ඔබේ දරුවා විසල් මිනිසෙකු කරන්නට නම්..

දරුවා ඉපදුණු දවසේ සිටම ඔහු වැඩිහිටි මිනිසෙකු වනතුරු දෙමාපියන් මොනතරම් කැපවීමක් කරනවාදවිශේෂයෙන්ම ශරීර වර්ධනයඅධ්‍යාපනය ලබා දීමට ගන්නා වෙහෙස ඒ අතර කැපී පෙනෙනවාඑහෙත් ඔබේ දරුවා වෙනස් නිර්මාණශීලි මිනිසෙකු කිරීමට ඔබ කෙතරම් වෙහෙසක් ගන්නවාද යන්නත් අවධානය යොමු කිරීමට වන කාරණයක් බව ඔබ මතක තබා ගත යුතුම කාරණාවක්.

දරුවාගේ ලෝකය විශාල කරන්න

බොහෝ දෙමාපියන්ට අනුව නම් දරුවන්ගේ ලෝකය හරිම කුඩා එකක්අම්මා තාත්තා අතර දෝලනය වුණාම හොදටම ඇති කියා ඔවුන් සිතනවාඑහෙත් එය සම්පුර්ණයෙන්ම වැරදි අදහසක්කුඩාම කාලයේ පටන් අත්දැකීම්මිනිස්පරිසර ඇසුර දරුවාගේ ලෝකය පුළුල් කරනවා.

දැනුම පොවන්න යන්න එපා

සමහර දෙමාපියන් පුළුවන් නම් දරුවාට දැනුම දිය කරලා පොවයිඔවුන් එතරම් තරඟකාරිවයි හැසිරෙන්නේසෞන්දර්ය වෙත දරුවාව යොමු කරවන්නහැකි තරම් කතාන්දර දරුවාට කියා දෙන්නඒ ඔස්සේ චිත්‍ර රූප මවාගන්නට ඔහු සමත් වනවා.

හැකිතරම් පරිසරය සම්බන්ධ අත්දැකීම් දරුවාට ලබා දෙන්නපින්තුර කොළ වලින් ඔබ්බේ පිහිටි සැබෑ පරිසරය අත් විඳීමට දරුවාට අවස්තාව දෙන්න.

අනෙක් දරුවන්ගේ හැකියාවන් සමහ ඔහුගේ හැකියාවන් සංසන්දනය නොකරන්න

පුංචි නමුත් ලොකු වැඩ

දරුවාගේ වයස අවුරුදු දෙකකට වැඩි නම් ඔබ නිවසේ ඉවුම් පිහුම් කරන අවස්තාවන් වලදී දරුවාටත් ඒ සඳහා අවස්තාවක් දෙන්නඑළවලු තේරීමටවර්ග කිරීමටපොල් කුඩු වලින් සෙල්ලම් කිරීමට හැකි හැම විටම අවස්තාව දෙන්න.

පාන්පිටි වලට විවිධ වර්ණයෙන් ෆුඩ් කලරින් මිශ්‍ර කර වර්ණවත් පිටිගුලි කිහිපයක් සාදා දරුවාට විවිධ දේවල් සැදීම සඳහා ලබා දෙන්න.

දරුවාගේ වයස් කාණ්ඩයට අනුව නිතරම පසුබිම් සංගීතයක් වාදනය කරන්නට සලස්වන්න.

අලංකාර චිත්‍ර සහිත පොත් ලබා දෙන්නඔහුගේ නිරික්ෂනයන්ට නිහඬව ඉඩ දෙන්න.

ඔබ කතාවක් කීමෙන් පසු දරුවාටද කතාවක් කීමට අවස්තාවක් දෙන්නඑය ඔහු හෝ ඇය ඇසු එකක් හෝ නිර්මාණයක් විය හැකි බව පවසන්නහැකි නම් එම අවස්ථා පටිගත කරගන්න.

දරුවාගේම පැළ කිහිපයක හිමිකරුවෙකු වීමේ අවස්ථාව ඔහුට ලබා දෙන්න.

පාසල් දරුවෙකු නම් ඔහු /ඇය ඉගෙනගත් දේ ප්‍රයෝගිකව යොදා ගන්නා අවස්තාවන් පෙන්වා දෙන්න.

ක්‍රීඩාවන් සඳහා යොමු කරන්නඒ පිලිබඳ සියලුම දැනුම ලබා දෙන්න.

විෂයය ක්‍රියාකාරකම් එදිනෙදා දේ එදිනෙදා මතක තබා ගැනීමට හුරු කරන්නනිතරම දැනුම ප්‍රයෝජනයට ගැනීමට දරුවාට හුරු කරවන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles