දුක අහන්න ගිහින් හිත බිඳගත්ත තෙදිනිගෙ කතාව

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“මට තේරෙන්නෙ නෑ බං මං මේ රිලේශන්ශිප් එක අස්සෙ හිරවෙලා ඉන්න එකෙන් තේරුමක් තියෙනවද කියල. මට අර මම බලාපොරොත්තුවෙච්ච සැනසීම මෙතන නෑ කියල හිතෙනව. මේක නෙවෙයි මට ඕන වෙච්ච දේ කියල මට හිතෙනවා. ඒත් මොකද්ද කරන්න ඕන කියල මට තේරෙන්නෙ නෑ. මං දන්නවා තෙදිනි මට ආදරෙයි කියල. ඒ උනාට මට ඒක දැනෙන්නෙ නෑ. මුල් දවස්වල මම කොහොමත් හිටියෙ චානුකී එක්ක බ්‍රේක් අප් වෙච්ච එකට අවුලෙන් හන්ද මට තෙදිනිව සැනසීමක් වගේ දැනුනට දැන් දැන් මට ඒක හිසරදයක් වගේ”

තමන්ගෙයි මධුරංගගෙයි දෙන්නගෙම හොඳම යාලුවෙක්ගෙන්, මධුරංග තමන් ගැන මෙහෙම කියනව කියල අහන්න ලැබිච්ච එකම තමන් කොච්චර අවාසනාවන්ත ගෑණියෙක්ද කියලා තෙදිනි ආයෙ ආයෙම හිතුවා. මධුරංග ඔය කතාව ඔය විදියටම තමන්ට ඇවිල්ලා කිව්වනම් දුක හිතෙන්නෙ නැතුව නෙවෙයි. දුක්වෙයි, අඬයි. ඇත්ත. ඒත් පිටමිනිස්සු ඉස්සරහ ඔහොම කියන එකෙන් දුක විතරක් නෙවෙයි තමන්ට ලැජ්ජාවත් එක්කහු වෙනවනෙ කියලා නොහිත ඉන්න තෙදිනිට පුලුවන් උනේ නෑ.

“ඇයි මධුරංග ඔයා ප්‍රසාද්ල එක්ක මෙහෙම දේවල් කියල තියෙන්නෙ? ඔයාට ඇයි ඕව ගැන මාත් එක්ක කතාකරන්න බැරි උනේ? ප්‍රශ්නයක් තියෙනම් ඒක කතාබහ කරල විසඳගන්න ඕන අපිනෙ. ප්‍රසාද්ලාව ඇයි අපේ රිලේශන්ශිප් එක අස්සට අරගෙන එන්නෙ” කියලා තෙදිනි ඇහුවෙ තරහයි, දුකයි, ලැජ්ජාවයි ඔක්කොම හිත අස්සෙ හංගගෙන.

තෙදිනිට මධුරංගව හම්බුනේ ඔෆිස් එකෙ වැඩකට වෙන ඔෆිස් එකක ප්‍රොජෙක්ට් එකකට සම්බන්ධ වෙච්ච වෙලාවක. එදා දැන අඳුනගත්ත එක ටික ටික කතාබහ වැඩිවෙලා ඒ වෙද්දි තමන්ගෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් වෙච්ච බ්‍රේක් අප් එක නිසා හිත රිද්දගෙන උන්නු මධුරංගගෙ දුක අහන නංගි උනේ තෙදිනි.

ඒ වෙද්දි තෙදිනිටත් කවුරුවත් උන්නෙ නෑ. තෙදිනිත් අවුරුදු ගාණක ආදර කතාවකට තිත තියල මාස ගාණක් ගිහින් තිබ්බෙ. හීන් සැරේ හිත හදාගන්න ගමන් උන්නු තෙදිනිට, ආදරේ නිසාම හිත රිද්දගෙන උන්නු මධුරංගගෙ දුක අහන, හිත නිවන නංගි වෙන එක එච්චර ලොකු දෙයක් වුනේ නෑ.

ඒ හිත නිවන, දුක අහන එක දුරදිග ගිහින් දවසක තමයි මධුරං‍ග “මං හිතන්නෙ ඔයාට විතරයි මාව තේරෙන්නෙ” කියල කිව්වෙ.

“මං ඒක ප්‍රසාද්ලා එක්ක කියපු එක වැරදියි. මං ඒක පිළිගන්නවා. ඒ උනාට මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. මට ඇත්තටම දැනෙන්නෙ මම මාරෙට මෙ සම්බන්ධෙ අස්සෙ හිරවෙලා ඉන්නව වගේ. ඔයාට මට ආදරෙ නෑ කියල නෙවෙයි මං කියන්නෙ. මට ඒ ආදරේ තේරුම්ගන්න තේරෙන්නෙ නෑ. ඒ ආදරේ මට ඕනවට වඩා වැඩියි කියලා හිතෙන්නෙ. මට ඔයා එක්ක කතාකරන්න කෙනෙක් නැති හන්දමයි මම ප්‍රසාද්ලා එක්ක ඕක ගැන කතාකරේ

මම හිතන්නෙ නෑ තෙදිනි ඇත්තටම අපි දෙන්න මැච් වෙනවා කියලා. අපි හදිසි උනා වැඩියි අෆෙයාර් එකක් පටන් ගන්න. අයෑම් සොරි”

ඔහොම කියල සම්බන්ධෙන් එලියට පනින්න මධුරංගට පුලුවන් උනාට තමන්ගෙ හිතට කොච්චර වේදනාවක්ද ඒක දරාගන්න එක කියල තේරිච්ච නිසාමයි තෙදිනි කවුන්සලින් යන්න හිතුවෙ.

“මං මුලින් හිතුවෙ හිත බිඳිච්ච දෙන්නෙක් එක්කහු උනාම ඒ දෙන්නට ජිවිතේ වගේම ආදරේ තේරුම්ගන්න ලේසියි කියල. ඒ උනාට අන්තිමේ එයාගෙ හිත සනසන්න ගිහින් මට සිද්ද උනේ මගෙ හිත රිද්දගන්න” කියල උපදේශකවරියට කිව්ව තෙදිනි හීන් සැරේ තමන්ගෙ හිත රිදිච්ච තැන් ගැන කතා කරන්න ගත්තා.

“මම බාසුරගෙන් බ්‍රේක් අප් වෙලා මාස දහයකට විතර පස්සෙ තමයි මට මධුරංගව මීට් උනේ. එයා එතකොට හිටියෙ එයාගෙ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් බ්‍රේක් අප් වෙලා. ඒ දෙන්නා බ්‍රේක් අප් වෙලා හරි පොඩි කාලයයි. මං හිතුවෙ අපි දෙන්නට දෙන්න තේරුම්ගන්න පුලුවන් වෙයි කියල වගේම මම මගේ හිත හදාගෙන හිටියෙ කියල මම හිතුවෙ. ඒත් ඒක එහෙම නෑ කියල මට තේරුනේ මේ හැමදේම වුනයින් පස්සෙ”

අපි සමහර වෙලාවට හිතන බිඳිච්ච දෙහිතක් තියන දෙන්නෙක්ට එකතුවෙන්න, එකිනෙකාව තේරුම්ගන්න ලේසියි කියලා.

ඒත් කිසිම වෙලාවක අපි අෆෙයාර් එකකට යනවනම් හිත බිඳගෙන යන එක අපරාදෙ. Soon after a breakup හිත සනසගන්න කියලා අලුත් ආදරයක් පටන් ගන්න එකෙන් වෙන්නෙ අපේ හිත සම්පූර්නයෙන්ම කුඩුපට්ටම් වෙලා යන්න ලොකු ඉඩක් තියෙන එක.

Break up එකක් කියන්නෙ ඇත්තටම ආදරය කල කෙනෙක්ට දරාගන්න අමාරුම වේදනාවක්. ඒ වේදනාව නිසා ඔයාගෙ හිතට වෙලා තියෙන හානිය අවම වෙන්න, හිත ආයෙම තිබුන තැනටම පත්වෙන්න කාලයක් අවශ්‍ය වෙනවා. ඒ කාලය ඇතුලත වෙන කෙනෙක්ව ජීවිතේට ලං කරගන්න එක ඔයා ඔයාට වගේම එයාටත් කරන ලොකු වරදක් සහ අපරාදයක්.

ඒ වගේම තමයි අපි තේරුම්ගන්න ඕන අනික් දේ, “කිසිම වෙලාවක ආදරේ නිසා හිතක් බිඳගෙන ඉන්න කෙනෙක් එක්ක, හරියට රිකවර් නොවුන කෙනෙක් එක්ක සබඳතාවයකට යන්න එපා”. මොකද ඒ හිත රිදීම සහ වේදනාව ඔයාව වඩා ආදරණීය පුද්ගලයෙක් විදියට එයාට පෙන්නල දුන්නත් එයාගෙ හිතේ වේදනාව අඩු වෙච්ච දවසක “ඔයා කියන්නෙ වැදගත් නොවන කෙනෙක්” වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

අපි තුවාලයක් වුනාම ඒ තුවාලෙට උඩින් බැන්ඩේජ් දානවා. හැබැයි තුවාලෙ හොඳ වුනාම අපි ඒ බැන්ඩේජ් එක ගලවලා දානවා මිසක් තියාගෙන ඉන්නෙ නෑනෙ.

ඉතින් කිසිම වෙලාවක කිසිම ආදර කතාවක් ඇතුලෙ ඔයා බැන්ඩේජ් එකක් වෙන්න එපා!

මේ වගේ අවස්තාවකදී ඔබ මානසික උපදේශන සහයක් බලාපොරොත්තු වනවා නම් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ද කරගැනීම සඳහා Smartlady Admin වරියක සම්බන්ද කරගන්න පුලුවන්!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles