තරන් හාරන වැඩේට. හැබැයි කඩෙයිලන්ගෙ මී මුත්තන්ට අහිමිවෙච්ච බ්‍රාහ්මණයන්ට තෑගි දුන්න ඉඩකඩම් ආපහු ලබා දෙනවා කියන පොරොන්දුව මත කඩෙයියන් රජ්ජුරුවන්ට ‍රත්තරන් අරගන්න උදව් වෙනවා. ඒත් මන්තර ගුරුකම් හොඳට දන්න ආරතී නිසා රජ්ජුරුවො අරගන්න මේ රත්තරන් බොරු ඒව කියල දැනගත්තම රජතුමාට හොඳටම තරහා යනවා. කොහොමහරි බ්‍රාහ්මණ මනුස්සයෙක් රජ්ජුරුවන්ට කියනවා බුදු හාමුදුරුවො කියන්නෙ මන්තර ගුරුකම් දන්න කෙනෙක් කියලා. ඕකට තරහා යන රජතුමා මොකද කරන්නෙ බුදු පිළිමයක සිරස කඩලා දානවා.

මේ හේතුව නිසා තරහ යන කඩෙයියන් එයාගෙ මිනිස්සු එක්ක ගිහින් ආරතී එක්ක සටන් වදිනවා. ආරතීගේ බඩ කඩෙයියන් කපලා දානව. ආරතීගෙ ඇඟෙන් ගලන ලේ වැටෙන වැල්ල රත්තරන් බවට පත්වෙනවා.

තංගලන් කතාව කිය කිය ඉද්දි එතනට එන ගංගම්මා තංගලන්ට කියනවා දරුවන්ට කතාව අහන අතරවාරයේම හොඳට නින්ද ගිහින් කියලා. තංගලන්ට ගමේ මිනිස්සු සලකන එකට තරහෙන් ඉන්න සමින්දාර් එයාගෙ මිනිස්සු ලව්වා තංගලන්ගෙ වගාවන්ට ගිනි තියන්න තමයි සූදානම් වෙන්නෙ. මොකද එතකොට බදු ගෙවන්න බැරුව තංගලන් ලැජ්ජාවට පත්වෙන හන්දා.

කොහොමහරි සමින්දාර් තංගලන්ගෙ ඉඩම් අල්ලගත්තයින් පස්සෙ තංගලන්ට හරිම දුශ්කර ජීවිතයක් තමයි ගෙවන්න වෙන්නෙ බදු ගෙවන්න වෙන්නෙ. මේ කාලෙම මේ පලාතට එන ක්ලෙමන්ට් කියන බ්‍රිතාන්‍ය පාලකයා දැනගන්නවා රත්තරන් තියෙන තැන් හොයාගන්න සහ ඒව එලියට ගන්න මේ පලාතෙ ඉන්න මිනිස්සුන්ට තියෙන හැකියාව ගැන.

ගම්මු ආරතීට බයයි. හැබැයි තංගලන්, එයාගෙ පුතා අසෝකන් සහ තව ගම්වැසියො සෙට් එකක්ම මේ රත්තරන් හාරන වැඩේ කරන්න හිතාගෙනා ගමනක් යනවා. මේ යන අතරමග තංගලන්ට පේන්න පටන්ගන්නවා ආරතීගෙ අවතාරෙ. ඒ අවතාරෙ දිගින් දිගටම තංගලන්ට කියනව කැලැවෙන් ඈත්වෙලා ඉන්න කියලා. ඒත් තංගලන් නෙවෙයි ඒක අහන්නෙ. ආරතී ඇති කරන වැලි කුණාටු, ගංගා වගේ බාධක දහසක් මැද්දෙත් තංගලන් තමන්ගෙ ගමන යනවා.

මෙහෙම යන ගමනෙදි අසෝකන්ට හම්බෙනවා අකුණු පාරක් වැදිච්ච නිසා ඇතිවෙච්ච අගලක්. ඒ වගේම එයා දකිනවා එතන තියෙන සිරස බිඳුණු බුද්ධ ප්‍රතිමාව. ඒ වෙලාවෙම එන ආරතීගේ ආත්මය අසෝකන්ට පහර දෙනවා. ඒත් ඒ උනත් මේ කණ්ඩායම බයවෙන්නෙ නෑ. එයාලා දිගටම රත්තරන් හොයාගෙන යනවා. රත්තරන් නිස්සාරණය කරගන්න අතරවාරයේ ක්ලෙමන්ට් පොරොන්දු වෙනවා තමන් මේ අයට හොඳට සලකන බව.

ඒත් කතාව බලාගෙන ඉන්න අයට කුතුහලයක් එනවා “කඩෙයියන්ගෙ මී මුණුපුරෙක් වෙච්ච තංගලන්ට ආරතීගෙ සාපෙ වැදෙන එකක් නෑ කියල හිතන්න පුළුවන්ද? කියලා.

ඉතින් ඒ ගැන දැනගන්න නම් මේ අපූරු චිත්‍රපටය ඔයාලා බලන්නම ඕන. තංගලන් කියන්නෙ 2024 ආව ඉන්දියානු දෙමල බාශා චිත්‍රපටයක්. වෙනස් විදියෙ චිත්‍රපටයක් නිසා ඔයාලාට වෙනස්ම චිත්‍රපට අත්දැකීමක් ලබාගන්න පුළුවන් බව කියන්නම ඕන.

ඉතින් ඉතිහාස කතා තියෙන චිත්‍රපට වලට ආස ඔයාලට ඔන්න මං යෝජනා කරනවා මේ තංගලන් චිත්‍රපටය බලන්න කියලා.

Related Articles

Don't Miss


Latest Articles