මිය ගිහිනුත් පෙම්වතා සොයා ආ පෙම්වතියගේ කතාව

මේ කතාවත් අපූරු චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයේ නම Shutter. මේක American Supernatural Horror Film එකක්.

මේ Shutter කියන චිත්‍රපටය ආවෙ 2008 අවුරුද්දෙ. අවුරුදු ගාණක් පරණ චිත්‍රපටයක් උනත් ඉතින් මේ වගේ චිත්‍රපටයක් අදට උනත් බලන එක හරිම අපූරුයි කියලා කියන්නම ඕන. කොහොමත් ඇමෙරිකාවෙ මිනිස්සු දන්නවා පරණ චිත්‍රපටයකින් උනත් ප්‍රේක්ෂකයන්ව හොඳටම බය කරන්න නේද?

ඉතින් චිත්‍රපටයේ කතාව පටන් ගන්නෙ ඔන්න මේ විදියට.

බෙන් ශෝ කසාද බැන්දෙ ලඟදි. එයාගෙ නෝනගෙ නම ජේන්.මෙයාලා ජීවත්වෙන්නෙ නිව්‍ යෝක් වල. හැබයි ජපානෙ හම්බුවෙච්ච හොඳම හොඳ රස්සාවක් නිසා මෙයාලා දෙන්න නිව් යෝක් අතෑරලා ජපානයේ ටෝකියෝ වලට යනවා.

කොහොමහරි වාහනේ ඩ්‍රයිව් කරගෙන යද්දි ජේන් අතින් ගෑණු ලමයෙක්ව ඇක්සිඩන්ට් වෙනවා. මේ හැම දෙයක්ම පටන් ගන්නෙ ඔන්න ඔය ඇක්සිඩන්ට් එකත් එක්ක. මුලින්ම මේ ගොල්ලො දකිනවා එයාලා ගන්න ෆොටෝ වල තියෙන ටිකක් අමුතු එලියක්. ඊටපස්සෙ බෙන්ට එයාගෙ උරහිස් වල මාරම වේදනාවක් දැනෙන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි එයාලා යාලුවො කියනව බෙන් නිකන් නැවිලා කුදුවෙලා ඉන්නවා වගේ පේන්නෙ කියල හරියට අර උරහිස් වල ලොකු බරක් තියාගෙන ඉන්නවා වගේ. දොස්තර ලඟට ගියාට මුකුත් ලෙඩක් හොයාගන්න පුලුවන් වෙන්නෙත් නෑ.

කොහොමහරි බෙන්ගෙ ඔෆිස් එකේ ඇසිස්ටන්ට් මොකද කරන්නෙ බෙන්ව එක්කරගෙන යනවා එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ලඟට. ඒ බෝයි ෆ්‍රෙන්ඩ් ඔය පැරනෝමල් දේවල් ගැන කතාකරන මැගසින් එකක් කරන කෙනෙක්. කොහොමහරි මේ බෙන්ගෙ ෆොටෝස් අරව මේව ඔක්කොම බලන මේ මනුස්සයා මහ අමුතු කතාවක් තමයි කියන්නෙ.

ඒ තමයි මේ බෙන්ලගෙ ෆොටෝ වල එලියක් විදියට පේන්නෙ වෙන දෙයක් නෙවෙයි මැරිච්ච කෙනෙක්ගෙ ආත්මයක් කියලා. ඒ කියන්නෙ භූතාත්මයක් කියලා. මෙයාලා කවුන්සලින් ඒවට මේවට ගියාට බෙන් ඕව විශ්වාස කරන්න කැමති වෙන්නෙ නැතුව දමලා ගහලා එනවා.

කොහොමහරි ජේන් හිතනවා මේ ෆොටෝ එකේ තියෙන ඔෆිස් බිල්ඩින් එක බලන්න තමන් යන්න ඕන කියලා. ඒ විදියට එතනට යන ජේන් ඒ ඔෆිස් එකේ ආලෝකය එකතුවෙලා තියෙන ඔෆිස් කාමරේක ෆොටෝ අරගන්නවා. එතනදි තමයි එයාට මැරිච්ච ගැහැණු ළමයගේ ආත්මය හමුවෙන්නෙ.

ඒ මැරිච්ච ගැහැණු ළමයගෙ නම මෙගුමි ටනාකා. ඒ විතරක් නෙවෙයි එයා කියන්නෙ බෙන් තමන්ව දන්නවා කියලත්.

කොහොමහරි ජේන් මේක ගැන බෙන් ගෙන් අහනවා. ජේන්ගෙ ප්‍රශ්න ඉස්සරහා තවදුරටත් මේ කතාව හංගගෙන ඉන්න බෙන්ට ඉඩක් ලැබෙන්නෙ නෑ. ඒ අනුව තමයි බෙන් වෙච්ච හැමදේම ගැන ජේන්ට කියන්න පටන් ගන්නෙ.බෙන් කියනවා තමන් සහ මෙගුමි කලින් යාලුවෙලා හිටිය බවත්, මෙගුමිගෙ තාත්තා මිය ගියාට පස්සෙ මෙගුමි ටිකක් පිස්සු නටන්න ගත්තා කියලා. ඔන්න ඕක නිසා බෙන්ට මෙගුමිව එපා වෙලා තියෙනවා. ඒ එපා වීම නිසා බෙන් කරලා තියෙන්නෙ එයාගේ යාලුවො දෙන්නෙක් වෙච්ච ඇඩම් සහ බෘනොගෙ උදව්වෙන් එයා මෙගුමිව මරලා වල දැම්මා කියලා.

මේක ඇහුවට පස්සෙ ජේන්ට හොඳටම තරහා යනව. ඒ විතරක් නෙවෙයි තමන් මෙච්චර දවසක් බෙන්ව විශ්වාස කර එක ගැනත් එයාට මාරෙටම දුක හිතෙනවා. හැබයි ඒ හැමදේම පාලනය කරගෙන එයා බෙන්ගෙන් අහනවා මෙගුමිව වල දැම්මෙ කොහෙද අපි එතනට යන්න ඕන කියලා.

කොහොමහරි මෙයාලා මෙගුමිගෙ ශරීරය හොයාගෙන යනවා. ඒ වෙද්දිත් ඒක හොඳටම දිරාපත්වෙලා තියෙන්නෙ. එයාව මරලා දාලා තියෙන්නෙ පොටෑසියම් සයනයිඩ් දීලා. මේ වෙන අතරවාරෙ මෙගුමිගෙ හොල්මනට පුලුවන් වෙනවා බෙන්ගෙ යාලුවො දෙන්නා වෙන ඇඩම්ව සහ බෘනොව මරලා දාන්න.

ඇඩම් මැරෙන්නෙ ෆොටෝ අරගන්න වෙලාවක මොකක් හරි දේකට හොඳටම බයවෙලා. බෘනො මැරෙන්නෙ එයාගෙ අපාට්මන්ට් එකෙන් බිමට පැනලා. කොහොමහරි මෙගුමි බෙන්ව අතාරින්නෙත් නෑ. මෙගුමි යාලුවෙලා ඉඳියෙ බෙන් එක්ක. එයාට හොඳටම පලිගන්න ඕන බෙන් ගෙන්. මෙගුමි උත්සහ කරනවා බෙල්ල මිරිකලා බෙන්ව මරලා දාන්න. ඒත් ඒක හරියන්නෙ නෑ. කොහොමහරි ජේන්වත් උස්සලා ජනේලෙකින් විසිකරාට පස්සෙ මෙගුමි එතනින් යන්නෙ බෙන්ට ජීවත්වෙන්න ඉඩ ඇරලා.

කොහොමහරි මෙගුමිගෙ සිරුර හරි විදියට අවසන් කටයුතු කරලා බෙන් සහ ජේන් ආපහු පාරක් නිව් යෝක් වලට යනවා.

නිව් යෝක් වලදි අරගන්න ෆොටෝ කීපයක් ආපහු බලද්දි තමයි ජේන් හිට කීරි ගස්සන දෙයක් දකින්නෙ. ඒ ජපානෙ දාලා ආව කියලා හිතපු මෙගුමිගෙ හොල්මන එයාලා එක්කම නිව් යෝක් ඇවිත් කියන එක.බෙන්ගෙ සහ තමන්ගෙ ක්ලොසට් එක ඇතුලට මෙගුමි යනවා තමයි ජේන් දකින්නෙ.

ක්ලොසට් එක ඇරලා බලන ජේන්ට හම්බෙනවා බොක්ස් එකක්. ඒක ඇතුලෙ තියෙනවා වීඩියෝ ටේප් එකක්. ඒ වීඩියෝ එකේ තියෙන්නෙ ජේන් දකින්න බලාපොරොත්තු නොවිච්ච මෙගුමිගෙ මරණය සම්බන්ධ තිත්ත ඇත්තක්.

ඒ මොකක් කියලද ඔයා හිතන්නෙ?

අන්න ඒ ඇත්ත දැනගන්න Shutter කියන Movie එක බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles