කී රොටී / කිරි රොටී කියන්නෙ අතීතයේ ඉදලම අපේ ආහාර සංස්කෘතියේ එන හරිම රසවත් සහ වෙනස් ආහාරයක් කියල හඳුන්වන්න පුළුවන්.
එකපාරක් හරි කී රොටී රස විඳල තියෙන ඔබ ආයෙ පාරක් ඒ රස බලන්න කැමතියි කියන කාරණාව පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
කී රොටී හදන්න දන්න අය ටිකක් අඩුයිනෙ. ඔන්න ඒ නිසා සාම්ප්‍රදායික නිවැරදි ක්‍රමයට කී රොටී හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්න smart lady අපි සූදානම්.
මුලින්ම අපි අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි 01 kg ක්
පොල් ගෙඩියක මිටි කිරි (දෙවරක් පමණ මිරිකූ කිරි)
ලුණු කුඩු
පැණි මිශ්‍රණය සෑදීම සඳහා
පොල් කිරි (දෙවරක් පමණ මිරිකූ කිරි)
සීනි
හකුරු ටිකක්
ගම්මිරිස් කැබලි
ලුණු කුඩු
හාල් පිටි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මුලින්ම හාල් පිටි දෙපාරක් පමණ හොඳින් හලාගන්න.
ඊළඟට, තරමක් විශාල භාජනයක් ගෙන එයට හාල් පිටි සහ ලුණු කුඩු ස්වල්පයක් දමා පොල් කිරි ටිකෙන් ටික එකතු කරමින් පිටි කැට නොසිටින සේ හොඳින් කලවම් කරගන්න.
ආප්ප සෑදීමට සාදාගන්නා මිශ්‍රණයට වඩා තරමක් දියාරු මිශ්‍රණයක් සාදාගන්න අවශ්‍යයි.
දැන් සාදාගත් මේ මිශ්‍රණය පසෙකින් තබා පොල් පැණි මිශ්‍රණය සාදාගමු.
ඒ සඳහා භාජනයක් ගෙන එයට පොල් කිරි, සීනි, හකුරු, ගම්මිරිස් කැබලි සහ ලුණු කුඩු දමා හොඳින් කලවම් කරගන්න.
කලවම් කරගත් පොල් කිරි මිශ්‍රණය ලිප තබා හැඳිගාමින් රත් කරගන්න මිශ්‍රණය රත්වන විට හාල්පිටි ස්වල්පයක් දමා මිශ්‍රණය උකු කරගෙන පොල් කිරි ටික උතුරවා ගත යුතුයි.
පොල් කිරි උතුරන තරමට නැටූ පසු ලිපෙන් ඉවත්කර කිරි කැටි නොගැසෙන සේ මද වේලාවක් හැඳිගා පෙසෙකින් තබන්න.
දැන් ආප්ප සෑදීමට ගන්නා ආකාරයේ තාච්චියක් ලිපතබා එය රත්වන විට තෙල් ආලේප කර සාදාගත් රොටී මිශ්‍රණයෙන් ටිකක් තාච්චියට වත්කරගෙන තාච්චිය වසා රොටිය පිසගන්න.
පිසගත් රොටිය සෙමින් තාච්චියෙන් ගලවා ඉවත්කර කලින් සාදාගත් පොල් පැණි මිශ්‍රණයේ ගිල්වා ගන්න.
තවත් රොටියක් සාදා එයත් ඒ ලෙසම පොල් පැණි මිශ්‍රණයේ ගිල්වා ගන්න.
ආහාරයට ගන්නා විට යටම ඇති රොටිය මුලින්ම ඉවත් කරගෙන ආහාරයට ගන්න.
මුලින්ම පොඟවා ගත් රොටී පෙඟවී වැඩිවුණු පසු කැඩීමට ඉඩ ඇති නිසා ඒ රොටී ඉක්මණින් ඉවත් කරගන්න ඔබ කල්පනාකාරී විය යුතුයි.
එහෙනම් හදල බලමු නේද කිරි රොටී?
සටහන – දුලානි නවෝද්‍යා