රන් මල් දම් – 6

හය වැනි මල් දම

පසන් නිවෙසින් ගියේ දිලුම් නිවසට පැමිණ ඔහුට යම් ඇණුම් පදයක් කීමෙ පසුවය. දිලුම්ගේ ආකල්ප සහ හැසිරීම් පසන්‍ට කොයි ලෙසකින්වත් දරාගටහ් නොහැකි සහ ඉවසාගන්නට නොහැකි ඒවා වුවද ඔහු ඒ සියල්ල ඉවසමින් නිම්නාවී සතු කර ගැනීමේ අදිටන පමණක් හිතේ තබා උන්නේය. දිලුම් සමඟ ගැටීමෙන් තමාට ලැබෙන කිසිවක්ම නොමැති වග මනාව වටහා ගෙන උන් පසන් නිතරම දිලුම් මඟ හැර ලිස්සා යෑමේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් උන්නේය.

” තමුසේට පිස්සුද අක්කේ මේ රෑ දහයත් පහු වෙනකල් අර මිනිහාව ගේ අස්සේ තියාගන්න,….”

පසන්ගේ මෝටර් රතය පිටව යන්නටත් පෙරම දිලුම් නිම්නාවී වෙත කඩා පැන්නේය. එහෙත් නිම්නාවී එයට ක්සිත් නොපවසාම පසෙකට වූවාය. දිලුම් ඇයට බැණ වදිමින්ම ඇය පසුපසින් කාමරය තෙක්ම ඇවිද ආවේය.

” තමුසෙත් දැන් අර ප්‍රේමවන්තයා වගේ ලූලා තියරිය ට පුරුදු වුනාද?… මං ඇහුවේ මෙච්චර වෙලා අරූව තියාගෙන හිටියේ මොකද කියලා…”

” වොශ් දාගෙන කාලා ඉන්න මල්ලී…”

නිම්නාවී කණ්ණාඩිය ඉදිරියට වී ව්‍යාජ අවශ්‍යතාවක් ඇති කරගන්නට උත්සාහ කරමින් කීවාය. එහෙත් දිලුම්ගේ බැණුම් අවසන් වූයේ නැත.

” මම ඒ මිනිහාව බැණලා එලවගත්තා නම් අහ්‍රි, ගනන් නොගෙන කාමරේට වෙලා  හිටියා නම් හරි.. මේ වෙනකොට අම්මා ගෙදර දෙක වෙන්න කෑ ගහලා මල්ලී .. ඔයත් ඒක දන්නවනේ… ඒක හින්දායි, ඕනි දෙයක් කරගන්න කියලා මම වාඩි වෙලා ඌ කියන එව්වාට හාං හූම් කිය කිය හිටියේ.. මට ජීවිත කාලේ පුරාවටම රඟපාන්න තියෙන සීරිස් එකක ට්‍රේලර් එකක් ඉඳලා හිටලා හරි ප්ලේ කරලා බැලුවට ඒකේ වරදක් නෑනේ…”

දිලුම් නිහඬවම ආපසු හැරුනේය.  අක්කා ඇගේ ජීවිතය අත් හැර හමාරය. අම්මා අක්කාගේ ජීවිතය ඇයට රිසි ලෙස එහෙ මෙහෙ කරන්නීය. අඩුම තරමේ අක්කාට නිදහසේ හුස්මක් ගන්න තරම්වත් ඉඩක් නැතිවා නොවේදැයි ඔහු සිතුවේය. අම්මා සමඟ ගැටෙන්නට ගොස් සිදුවූ සියල්ල භයංකර අත්දැකීම සේ මතකයේ ඇති නිසාදෝ, අක්කා අම්මා ඉක්මවා නොගොස් ඇගේ ජීවිතය ඔහේ ගලා යන්නට ඉඩ දෙමින් සිටිනවා විය යුතුයැයි ඔහු සිතුවේය.රන්දුලා පිළිබ්ඳව අම්මා දැනගත් පසු කුමක් සිදුවේද යන්න ඔහුට සැනෙකින් සිහිපත් වූයේ මොහොතක ගින්නක් හදවත තුළ අවුලමිනි.

එහෙත් තමා අක්කා මෙන් නැවතෙමින්  ලතැවෙමින් සිටින්නේ නැති වග ඔහුට විශ්වාසය. සීමාවාසික වසර නිමවූ වහාම රන්දුලාවද කැටුව විදෙස් ගත වීමේ සැලැස්මට සියල්ල සැකසෙමින් ඇත. හිතෙහි ඇති එකම ඇලීම අක්කාය. ඇය පසන් ට දමා යන්නට නොහැකි වීමය. එය එසේයැයි කියා අක්කා අම්මලාට එරෙහි වී පසන්ව හැර දමා තම සමඟ එන්නේද නැති බව දිලුම් හොඳින්ම දනි.

දිලුම් නාන කාමරයට් වැදී සිත් සේ නාගත්තේය. හිතේ සංකා යන්නටහ් එක්කම කුස පිරෙන්නට රාත්‍රී ආහාරය ගත්තේය. අක්කාගේ කාමරයට එබී ඈ සිටින්නේ නින්දේ බව වටහාගෙන ආපසු කාම්‍රය තුලට් වැදුණේය.

” ජීවිතේ මොන දේ වුනත්, මාව අතාරින්න එපා රන්දූ …”

එලෙසින් කෙටි පණිවිඩයක් රන්දුලා වෙත යවා නින්දට වැටුනේය.

දිලුම් මඟ හරින්නට අවැසි නිසා දෑස් වසා උන්නා මිසෙක අදත් නිම්නාවීට නිදි නැති රැයක්ම විතරය. ජීවිතය ගැන දැනෙන අවිනිශ්චිත බව ඝැන වැඩි වැඩියෙන් කල්පනා කරන්නට හිතෙන රැයක් ය. පසන් සමඟ විවාහ වීමෙන් පසුව තමාට ලැබෙන ජීවිතය ගැන නිම්නාවීට අදහසක් ඇත. පසන්ගේ දෙමාපියන් එකිනෙකා නුරුස්සන, එහෙත් මුදල් සම්බන්ධ කාරනා වලදී ඕනෑම අයෙකු සමඟ සන්ධානගත විය හැකි තරමේ අයවලුන්‍ය. පසන් සහ තමා ගැටගස්වා ඔවුන් ළැඟා අක්‍රගන්නට යන්නේත් එවන්ම ඉලක්කයක කොටසක් බව නිම්නාවීඉට නොවැටහෙනවා නොවේය්. එහෙත් අම්මා සහ තාත්තා සිටින්නේ පසන්ගේ දෙමාපියන් පවුලේ මිතුරන් සේ ගෙන ඉතා ඉහලින් සමරමිනි. පසන්ගේ දෙමාපියන් තමා හා පසන්ව සම්බන්ධ කිරීම පිලිබ්ඳව යෝජනාව ගෙනා දිනයේ අම්මලා සතුටු වූ ආකාරය නිම්නාවීට ඉතා තදින් මතකය. ඒ සතුටට නිමිත්ත කුමක්දැයි ඇයට වටහා ගන්නට මද කාලයක් ගත විය. දරුවන් තමාගේ අයිතීන් වග සිතමින් හැසිරෙන ඔවුන් දෙදෙනා දෙස පිළිකුලින් බලා සිටින දිලුම්ගේ මුහුණද නිම්නාවීට හොඳින්ම මතකය.

තමන්ව පසන්ට විවාහ කරවීම පිටුපස ඇති අර්තය තමන්ව පසන්ට විකුණා දමා අම්මලාගේ ව්‍යාපාර වෙනුවෙන් පසන්ගේ පියාගේ ව්‍යාපාර කොටස් එක කර ගැනීම බව නිම්නාවී දැන් ඉතා හොඳින් දන්නීය. එලෙසින්ම පසන්ට තමාව අවැසි ඔහුගේ ප්‍රදර්ශනාත්මක බිරිඳ ලෙසින් මිසෙක ජීව්තයේ අඩක් වී තමා සමඟ  සිටින්නට නොවන වගද නිම්නාවී දන්නීය. අම්මාත් තාත්තාත් පරයා යමින්, ඔවුන්ට එරෙහි වෙමින් තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කිරීමට ඇති අයිතිය නිම්නාවීට අහිමි වී ගියේ මීට අවුරුදු දහයකටත් එපිටදීය.  අහිමි වී ගියා කීවාට, නිම්නාවීගේ අම්මා ඇයට ඒ අයිතිය අහිමි කර දැම්මාය. ඉන් පසුව අම්මා ට එරෙහි වෙමින් තමා වෙනුවෙන්‍ය කියා හුස්මක්වත් ගන්නට නිම්නාවී ඉස්සර වූයේ නැත. එවැන්නක් යන්තම් හෝ ඉඟි වැටුනත්, නිම්නාවීගේ අම්මා ඇයට බොහෝ දේ සිහිපත් කලාය.

නිම්නාවී මුහුණු පොතට එබී සෙත් වර්නකුල ලෙසින් සෙව්වාය. එවැනි නමක් නැත. වර්නකුලලා බොහෝ දෙනෙක් සිටියද ඒ අතර සෙත්ට සමාන රුවක් නැත. මේ නිම්නාවී අද ඊයේ කරන දෙයක් නොවේ. ඕ  දින කිහිපයකට වරක්, සෑහෙන්න කාලයක තිස්සේ මෙය කරන්නිය. එහෙත් පාසැල් මිතුරියකට කෙටි පණිවිඩයක් හෝ යවා ” ඒ අර අපිත් එක්ක ඩිබේට් ටීම් එකේ උන්න සෙත් එෆ් බී ඉන්නවාද? ,,” කියා අසන්නට ඇගේ දිව නැමුනේ නැත. බැරි වෙලාවත් එලෙස විමසන මිතුරා හෝ මිතුරිය ඒ සියලු තොරතුරු අම්මාට පවසාවිය යන භීතිකාව ඇගෙ සිතේ නොඅඩුව විය.

” හොඳට මතකතිය ගනින් මේක නිම්නාවී.. උඹ ආයේ ඒ වගේ වැඩක් අක්‍රලා තිබුනොත් තාත්තයි, මමයි එල්ලෙනවා මේ ගෙදරම …”

අම්මාගේ ප්‍රතිචාරය සහ ආවේගය හැමවිටම ඇයට මැවී පෙනෙන්නට විය. එනිසාම ඕ අවධානම් ගත්තේ නැත. අම්මලා හා එකඟව සියල සිදු කලේය.

” අක්කේ .. මේ… තමුසේ දැන් වගකීම් සහගත කෙල්ලෙක් හලෝ.. මේ ගේ අස්සේ ඉඥගෙන දැලි හෝදන එක ඇරුනම ඔයාට සැහෙන්න වැඩ තියෙනවා ඉස්සරහ ලෝකේ …ඒ නිසා මේ කියන එක අහගන්න ..  චුට්ට චුට්ට ඔයා වෙනුවෙන්  ෆයිට් කරන්න අක්කේ.. එකපාරටම කිසිම දෙයක් වෙනස් වෙන එකක් නෑ.. අනෙක් අතට ඔයාට පොඩි කට්ටක් කන්නත් වේවි…හැබැයි ඒ කට්ට කෑවට පාඩුවක් වෙන්නේ නෑ….. “

මා උසස් පෙල පන්ති වල ඉගෙන ගනිමින් උන් දවසක  මල්ලි එලෙසින් අවධාරනය කල අයුරු නිම්නාවීට මතකය. ඒ කාලයේ අම්මා මල්ලීවද පාලනය කිරීමට උත්සාහ කල නමුත් මල්ලී ඉතාම උපක්‍රමශීලි ලෙසින් අම්මාගෙන් මිදුනේය. ඇතැම් විට ඔහු ඒ සඳහ පාසැලේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිතුමාගේද සහයෝගය ගත් බව නිම්නාවිට මතකය. මල්ලීව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුලු කරවීමට අම්මාට කෙතරම් අවශ්‍ය වුවත්, මල්ලී අම්මාට නොදැනෙන හීන්  ඌලෙන් රජයේ වෛද්‍ය විදාලයකටද ඇතුලත් වූයේය. එහි සියලු කටයුතුද ඉතා සැහැල්ලුවෙන් සහ වගකීමෙන් ඉටු කර අවසන් අක්‍රගත්තේය. රන්දුලා සමඟ ප්‍රේමයෙන්ද බැඳුනේය. එහෙත් තමා රොබෝවෙකු ලෙසින් ඔහේ ජීවත් වන්නේය. කිසිඳු සමාජ ස්පර්ශයක් ණැත. පෙර දින රොය අනතුර වූ මොහොතේද අසීමාන්තික කලබලයක් සදා ගත්තේ ඒ නිසා විය ඃඇක. එසේ නොවන්නට වාහනය නවතා, ඉන් බැසගෙන අවට සිටින කිසිවෙකුගෙන් හෝ උදව්වුක් ගෙන ඒ කාන්තාව රෝහල් ගත කිරීමට තමාට ඉඩ තිබූණි. සිදු විය යුත්තේද එයයි. එහෙත් ඒ අවස්තාව සම්බන්ධීකරනය කර ගැනීමට අවශ්‍ය ආත්ම ශක්තිය තමා සතු නොවන බව නිම්නාවී අවබෝධ කරගෙන උන්නාය. ඒ ආත්ම ශක්තිය න්ම් වන කොන්ද නිම්නාවීගේ අම්මා  විසින් කඩා දමා හමාරය.යලි එය සකසා ගන්නට ටහ්‍රමේ හය්‍යක් නිමාවීට නැත.

නිම්නාවී පසුදා ඇහැරුනේද පෙරදා රැයෙහි සිත තුල වූ කලබලය සමඟින්මය. දිනෙන් දින තමා තුල ගොඩ ගැසෙන වරදකාරී හැඟීම නැති කර ගැනීමට නම් තමා කුමක් කල යුතුදැයි ඕ ඇඳේ වැතිරී සිටින අතරේම සිතුවාය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles