සැමියා ඔබෙන් දුරස් වෙනවා නම් ඔබ කළ යුතු දේවල්

හස්බන්ඩ් දැන් ඉස්සර වගේ සෙක්ස් කරන්නෙ නැද්ද? එයාගෙ sex drive එක අඩු වෙලා කියලා හිතෙනවද? එයා ඔයාගෙන් දුරස් නොවී ළඟම තියාගන්නෙ කොහොමද කියලා අපි අද කතා කරමු. 

කතා කරන්න. 

ඕනෙ ම දෙයක් කතා කරන එකෙන් ප්‍රශ්නෙන් බාගෙකට වඩා විසඳෙනවනෙ. ඉතින් හස්බන්ඩ් ඉස්සර වගේ ඔයා ළඟට එන්නෙ නැත්නම් මුලින් ම කරන්න ඕනෙ ඒ ගැන කතා කරන එක. කෙන්ති අරගෙන, රණ්ඩු වෙමින් කලහකාරීව නම් නෙවෙයි. හරි ම ආදරෙන් කතා කරන්න. ඔයාලා දෙන්නගේ ශාරීරික සම්බන්ධතා නැතුවම ඔයාට පාලුයි කියන්න. එයාට ඒ ගැන තියෙන හැඟීම කතා කරන්න. එයාට ඔයා ළඟදි නිදහස් වෙන්න ඉඩ දෙන්න. ප්‍රශ්නෙට හේතුවත් මේ කතාවෙදි ම එළියට එන්න පුළුවන්. 

මතක තියා ගන්න, ඒ ආදරේ අඩු වෙලා නෙවෙයි!

එයාගෙ සෙක්ස් ඩ්‍රයිව් එක අඩු වෙලා හින්දා, එයා වෙනදා වගේ ඔයා ළඟට එන්නෙ නැති හින්දා ඔයාට දුක හිතෙන එක සාධාරණයි. ඒත් සෙක්ස් කරන්නෙ නැති නිසා ආදරේත් නැති වෙලා කියලා හිතන එක නවත්තන්න. ඒකට හේතුව හොයාගෙන පිළියම් කරනවා මිස ඔයා වරදකාරීත්වයක් ඇති කර ගැනීම නෙවෙයි කරන්න ඕනෙ. 

Body check up එකක් කරගන්න. 

සමහර විටක කාලෙත් එක්ක, වයසින් වැඩි වෙනවත් එක්ක එක එක අසනීප, හෝමෝන වෙනස් වීම්වලට ලක් වෙනවා. මේ හේතුව නිසා ලිංගික හැඟීම් අඩු වෙන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරයෙක් හම්බෙලා body check up එකක් කරගෙන ශාරීරික ව නිරෝගී ද කියලා බලාගන්න. 

වෙනස් වෙන්න.

ඔයාල හැම වෙලාවෙම සෙක්ස් කරන්නෙ එකම තැනක නම්, තැන පොඩ්ඩක් වෙනස් කරන්න. එක එක ඉරියව් උත්සහ කරලා බලන්න. එකම කෑම එකම හැන්දෙන් කනකොට ඒකාකාරී වෙනවනෙ. 

ඔයත් පටන් ගන්න. 

හැමදාම සෙක්ස් කරන්න මූලික වෙන්නෙ එයාද?එහෙම නම් ඔන්න ඔයාගෙ වෙලාව. සෙක්ස් කරන්න පටන් ගන්න ඕන පිරිමියා කියලා එකක් නෑ. ඔයාට පුළුවන් පටන් ගන්න. එක්කො මොකක් හරි ඉඟියකින්, එහෙම නැත්නම් මැසේජ් එකකින් ඒක ඔයාට පුළුවන් එයාට දැනුම් දෙන්න. 

වෛද්‍ය උපදෙස් ගන්න. 

මේ කිසිම දේකින් ප්‍රතිඵලයක් නෑ කියලා හිතෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න. සෙක්ස් කියන්නෙ නරක දෙයක් නෙවෙයි. සාමාන්‍ය ජීවියොන්ට අවශ්‍ය ම දෙයක්. ඒ නිසා එයාගෙ සෙක්ස් ඩ්‍රයිව් එක වෙනදට වඩා අඩු වෙලා නම් වෛද්‍ය උපදෙස් ගන්න. ප්‍රශ්න ඉවර කරගෙන ජීවිතේ විඳින්න!

Related Articles

Don't Miss


Latest Articles