අම්මලා කියන්නෙ දරුවන්ගෙ දුක දන්න අය කියලා අපි කියනව. සමහර වෙලාවට ඒ දරු දුක තේරෙන්න අම්මා කෙනෙක් වෙන්නම ඕන නෑ. මව්වත් හිතක් තියෙන ඕනම කෙනෙක්ට දරුවෙක්ව තේරුම්ගන්න පුලුවන්. හැබැයි අද මේ චිත්‍රපට ලිපියෙන් අපි කතා කරන්න යන්නෙ දරුවන්ගෙ දුක දන්න අම්මාවරුන් ගැන කතාවක් නෙවෙයි.
මේ කතාවෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ අම්මලා සහ දරුවො බව ඇත්ත. අම්මලා සහ දරුවො සම්බන්ධ Crime Thriller Series එකක් තමයි අපේ දිලිනි නංගි මේ පාර ආටිකල් එක ලියන්න තෝරගෙන තියෙන්නෙ. මේ චිත්‍රපටයේ නම 1000 Babies.
දරුවො දාහක් කියන්නෙ පොඩි ගාණක් නෙවෙයි. ලොකු ප්‍රමාණයක්. ඉතින් මේ 1000 Babies ලට මොකද වෙන්නෙ? මොකද්ද මේ චිත්‍රපටයෙ කියන කතාව. අන්න ඒක ගැන තමයි අපි අද කතාකරන්නෙ.
ඉස්පිරිතාලෙක වැඩ කරන මේට්‍රන් කෙනෙක් ඉන්නව. මෙයා කසාඳ බැඳපු කෙනෙක් උනාට එයාට දරුවන් හදන්න බැරි ගැටලුවක් තියෙනව. ඉතින් දන්නවනෙ ඉන්දියාවෙ විතරක් නෙවෙයි ලංකාවෙත් එහෙම ගෑණු මනුස්සයෙක්ට සමාජයෙන් අහගන්න වෙන කතන්දර?
ඒ සමහර කතන්දර ඇත්තටම දරාගන්න අමාරු දේවල් වගේම කෙනෙක්ගෙ මනසට ලොකු බලපෑමක් ඇති කරන්න හේතුවෙන දෙයක් වෙන්න පුලුවන්. “තමන් වඳ ගැහැණියක්” කියල මිනිස්සු කිව්ව කතා හන්දම මනස අවුල් වුණ මේ මේට්‍රන් ඒ අහන්න ලැබිච්ච හැම කටුක වචනයක් වෙනුවෙන්ම පළිගන්නෙ එයාට කිසිම වරදක් නොකල අහිංසක කිරි සප්පයන්ගෙන්.
ඒ ඉස්පිරිතාලෙදි අම්මලට හම්බුවෙන දරුවන්ව මාරු කරවලා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි දරුවො 1000ක්!
සමහර වැරදි අපි කාලාන්තරයක් තිස්සෙ කරත් ජීවිතේ අවසාන කාලෙ වෙද්දි අපේ හෘද සාක්ශිය ඒ කතන්දර ආයෙ ආයෙ මතක් කරලා දෙනව. ඒක දරාගන්න හරිම අමාරු හැඟීමක්. ඒ විදියට තමයි එයා පස්සෙ කාලෙක එයා එයාගෙ පුතා විදියට හදන දරුවට ඇත්ත කියන්නෙ.
“ඔයා මගෙ දරුවෙක් නෙවෙයි. වැරදීමකින් දරුවෙක් හම්බුවෙන්න ගිය කෙනෙක්ගෙන් මම ඔයාව අරගත්තා. ඒ විතරක් නෙවෙයි මං මෙන්න මේ විදියට දරුවො ගොඩක් මාරු කරලා තියෙනව” කියල එයා එයාගෙ දරුවට කියනවා.
මේක අහන දරුවට මේ ඇත්ත දරාගන්න අමාරු වෙනවා. ඒ විදියට තමයි එයා තමන්ගෙ ඇත්තම අම්මා සහ තාත්තා කවුද කියලා හොයාගෙන යන්න හදන්නෙ. එහෙම ගියාම තමයි එයා දැනගන්නෙ තමන් එක්ක හුවමාරු කරපු අනිත් දරුවා, තමන්ට ලැබෙන්න තිබුන හැම සැප සම්පතක්ම ලබාගත්ත දරුවා, තමන්ට නොලැබිච්ච දෙමව්පිය ආදරය ලබාගත්ත දරුවා දැන් තමන්ගෙ දෙමව්පියන්ට හරිම නරක විදියට සලකනවා කියලා.
කොහොමහරි මෙයා මොකද කරන්නෙ එයා හිතනවා තමන්ගෙ ඇත්ත අම්මා සහ තාත්තට නරක විදියට සලකන මේ දරුවගෙන් තමන් පලිගන්න ඕන බව. ඒ විදියට තමයි එයා තමන් එක්ක swap වෙච්ච අනිත් දරුවව මරලා දාන්න කටයුතු කරන්නෙ.
හැබැයි මේ කතාව එතනින් නතර වෙන්නෙ නෑ. මෙයා තමන්ගෙ foster අම්මා ඒ විදියට මාරු කරපු දරුවන් හැම කෙනාගෙම විස්තර ටික හොයාගන්නවා. ඒ හොයාගෙන මෙයා මොකද දන්නවද කරන්නෙ, තමන්ට ලැබුන අවස්තාවන්, ආදරය, කරුණාව කියන කිසිම දෙයක් හොඳ විදියට පාවිච්චි කරන්නෙ නැතුව ජීවත්වෙන හැම කෙනාවම එලොව යවන්න කටයුතු කරනවා.
මේ සිද්දිය කේරල පොලිසියේ ඇහැට ගැටෙන්නෙ හරිම අහම්බෙන්. ඒ මෙයා තමන්ගෙ යාලුවට යවන ටිකක් අමුතු විදියෙ ලියුමක් පොලිසියට දකින්න ලැබුණයින් පස්සෙ.
මේ මේට්‍රන්ගෙ නම Sarah Ouseph. එයාගෙ පුතාගෙ නම Bibin Ouseph. මෙයාලා ජීවත්වෙන්නෙ කොට්ටයාම් මුන්දකායම් කියන නගරයේ. Bibin මෙහෙම මිනිස්සු මරන්න තව හේතුවක් තමයි එයා කොච්චර දක්ශ මනුස්සයෙක් උනත් එයාට ඉස්සරහට යන්න අවස්තාවන් ලැබුනෙ හරිම අඩුවෙන් වෙච්ච එක,කොච්චර දක්ශ උනත් Bibinට වැඩ කරන්න වෙන්නෙ ලැබ් ටෙක්නිශියන් කෙනෙක් විදියට. එයා ඒක ගැන සමාජය එක්ක එක්තරා විදියක තරහකින් තමයි ඉන්නෙ.
Sarah ටිකක් පිස්සු හැදිලා වගේ හැසිරුනාට Bibin එයාගෙ හදාගත්ත අම්මට ආදරය කරනවා. එයාව ඉවසනව. මොක උනත් එයා තමයි තමන්ව හදාගෙන මෙච්චරවත් ඉස්සරහට අරගෙන ආවෙ කියන එක එයා අමතක කරන්නෙ නෑ.
මේ සිදුවීම් ඔක්කොම වෙන්නෙ 2010 දි.
2022 අවුරුද්දෙදි Kalamassery Circle Inspector Aji Kurian ට Investigate කරන්න වෙනවා ජනප්‍රිය නිලියකගෙ Murder Case එකක් ගැන. ඒ කේස් එක Investigate කරගෙන යද්දි තමයි Kalamassery Circle Inspector Aji Kurianට තේරෙන්නෙ තමන් හිතනවට වඩා දෙයක් මෙතන තියෙන බව.
ඉතින් මේක නම් ඇත්තටම බලන්න වටින Series එකක්. Episodes 7 තමයි තියෙන්නෙ. ඒ වගේම මේක ගලාගෙන යනවා කාලය යනවා කියලා තේරෙන්නෙ නැතුව.
ඉතින් බලන්න.
අන්තිමේදි 1000 babies ලට වෙන්නෙ මොකද කියලා එතකොට ඔයාලට දැනගන්න පුලුවන්!