සම පැහැපත් කරගැනීමට සහ කුරුලෑ ඇති වීම වළක්වා ගැනීමට ඕනෑම කාන්තාවක් කැමැත්තක් දක්වනවා. අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ජපානයේ කාන්තාවන් විසින් සම පැහැපත් කර ගැනීම සඳහා භාවිතා කරන අපූරු ෆේස් මාස්ක් එකක් ගැනයි.
මේ සඳහා භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ බිත්තර කහ මද , යෝගට් , මී පැණි සහ දෙහියි.
බිත්තර කහ මද මගින් සම පැහැපත් කරන අතර ඔබේ සමේ ස්වාභාවික තෙතමනය ආරක්ෂා කිරීම සිදු කරනවා.
මී පැණි වල ස්වාභාවික බ්ලීචින් අඩංගු වන අතර ඒවා මගින් සමේ අඳුරු ලප ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් සම පැහැපත් කරනවා. ඒ වගේම සම පෝෂණය කරමින් සමට අවශ්‍ය තෙතමනයද ලබා දෙනවා.
යෝගට් වල අඩංගු ලැක්ටික් අම්ලය මගින් සම මත ඇතිවන වයසට යාමේ ලකුණු සහ පැල්ලම් මකා දමන අතර සම පැහැපත් කිරීමටද උපකාරී වනවා.
දෙහි යනු ස්වාභාවික බ්ලීචින් කාරකයක් වන අතර දෙහි වල අඩංගු වන පෝෂණ සංඝටක මගින් සම පැහැපත් කිරීම, සම මත ඇතිවන අඳුරු ලප මකා දැමීම සහ කුරුලෑ පාලනය කිරීම සිදුකරනවා.
මේ ෆේස් මාස්ක් එක සඳහා ,
බිත්තර කහ මද 1
යෝගට් තේ හැඳි 1
මී පැණි ස්වල්පයක්
දෙහි බිංදු කිහිපයක්
අවශ්‍ය වෙනවා.
මුලින්ම පිරිසිදු භාජනයක් ගෙන ඉහත අමුද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කර ෆේස් පැක් එක සකස් කර ගන්න
මෘදු ක්ලෙන්සර් එකක් භාවිතා කර මුහුණ හොඳින් පිරිසිදු කර ගන්න
ඉන්පසුව මද උණුසුම් වතුරෙන් මුහුණ නැවත සෝදා ගන්න
මුහුණ තෙත මාත්තු කර ගෙන, සකස් කර ගත් ෆේස් මාස්ක් එක මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ඒකාකාරීව ආලේප කර ගන්න
මාස්ක් එක හොඳින් වියලෙන්නට හැර සීතල වතුරෙන් ඉතා මෘදුව සෝදා හරින්න. ඒ සඳහා ක්ලෙන්සර් එකක් හෝ ෆේස් වොශ් එකක් භාවිතා නොකර සිටීමට වග බලා ගන්න
මුහුණ පිරිසිදු කර ගත් පසුව මුහුණ තෙත මාත්තු කරගෙන මොයිස්චරයිසර් එකක් හෝ ටෝනර් එකක් ආලේප කරන්න
ඔබට අධික ලෙස කුරුලෑ සහිත සමක් තිබෙනවා නම් මෙම මාස්ක් එක සඳහා යෝගට් භාවිතා කිරීමෙන් වැළකී සිටිය හැකියි.