ගැබ්ගැනීමකට එකතු විය යුතු හොඳම දවස්

ඔයා බලාපොරොත්තු වෙන්නෙ දරුවෙක් නම්, ඔන්න අද මම ඔයාලට කියන්න යන්නෙ ඔයාගෙ දරු සිහිනය සැබෑ කරගන්න දවස් තෝරගන්නෙ කොහොමද කියලයි. ඔයා කෙල්ලෙක් නම්, ඔයාගෙ ඔසප් චක්‍රය ගැන හොඳ අවබෝධයක් ඔයාට තියනවා නම්, දරු පිළිසිඳ ගැනීමක් කියන්නෙ තව දුරටත් හීනයක් නෙවෙයි. 

ඔසප් චක්‍රය හඳුනා ගනිමු. 

මොකක්ද මේ ඔසප් චක්‍රය කියන්නෙ? ඔයා වැඩිවියට පත් වුණාට පස්සෙ හැම මාසෙකම ඔයාට අත් දකින්න වෙන මේ ක්‍රියාවලිය තමයි දරුවෙක් හැදෙන්න මූලික ව ම කටයුතු කරන්නෙ. ඔයා වැඩිවිය පත් වෙනවා කියන්නේ ඔයාගෙ ඩිම්බ කෝෂයෙන් මෝරපු ඩිම්බයක් පිට වෙන එකට. ඒ ඩ්ම්බය පැලෝපීය නාල දිගේ එනකොට එයාට ශුක්‍රාණුවක් හම්බ වුණේ නැති නම්, ගර්භාෂ බිත්ති ගැලවිලා රුධිරය සමග පිට වෙනවා. නීරෝගී කාන්තාවකට නම් මේක මාසයක් ගානෙම සිද්ද වෙන දෙයක්. කැලැන්ඩරයක් අරගෙන ඔයාට ඔසප් වෙන දවස් මාස කිහිපයක් සටහන් කිරීමෙන් ඔයාට ඔයාගෙ ඔසප් චක්‍රය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් නම් මේ වැඩේට එක එක ඇප්ස් පවා තියෙනවා. 
සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයක් දින 28-35ත් අතර තමයි පවතින්නෙ. මේක ඔයාගෙ එහෙ මෙහෙ වෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි වඩාත් හොඳ වෙන්නේ. 

මොකක්ද මේ සරු කාලය?

ඔයා කොච්චර කොහොම සෙක්ස් කරත්, ඔයා සරු කාලයේදි සෙක්ස් කරන්නෙ නැති නම් ඔයාට දරුවෙක් ලබාගන්න නම් වෙන්නෙ නෑ. මොකක්ද ඇත්තට ම මේ සරු කාලය කියන්නෙ? ඔයාගෙන් සරු එහෙම නැත්නම් මෝරපු ඩිම්බයක් පිටවීමේ කාලය තමයි සරු කාලය විදියට හැඳින්වෙන්නෙ. හරි මෙහෙම හිතන්න. ඔයාගෙ මේ මාසෙ ඔසප් දිනය පළවෙනිදා. එතකොට ඔයාගෙ ඔසප් චක්‍රය සිද්ද වෙන්නෙ දින 28කට සැරයක් නම්, ඔයාගෙ සරු දවස වෙන්නෙ දාහතර වෙනිදා. එතකොට මේ දවසට දවස් හතක් කලිනුත් දවස් හතක් පස්සෙත් ඔයාගෙ සරු කාලය කියලා හඳුන්වන්න අපිට පුළුවන්.

සරු කාලය හඳුනගන්නෙ කොහොමද ?

දැන් වෙළඳපොළේ ovulation strips පවා ගන්න තියෙනවා. ඒවාගෙන් ඔයාට ඔයාගෙ සරු කාලය හරියටම දැන ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව විදියක් ගැන අපි කතා කරමු. 

යෝනි ශ්‍රාව වල වෙනස්වීම

ඔයාගෙ යෝනි ශ්‍රාව වෙනදට වඩා පැහැදිලි නම්, ඇලෙන සුලු නම් ඔන්න ඔයාට සරු කාලය ඇවිත් කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. 

දරු පිළිසිඳ ගැනීමකට කළ හැකි දේවල් 

පළවෙනිම දේ තමයි, සරු කාලයේදි සෙක්ස් කරන එක. ඔයා හොඳ කල්පනාවෙන් සරු කාලය හොයාගෙන සෙක්ස් කරනවා නම් ඔයාට දරු පිළිසිඳ ගැනීමකට ඉක්මනින් ම යන්න පුළුවන්.

ඔබ නොකළ යුතුම දේවල්

දුම් බොන්න එපා. 

දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන ඔයා දුම් බොනව නම් දුම් බීමෙන් අනිවාර්යයෙන් ම ඉවත් වෙන්න ඕනෙ. සාමාන්‍යයෙන් වුණත් දුම් බොන එක සෞඛ්‍යය කොච්චර අහිතකරයි ද?

ඇල්කොහොල් ගන්න එපා.

පොඩි ප්‍රමාණයකවත් ඇල්කොහොල් ඔයා දරුවෙක් බලාපොරොත්තු වෙනව නම් පාවිච්චි කිරීමෙන් වළකින්න ඕනෙ. මොකද ඔයාගෙ සරු බව අඩු කරන්න ඇල්කොහොල් වලට හැකියාව තියෙනවා. 

කැෆේන් හැකිතාක් සීමා කරන්න. 

ඔයා දරුවෙක් බලාපොරොත්තු වෙනව නම් ඔයාට කැෆේන් පාවිච්චිය අඩු කරන්න වෙනවා. මොකද කැෆේන් වලටත් ඔයාගෙ සරුබව අඩු කරන්න හැකියාව තියෙනවා. 

ඔන්න ඉතින් ටිප්ස් ටික. දැන් ඔයාගෙ දරු සිහිනය තව දුරටත් හීනයක් නෙවෙයි. 

Related Articles

Don't Miss


Latest Articles