ගැඹුරු පතලකින් හමු වූ සුරූපිණිය

විද්‍යාත්මක සංකල්පයන් බොහොමයක් උඩු යටිකුරු කරපු ටිශූල්  කුමරියගේ කතන්දරය ගැන තමයි අද ස්මාට්‍ලේඩි මේ ලිපියෙන්  ඔබට කියන්න යන්නේ. මේ කතන්දරේ පටන් ගන්නේ 1989 සැප්තැම්බර් මාසෙ දවසක රුසියාවේ සයිබීරියාව කියන ප්‍රදේශයේ පැරැණි ගල් අඟුරු පතළකින් තමයි මෙන්න මේ කුමරියගේ කතන්දරේ ගැන මුල්ම ඉඟිය මතුවෙන්නේ.

සයිබීරියාවේ ටිෂූල් කියන ප්‍රදේශයේ තිබුණු මේ පැරණි ගල් අඟුරු පතලේ කම්කරුවෝ විශාල ප්‍රමාණයක් වැඩ කරනවා. මට්ටමේ ඉඳන් සෑහෙන ගැඹුරක් තිබුණා වුණත් කම්කරු විශාල ප්‍රමාණයක් මේ ටිෂූල්  කියන පතලේ වැඩ කරලා තියෙනවා.

වැඩ කරමින් ඉන්න අතරේ, එතැන හිටපු එක කම්කරුවෙකුට  විශාල මිනී පෙට්ටියක් වැනි කිරි ගරුඩෙන් හදපු මංජුසාවක් හම්බවෙනවා. ඒ මිනී පෙට්ටිය වගේ පෙනෙන මංජුසාව දැකල කලබල වෙන කම්කරුවා තමන්ගේ ලගින්ම ඔන්න කළමනාකරවරයාට වහාම මේ ගැන කියනවා. පස්සේ කම්කරුවෝ ඔක්කොම මේ මංජුසාව වටේ එකතුවෙනවා.

 ඊට පස්සේ හැමෝම එකතුවෙලා මේ මංජුසාව මීටර් 70ක් යට තිබුණු පතලේ ඉඳන්  පොළොව මතුපිටට අරගෙන එනවා.පොළොව යටින් මතුවුණු නිධානයක් කියලා හිතාගෙන කම්කරුවෝ හැමෝම ඒ ගැන ඉතාමත් සතුටටත් පත්වෙනවා.  ඊට පස්සේ කළමනාකාරවරයාත් එක්ක එකතු වෙන කම්කරු පිරිස හොඳට සීල් කරලා තිබුණු මේ පෙට්ටිය විවෘත කරන්න උත්සාහ කරනවා.

වාතය ඇතුලට යන්නෙත් නැති විදිහට දාර හොඳට හිප්පෙන විදියට තමයි මේ මංජුසාව වගේ පෙට්ටිය හදල තියෙන්නෙත්. ඒ නිසා කම්කරුවන්ට මේ පෙට්ටිය විවෘත කරන එක එච්චර පහසු වෙන්නෙත් නැහැ. කොහොම උනත් කම්කරුවෝ හැමෝම එකතුවෙලා ඉතාම සීරුවෙන් මේ පියන විවෘත කරනවා.

පෙට්ටිය විවෘත කරන කම්කරුවන්ට දකින්න ලැබෙන්නේ පාට සහ නිල් පාට කලවම් වුණු දියරයක් මේ පෙට්ටිය පුරාම පිරිලා තියෙන බව. . රත්තරන් රිදී මුතු මැණික් කියන නිධානයක් බලාපොරොත්තුවෙන් පෙට්ටිය විවෘත කරපු කම්කරු පිරිස මේ දියරය දිහා කිසිම දෙයක් හිතාගන්න බැරුව බලාගෙන ඉන්නවා ඊට පස්සේ හිරු එළියට මේ දියරය නිරාවරණය වුණහම ටිකෙන් ටික මේ දියරය පාරදෘෂ්‍ය වෙන්න පටන් ගන්නවා ඇතුළෙ තිබුණු දියරය පාරදෘෂ්‍ය වෙනකොට මේ කළමනාකාරවරයාටයි කම්කරුවන්ටයි දකින්න ලැබෙන්නේ ඇස්  අදහගන්න බැරි දර්ශනයක්. නිදාගන්නවා වගේ ස්වභාවික ස්වරූපයක උන්න තරුණියක් තමයි පාරදෘෂ්‍ය තරලයට යටින් මතු වෙනවාඅ.

ඉතා දිග තද දුඹුරු පාට කොණ්ඩයක් තියෙන, උසින් අඩි පහමාරක් විතර වෙන වයසින් අවුරුදු විසිපහක් විසි හයක් විතර වෙන තරුණියක් මේ විදියට පෙට්ටියක් ඇතුලේ මෙතරම් ස්වභාවිකව  ඉන්නේ කොහොමද කියලා කම්කරුවන්ටත් කළමනාකාරිවරයටත් හිතාගන්න බැරි වෙනවා.   ඒ වගේම ඈ ඇඳගෙන ඉන්නෙක් හිම වගේ සුදු පාට ඇඳුමක්. ඒ ගවුම දන්න හිස තෙක් විතරයි දිග තියෙන්න.  ඒ ගවුම වෛවර්ණ  මල්වලින් එම්බ්‍රොයිඩර් කරලා තියෙනවා.

කම්කරු පිරිස තව ටිකක් පෙට්ටිය තුළට එබිල බලනකොට ඔවුන්ට දැකගන්න ලැබෙනවා මේ යුවතියගේ හිස තියලා තියෙන ප්‍රදේශයේ කළු පාට පෙට්ටියකුත්  තියෙන බව.

තවදුරටත් මේ සිදුවීම තමන් අතරේ විතරක් තියාගැනීම ඉතාමත් භයානක බව තේරුම් ගන්න කළමනාකාරවරයා වහාම ක්‍රියාත්මක වෙලා රජයේ බලධාරීන්ට මේ ගැන කියනවා. උදේඑ දහයට විතර මේ තොරතුර රජයේ බලධාරීන්ට කිව්වට පස්සේ ඔවුන් ආයෙම මෙම ස්ථානයට එන්නේ හවස තුනට විතර වෙනකොට. ඒ වෙනකොට කටෙන් කට මේ තොරතුරු ගිහිල්ලා තියෙනවා. ඒ  නිසා මුළු ගම් හය හතකම මිනිස්සු මේ අපූරු දසුන බලන්න එම ස්ථානයට පේළි හැදිලා එන්න ගන්නවා.

බලධාරීන් ආව ගමන්ම ඔවුන් ඉතාමත් කලබලයට පත්වෙලා.,  මේ දේහයට නිරාවරණය වුණු මිනිස්සුන්ව වහාම නිරෝධායනයට ලක් කරනවා. ඒ වගේම ඔවුන් සැලසුම් කරනවා මෙම දේහය නගරයට අරගෙන යන්න. නමුත් කිරිගරුඬ වලින් හදපු  මේ මංජුසාවත් එක්ක තියෙන දේහය හෙලිකොප්ටරයෙන් උස්සන්න වත් ඉඩ ලැබෙන්නේ නැහැ.

ඒ තරමට  ඉතාමත් දැඩි බරක් මේ කිරිගරුඩ පෙට්ටියේ තියෙන්නේ. ඊට පස්සේ බලධාරීන්  මුලින් අර රෝස නිල් පැහැයට තිබිලා ආවර්ණ වුණු දියරය ටිකෙන් ටික ටිකෙන් ටික හිස් කරන්න පටන් ගන්නවා. ඔවුන් උත්සාහ කරන්නේ දියරය නැතුව  පෙට්ටිය විතරක්  නගරයට අරගෙන යන්න. ඒත්  නොහිතපු විදියට දියරය ඉවත් කරාට පස්සේ දේහය ටිකෙන් ටික කළු වෙන්න පටන් ගන්නවා.  ඊට පස්සේ බලධාරීන් කලබලයට පත්වෙලා ආයෙම වහාම දියරය මේ පෙට්ටියට පුරවනවා. එතකොට දේහය ආයෙම කළු පාට ඉඳන් කලින් තිබුණු ලස්සන සුදු  රෝස පාට  බවට පත්වෙනවා. ඊට පස්සේ බලධාරීන් කරන්නේ විශාල හෙලිකොප්ටරයක් අරගෙන ඇවිල්ලා මෙම දේහය නගරයට අරගෙන යන එක.

ඊට පස්සේ ඔවුන් මේ දේහය ගැන විශ්ලේෂණ පටන් ගන්නවා. එතනදි හොයාගන්න ලැබෙනවා මෙම කාන්තාවගේ ඩීඑන්ඒ වල සංයුතිය නූතන  රුසියාවේ කාන්තාවන්ගේ ඩීඑන්ඒ වල සංයුතියට වෙන සමාන බව.  ඒ වගේම එතන හිටපු මහලු මහාචාර්යවරයෙක් කියනවා මේ ස්ත්‍රියගේ වයස අවුරුදු මිලියන 800ත් අවුරුදු බිලියන 2ක් අතර වෙන බවත්. ඊට පස්සේ ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රාදේශිය පුවත්පතක මෙම සිදුවීම වාර්තා කරනවා.

එතකොටයි ප්‍රදේශයෙන් පිට ස්ථානවලින් බලධාරිනුත් මෙම ස්ථානයට ඇවිල්ලා මේ පතල සහ ඒ පතල අවට කිලෝමීටර ගානක ප්‍රමාණය සීල් කරනවා. ඒ කියන්නේ කිසිම කම්කරුවෙකුටවත් ඒ ප්‍රදේශයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එක්කම මේ පතල සහ ඒ අවට ප්‍රදේශවල කැණීම් කටයුතු සිදු කරන්න භූ විද්‍යා හා පතල් දෙපාර්තමේන්තුව වගේ ඒ රටට අදාළව තියෙන දෙපාර්තමේන්තු ත් එකතු වෙනවා. . එහෙම වුණාම පතල තියෙන තැන ඉඳන් කිලෝ මීටර හයක් දහයක් අතර ප්‍රදේශයේ තිබුණු දූපත්වල පවා කැනීම් කටයුතු සිදු කරන්න ගන්නවා.

ඒ වගේම මේ කතාවේ තව අතුරු කතා තියෙනවා.  තරුණිය රැගත් පෙට්ටිය විවෘත කරපු වෙලාව එතන හිටපු තරුණ කම්කරුවෙක් මේ පෙට්ටියේ තිබුණු දියරය ඇඟිල්ලේ ගාගෙන ඒක කටේ ගාගත්ත ආරංචියකුත් තියෙනවා. පස්සේ වාර්තා වෙනවා සතියක් ඇතුලත සීත කාලයේදී තමන්ගෙ නිවස ඉදිරියේම ඒ තරුණ කම්කරුවා සීතලෙන් ගල් ගැහිලා මිය ගිහින් තිබුණු බව.

 ඒ වගේම මේ පෙට්ටිය හොයාගත්ත තරුණ කම්කරුවා සහ පෙට්ටිය උඩට ගේන්න දායක වුණුකම්කරුවන් කිහිපදෙනාම මේ පෙට්ටිය  හොයාගෙන අවුරුද්දක් වගේ ඇතුළත ඉතාමත් අද්භූත විදියට රිය අනතුරුවලට මුහුණ දීලා මිය යනවා.

  ඒ වගේම මේ විදියට දිගින් දිගටම අද්භූත සිදුවීම් වෙන නිසා මේ ප්‍රදේශයේ හිටපු තවත් තරුණ පුද්ගලයෙක් බලධාරීන්ට ලියනවා කරුණාකරලා මේ සිදුවීමට අදාළ වන තොරතුරු නිරාවරණය කරන්න කියලා . එම ලිපියෙන් සතියක් යන්න කලින් ඔහු  අද්භූත විදියට හෘදයාබාධයකින් මිය යනවා.

 මේ විදියට මේ සිදුවීමට අදාල බොහෝ දෙනා මිය යනකොට ඉතුරු වෙන්නේ පතලේ භූ විද්‍යා කැණීම් කටයුතු කරපු විද්‍යාඥයා විතරයි. ඔහු පසුව කියනවා එම ස්ථානයෙන් මෙම දේහයට සමාන තවත් දේහයන් දෙකක් හොයාගත්ත බව. ඔහු එතනදී  කියලා තියෙනවා ඒ එක දේහයක් අවුරුදු මිලියන 200ක් වයස වනන බව. 

ඒ වගේම පතල අවට දූපතක මුරකටයුතුවල යෙදිලා හිටපු ආරක්ෂක භටයන් කියලා තියෙනවා. එම ස්ථානයෙනුත් සොහොන් බිමක නටබුන් හොයාගත්තා කියලා. නමුත් ඒ ගැන සෝවියට් බලධාරීන් නම් කිසිම දෙයක් එළියට දෙන්නේ නැහැ. ක්‍රම ක්‍රමයෙන් මේ කතාව අමතක වෙනවා.  මේ වෙනකොට ඒ පතල තිබුණු ප්‍රදේශය ලොකු වනාන්තරයක් විදියට තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.

ඊට පස්සේ මෙම සිදුවීම 2022 අවුරුද්දදී ආයෙමත් පුවත්පත් වාර්තාවකින් මෙම සිදුවීම එළියට ඇදෙනවා මිලියන 800 ක් වයස ඇති තරුණිය කියන හෙඩ්ලයින් එකත් එක්ක. ඒත් එක්කම රුසියාවේ  පුවත්පතක මේ ගැන ලිපියක් පළ වෙනවා.  ඔහු කියලා තියෙනවා ඔහුට මේ ගැන මේ ලිපිය ලියන්න කරුණු  කරුණ කිව්වේ මෙම මෙහෙයුමත් එක්ක සම්බන්ධ වෙලා හිටපු කර්නල්වරයෙක් කියලත්. ඒ කර්නල්වරයා කියපු විදියට, ඒ තරුණිය වටා බැඳුණු තවත් සොහොන් බිම් තිබිලා තියෙනවා කියලත් කියැවෙනවා.

කොහොම වුනත් මේ සිදුවීම ගැන සැබෑ තත්ත්වය සැබෑ තතු අපි දන්නේ නැති වුණත් සයිබීරියාව කියන්නෙ නම් මමීකෘත අයිස් දේහයන් බොහෝමයක් හොයා ගත්ත ප්‍රදේශයක්. ඔබට මතක නම් සයිබීරියාවේ  හොයාගත්ත අයිස් කන්‍යාවගේ මමිය තවමත් තියෙන බවත් අමතක කරන්නෙපා.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles