කාන්තාරයක තනිවී ජීවිත කෙම්බිමක් සොයාගිය නජීබ්ගෙ කතාව

The Goat Life – Aadujeewitham  කියන්නෙ සෑහෙන ප්‍රේක්ශක ජනාදරයක් දිනාගත්ත චිත්‍රපටයක් සහ මෑතකදි ගොඩක් අය අතරෙ කතාබහට ලක්වෙච්ච චිත්‍රපටයක් කියලා කියන්නම ඕන. ඒ නිසාම තමයි අපි අද අපේ Smartlady චිත්‍රපට ලිපි සංග්‍රහය තුළින් මේ Goat Life කියන චිත්‍රපටය ගැන කතාකරන්න හිතුවෙ.

මේ චිත්‍රපටය මේ අවුරුද්දෙ Release වෙච්ච ඉතාම අපූරු මලයාලම් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය රචනා කරේත්, අධ්‍යක්ෂණය කරේත් බ්ලෙසි. ඒ වගේම එයා මේක සම නිශ්පාදනය කරන්නත් දායක වෙලා තියෙනවා.

මේ චිත්‍රපටය හැදිලා තියෙන්නෙ පොතකින්. ඒ පොත ලියවිලා තියෙන්නෙ ඇත්ත කතාවක් පදනම් කරගෙන නිසාම තමයි මේ චිත්‍රපටය මෙච්චර අපූරු වෙලා තියෙන්නෙත්. පොත එන්නෙ 2008 අවුරුද්දෙ. 2008 වසරේ වැඩියෙන්ම අලෙවි වෙච්ච බෙන්යමින් ලියපු මලයාලම් නවකතාවක් වෙන Aadujeewitam කතාවෙ තියෙන්නෙ මලයාලි සංක්‍රමණික කම්කරුවෙක් වෙන නජීබ්ගෙ සැබෑ ජීවිත කතාව.

මේ චිත්‍රපටය මුලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හැරෙන්න අනෙක් සියලුම GCC රටවල්වල තහනමට ලක්වුනා. ඊටපස්සෙ කුවේට් සහ සෞදි අරාබියෙ හැරෙන්නෙ අනෙක් රටවල්වල තහනම ඉවත් කරා. මේ චිත්‍රපටය විතරක් නෙවෙයි, ඒ පොතත් මීට කලින් ඒ රටවල්වල තහනමට ලක්වෙලා තියෙනවා.

2008 මේ නවකතාව කියවපු දවසෙ ඉඳලම බ්ලෙසිට උවමනා වෙලා තියෙනව මේ නවකතාව පාදක කරගෙන චිත්‍රපටයක් කරන්න වගේම ඒකෙ ප්‍රධාන චරිතෙට Prithviraj Sukumaran ව අරගන්න. 2009 තමයි පොතේ කතුවරයගෙන් චිත්‍රපටය හදන්න අවසරය අරගෙන බ්ලෙසි  වැඩේට බහින්නෙ.

හැබැයි වැඩේ වෙන එක පොඩ්ඩක් පහුබැස්සෙ මේ කතාව ඒ කොලිටියෙන්ම හදන්න ලොකු වියදමක් දරන්න වෙන හන්දාලු. හැබැයි බ්ලෙසි වැඩේ අතාරින්නෙ නෑ. 2015 වෙනකම් වැඩේ අතඇරියෙ නැති බ්ලෙසිට 2015දි චිත්‍රපටය කරන්න නිශ්පාදකවරයෙක්ව හොයාගන්න පුලුවන් වෙනවා.

ඒ විදියට තමයි මේ අපූරු චිත්‍රපටය අපිට බලන්න පුලුවන් විදියට හැදෙන්නෙ.

ඉතින් චිත්‍රපටයේ කතාව තියෙන්නෙ මෙන්න මේ වගේ.

මලයාලි සංක්‍රමණිකයන් දෙදෙනෙක් වන නජීබ් මුහම්මද් සහ හකීම් සෞදි අරාබියට එන්නෙ එයාල දන්න ශ්‍රීකුමාර් කියන මනුස්සය හදපු වීසා දෙකකින්. මේ දෙන්න සෞදි අරාබියට එන්නෙ දැන් ගෙවන ජිවීතේට වඩා හොඳ ජීවිතයක් ලැබේවා කියන බලාපොරොත්තුවෙන්.

මේ දෙන්න රස්සාවක් හොයාගෙන ආවට තමන්ට රස්සාවක් දෙන්න ඉන්නෙ කවුද කියන එක හරියට දන්නෙ නැති හන්දා, තමන් හම්බෙන්න ආව මනුස්සය කියල හිතල වෙන අරාබි මනුස්සයෙක් එක්ක එයාපෝට් එකෙන් පිටවෙනව. ගමන අතරමග හකීම් සහ නජීබ් වෙන් වෙනවා. සෞදි අරාබියේ කාන්තාරයක එලුවන්ව බලාගන්න නජීබ්ට යන්න වෙනවා.

කාන්තාරෙක නජීබ්ට ගෙවන්න වෙන්නෙ එයා කිසිසේත්ම බලාපොරොත්තු වෙච්ච ජීවිතේ නෙවෙයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. අනන්ත දුක් විඳිමින්, අව්වෙ කරවෙමින් ගෙවන දුක්බර ජීවිතයක් අස්සෙ නජීබ් දකිනව තමන් වගේම දුක් විඳින මිනිස්සුන්ගෙ ජීවිත අවසන් වෙන හැටි. එයා ඒ අත්දැකීම් ඔස්සේ තමයි ජීවිතේ ඇත්ත පැත්ත තේරුම් ගන්නෙ. මේ විදියට ගෙවන අවුරුදු ගාණකට පස්සෙ නජීබ්ට ආයෙම හකීම් හම්බෙනවා. කොහොමහරි මේ ගෙවන ජීවිතේට වඩා තමන් තමන්ගෙ රටේ ගෙවපු ජීවිතේ හොඳයි කියල කතාවෙන හකීම් නජීබ්ට කියනව මෙතනින් පැනලා යන්න විදියක් තියෙනවා කියලා.

ඒ වැඩේට උදව් කරන්න පුලුවන් සෝමාලියානු මනුස්සයෙක් වෙන ඊබ්‍රහිම් කදිරිව නජීබ්ට හඳුන්වල දෙන්නෙත් හකීම්. කොහොමහරි පැනල යන ප්ලෑන් එක පටන් අරගෙන මේ ගොල්ලො කාන්තාරෙ දිගේ ක්ෂේම භූමියක් හොයාගෙන යනවා. මේ යන ගමනත් ලේසි වෙන්නෙ නෑ.

කෑම වතුර හොය හිය හරි පාර හොය හොය යන දුශ්කර ගමන අතරමග හකීම් මිය යනවා. නජීබ් ඉන්නෙත් මැරෙන්න ඔන්න මෙන්න. ඒ විතරක් නෙවෙයි “මං පාර පෙන්නන්නම්” කියල එක්කරගෙන ආව ඊබ්‍රහිම් අතුරුදහන් වෙනවා.

නජීබ් කාන්තාරයේ අතරමං වෙනවා. දෙයියන්ගෙ පිහිටෙන් කාන්තාරය හරහා ගමන් කරන අරාබි මනුස්සයෙක්ගෙන් පිහිටක් ලබන නජීබ්ට පුලුවන් වෙනවා ආයෙම ජනාවාසයක් තියෙන පැත්තකට එන්න. ඒ විතරක් නෙවෙයි මලයාලි කෑම කඩයක් තියෙන කුංජික්කා කියන මනුස්සයා නජීබ්ට උදව් වෙනවා ආයෙම හොඳ ශරීර සෞඛ්‍යයට එන්න.

ඒත් නජීබ්ට ඕන ආපහු ගෙදර යන්න. ඒක කරන්න ලේසි වෙන්නෙ නෑ මොකද නජීබ් අරාබියට එන්නෙ ව්‍යාජ ලිපි ලේඛන හදාගෙන. ඒ වරද නිසා හිරේට යන නජීබ්ට ආයෙ කවදාකවත් තමන්ගෙ ගෙදර, තමන්ගෙ මිනිස්සුව දකින්න පුලුවන් වෙයිද?

Related Articles

Don't Miss


Latest Articles