ලෝකෙ වටේ තියන අමුතු විවාහ චාරිත්‍ර

කසාද බඳින එක එහෙම නැත්නම් විවාහ වෙන එක ගැන නොදන්න කෙනෙක් ණෑනේ. මේ ලිපිය කියවන හැමදෙනාම ජීවිතේ එකම එක වතවක් හරි විවාහ උත්සවයකට ගිහිල්ලා ඇති.  ඒ හින්දා  ලංකාවේ විවාහ උත්සව ගැන  ඔබ සියලුම දෙනාට යම් අදහසක් ඇති. ඇස් රතු වෙන පොඩි පොඩි විහිලු ඇරුනම ලංකාවේ මඟුල් ගෙවල් වල අරුම පුදුම කියලා කියන්න පුලුවන් චාරිත්‍ර වාරිත වැඩිය නැහැනේ. ඒත් අද අපි මේ ලිපියෙන් ඔබට කියන්නේ ලෝකය පුරා පතිරිලා ඉන්න විවිධ ජාතීන් සතු අමුතු අමුතු විදියේ විවාහ චාරිත්‍ර කිහිපයක් ගැන.

ඉන්දියාවේ සපත්තු හැංගිල්ල

විවාහ මංගල්‍යයකදි ඉන්දියාවේ දකින්න ලැබෙන ජනප්‍රියම චාරිත්‍රයක් තමයි මේ සපත්තු හැංගිල්ල කියන චාරිත්‍රය . ජූටා චෝරී නමින් තමයි  ඉන් දියාවේ මේ චාරිත්‍රය හඳුන්වන්නේ. මේ චාරිත්‍රය ඉටු කරන්න කරට කර ගැටෙන්නේ මනාලියගේ පැත්තේ ගැහැණු ළැමුන් සහ මනාලයාගේ පැත්තේ පිරිමි ළමුන්. ජෝඩුව  මංගල පෝරුවට නගිද්දි මනමාලයා විසින් ගලවන සපත්තු කුට්ටම මනමාලිගේ පාර්ශවේ තරුණියන්  අරගනවා. ඊට පස්සේ ඔවුන් ඒ සපත්තු කූට්ටම හංගනවා.   මනමාලිගේ  අක්කා හරි නංගී හරි තමයි ගොඩක් වෙලාවට තමයි මේ වැඩේ කරන්නෙ. ඒ කරලා ඉවර වෙලා,  සපත්තු කූට්ට්ටමආයෙම දෙන්න නම් තමන්ට පගාවක් දෙන්නය කියලා මනමාලයාගෙන් ඉල්ලන්න මේ ගහැණු ළමුන් පැකිලෙන්නේ නැහැ. ඒ අතරේදී මනමාලයාගෙ පැත්තෙ තරුණ පිරිමි කට්ටියම එකතු වෙලා මනමලයා පගාවෙන් බේරගන්න හිතාගෙන සපත්තු කූට්ටම හොයන්න උපරිම උත්සාහ කරනවා.  . ඒත් ඉතින්  ගොඩක් වෙලාවලදී  ඒ තරුණයන්ට සපත්තු හොයාගන්න ලැබෙන්නේ නැතිලු. අවසානේදි මනමාලයා පරාජය පිලිගෙන පගාව දෙන්න කැමති වුනාම මනමාලිගේ පැත්තේ ගැහැණු ළැමුන්ම සපත්තු කූට්ටම හොයාගෙන ඇවිල්ලා මනමාලයාගේ දෙපාවල පළන්දනවා.

වැසිකිළියට යන්නත් තහනම් – මැලේසියානු විවාහ චාරිත්‍රය

මැලේසියාවේ ටිඩොන්ග් කියන ජන කොට්ඨාසය අතර තමයි මේ  අවදානම් සහගත  චාරිත්‍රය දකින්න ලැබෙන්නේ. මේක කොහොම ඉශ්ඨ කෙරුනත්  යම් ආකාරක ආන්දෝලනයකට හේතු වෙන තත්වයක් විදියටත් හඳුන්වන්න පුලුවන්. ටිඩොන්ග්  කියන ගෝත්‍රයේ  දෙදෙනෙක්  විවාහ වුණහම ඒ අයට දවස් තුනක් යනකන් ගෙදරින් එළියට යන්න නොහැකිය කියලා තහනමක් පැනවෙනවා. ඒ වගේම දවස් තුනක් යනකන් මූත්‍ර හෝ මළපහ කරන්න වැසිකිළිය පාවිච්චි කරන්නත් තහනම් කියලා  ඔවුන් නීතියක් සම්මත කරගෙන වගේ ක්‍රියාත්මක කරනවා. අලුත විවාහ වෙන ජෝඩුවේ දෙමාපියෝ  අලුත් ජෝඩුව වටේ ගැවසෙමින් මේ දෙන්නා වැසිකිළි නීතිය කොයි තරම් ඉහලින් රකිනවාද කියන  එක ඝැන විමසිලිමත් ඇහින්  ඉන්න බවත් කියැවෙනවා.   චාරිත්‍රය විකාරයි වගේ පෙනුනට, ටිඩොන්ග් ජනතාව විශ්වාස කරන්නේ මෙහෙම මළ මුත්‍ර බර දවස් ගාණක් ඉවසගෙන  ඉන්න හුරු වුනාම  අලුත බැඳපු ජෝඩුවේ අවබෝදය සහ බැඳීම වැඩි වෙනවා කියලාලු.

පිඟන් බඩු බිඳීමේ ආශිර්වාදය – ජර්මානු විවාහ චාරිත්‍රය

විවාහ උත්සවයකට යනකොට පෝසිලේන් සෙට් එකක් අරගෙන යන එක ලංකාවේත් ඉස්සර ඉඳන්ම කෙරිලා තියෙනවානේ.  ජර්මනියේත් පෝසිලේන් සෙට්  සහ විවාහ උත්සව අතර තියෙන්නේ කිට්ටු සම්බන්ධතාවයක්. හැබැයි ඉතින් ඒ අපේ ලංකාවේ වගේ සම්බන්ධතාවයක් නම් නෙවෙයි.  ජර්මානු විවාහ උත්සව වලදී විවාහ වන යුවලගේ නෑදෑයන් විසින් විවාහයට් අකලින් පෝසිලේන් බඩු මිලයට ගන්නවා. ඊට පස්සේ ඔවුන් මනාලිගැඑ නිවසට හරි කලින් තීරණය කරගත්තු තැනකට හරි එකතු වෙනවා. ඊට පස්සේ විවාහ වෙන්න නියමිතව ඉන්න දෙන්නාගේ ඉස්සරහදී මේ පෝසිලේන් බඩු පොළවේ ගහලා  කුඩු කරනවා.  මෙහෙම පොලවේ ගහලා කුඩු කරන පෝසිලේන් බඩු වල කැබලි එකතු කරලා, එතැන් අස් කරන්නේ අලුතින් වොවාහ වෙන්න සූදානමින් ඉන්න යුවල. මෙහෙම දෙන්නා එක්ක එකතු වෙලා අස් පරස් කිරීම තුලින් දෙදෙනා අතර එකමුතුව වැඩෙනවා කියලත්, පෝසිලේන් කුඩු කරලා දාන නිස දෙන්නාට තියෙන නරක ඇල්ම බැල්මවල් කුඩු පට්ටම් වෙලා යනවා කියලත්  ජර්මානු සමාජයේ විශ්වාසයක් තියෙනවා.

මනමාලියව පැහැර ගැනීම – රොමේනියානු විවාහ චාරිත්‍රය

රොමේනියාවේ  මනමාලයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න පිරිමි අය තමන්ට කසාද බඳින්න ඕනේ කාන්තාවව පැහැර ගන්න ඕනේ. ඇයගේ  කැමැත්තෙන් හෝ අකමැත්තෙන්  ඒ කාන්තාවව  තමන් ලඟ දවස් 2-3 තියාගත්තම ඒ කාන්තාව  අදාල පිරිමියාගේ  බිරිඳ විදියට හැමෝම පිළිගන්නවා. මනමාලියටත් ප්‍රශ්නයක් නැත්නම් මේක පැහැරගැනීමක් වෙන්නේ නෑ. එතකොට ඒ දෙන්නා සැලසුම් කරලා  එකට පැනලා යනවා. කොහොමහරි දෙමාපියන්ගේ කැමැත්ත  ගැන මේ අය හිතන්නේ නැහැ. මනමාලයාගේ තීරන තමයි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ.

ගහක් කසාද බැඳීම – ඉන්දියානු විවාහ චාරිත්‍රය

ඉන්දියාව කොහොමටත් විශාල ජන විවිධත්වයක් තියෙන රටක් නේ. ඉන්දියාවේ  සමහර ජන  කොටස් වල විශ්වාස කරනවා  මන්ග්ලික් කුලයට ඉපදුන කාන්තාවන් උපතින්ම ශාපය කරට අරගෙන ඉපදුන අය කියලා. ඒ නිසා  ඒ අය බඳින පිරිමි කෙනා ඉක්මනට මැරෙනවා කියන විශ්වාසය ඔවුන්ගේ සමාජයේ ඉතාම තදින් මුල් බැහැලා තියෙනවා. ඒ ශාපයෙන් පිරිමියාව මුදවා ගන්න ඉස්සෙල්ලාම ඒ කාන්තාවව ගසකට විවාහ කරවලා දෙනවා. ඊට පස්සේ ඒ ගහ කපලා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා.

සතුට වැඩි කමට පුරුදු වෙලා අඬන එක  ඇඬීම – චීන විවාහ චාරිත්‍ර

චීනේ තුජිආ වංශයට අයත් කාන්තාවන් බඳින්න මාසෙකට කලින් ඉඳන්ම මේ අරුම පුදුම විවාහ චාරිත්‍රය වෙනුවෙන් සූදානම් වෙන්න පටන්  ගන්නවා. විවාහයට දින නියම වුනාට පස්සේ, ඊට මාසෙකට කලින් ඉඳන් ඔවුන් මේ විදියට අඬන්න පුරුදු වෙනවා. මේ මාසේ පුරාම දවසකට පැයක් ගානේ මනමාලි අඬන්න පුරුදු වෙනවා. ඊට දවස් දහයකට පස්සේ මනමාලිගේ අම්මාත්, ඊටත් දවස් 10කට පස්සේ මනමාලිගේ ආච්චිත් මේ ඇඬුම් පුහුණුවට එකතු වෙනවා. ඊටත් පස්සේඑ විවාහ උත්සවය දවසේ පවුලේ මේ කාන්තාවන්ව ප්‍රමුඛ කරගෙන අනෙක් සියලුම කාන්තාවන් එකිනෙකට වෙනස් ස්වර වලින් අඬලා තම තමන්ගේ සතුට පෙන්නවා.  

මනාලිය ට කිරි, කුණු, මඩ වත් කිරීම  – ස්කොට්ලන්ත විවාහ චාරිත්‍රය

විවාහ වෙලා තමන්ගෙන් වෙන් වෙලා යන  මනාලියට තම තමන් කොයි තරම් ආදරේද කියලා පෙන්නන ස්කොට්ලන්ත පවුල් වල සාමාජිකයන් සහ මිතුරන් යොදාගන්නේ අමුතුම ක්‍රමයක්. ඔවුන් එහිදී ලෝකේ අපට හමුවෙන බොහෝ දෑ ඉවක් බවක් ණැතුවම මනමාලියගේ ඇඟට වත් කරනවා.   නරක් වෙලා තියෙන කිරි, මඩ, පිටි මිශ්‍රණ, සොසේජස්, සෝස් වගේ දේවල්ල් වෙන් වෙනව වගේම එකටත් මේ සඳහා යොදාගන්නවා. ඊට පස්සේ මනමාලියව ගසකට තියල බැඳලා ඔවුන් සාද දානවා. ඔවුන් විශ්වාස කරන්නේ මෙ පැය කිහිපය ඉවසීමෙන් දරා සිටින්න පුලුවන් වුනා නම්,ඇයට් විවාහ ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයක් දරාගන්නට නොහැකි වූඋ බව.

අපේක්ෂා ගුණරත්න .

Related Articles

Don't Miss


Latest Articles