2024 නොවැම්ර් 29 වෙනිදා Aha කියන Streaming Platform එකේ Release වෙච්ච Tamil Anthropology Series එකක් තමයි Shh කියන Tv Series එක. Prithivi Adithya (Clap), Vaali Mohan Das, Harish GY, and IB Karthikeyan කියන අධ්යක්ශකවරුන් හතර දෙනාගෙ එකතුවීමකින් තමයි මේ Series එක හැදිලා තියෙන්නෙ. මේ කතාව ඇතුලෙ කතා හතරක් තියෙනවා එකිනෙකට සම්බන්ධ නැති, Standalone. හැබැයි මේ කතා හතර ඔස්සේම අපි ඉස්සරහට අරගෙන එන්නෙ විවිධාකාර මිනිසු හැඟීම් එක්ක ගැටෙන මිනිස්සුන්ගෙ කතා හතරක්. මෙතනදි Sex education, හරියට විග්රහ කරගන්න බැරි ආදර කතාවක්, අතුරුදහන් වෙච්ච Spouse කෙනෙක්ගෙ කතාවක් වගේ ප්‍රේක්ශකයන්ව කුතුහලය සහ වින්දනය පිරිච්ච අපූරු ගමනක් අරගෙන යන කතන්දර හතරකින් හැඩවෙලා තියෙනවා.
ඔයාලාට මතක ඇති අපි මීට කලින් ලිව්වා හින්දි බාශාවෙන් Release වෙච්ච Lust Stories කියන TV Series එක ගැන. ඉතින් මේ Shh කියන්නෙ අන්න ඒ හින්දි කතාවෙම Tamil Translation එක වගේ එකක් කිව්වොත් හරියටම හරි.
මේ කතා මාලාවෙ ප්‍රධාන කතා හතර ඇතුලෙ වෙන්නෙ මෙන්න මේ වගේ දෙයක්.
තරංගනී කියන්නෙ ගුරුවරියක්. මෙයාගෙ පස්සෙ එන මනුස්සයගෙ නම කාමාතුපාල්. තරංගනී කියන්නෙ ඉස්කෝලෙදි Sex education පාඩම් උගන්වන්න වෙන එකට බයෙන් ඉන්න කෙනෙක්. ඉතින් එයාගෙ ඒ බය එක්ක ජීවිතේ ගෙවෙන ආකාරය තමයි මේ කතාව ඇතුලෙ අපිට පෙන්වන්නෙ. තරංගනී, යොවුන් ළමයින්ට ලිංගික අධ්‍යාපනය ඉගැන්වීමේ අභියෝගය මැද හිරවෙලා ඉන්නෙ සමාජයේ විවිධ අභියෝග සහ චෝදනා මැද. මේ කොටස, විවිධ අරගල සහ අත්දැකීම් මගින් සමාජය හමුවේ ඇයගේ ශක්තිමත් භූමිකාව විඳින්න අපිට ඉඩ හදලා දීලා තියෙනවා.
දෙවනි කතාවෙ තියෙන්නෙ අර්ජුන් සහ මීරාගෙ කතාව. මේ දෙන්න former lovers ලා දෙන්නෙ. මේ දෙන්නා ආයෙ reunite වෙනවා. මේ දෙන්න මේ reunite වීමෙදි මේ දෙන්නගෙ වර්තමාන ජීවිත කතාව ඇතුලෙ තියෙන මානසික ගැටලු ගැන, අතෘප්තිය ගැන කරගෙන යන කතාවක් තමයි මෙතනදි අපිට බලන්න තියෙන්නෙ. මේ කතාව විවාහය තුළ පවතින්න ඕන යුක්තියද, කාරුණික භාවයක්ද කියලා අභියෝගයට ලක් කරනවා.
තුන්වෙනි කතන්දරේ තියෙන්නෙ වාන්මාතිගෙ කතාව. වාන්මාති කියන්නෙ මීට අවුරුදු කිහිපයකට කලින් යුද්ධයෙදි සැමියා අතුරුදහන් වීම නිසා වේදනාවෙන් ඉන්න කාන්තාවක්. වැන්දඹුවක්. අතුරුදහන් වූ සැමියා සොයා යන, බලාපොරොත්තුව සහ විශාල අරගලයකට මුහුණ දෙන මැදිවියේ බිරිඳක කතාවක් තමයි වාන්මාති තමයි අපිට අරගෙන එන්නෙ.
හතරවෙනි කතාවෙ තියෙන්නෙ ශක්තිවෙල් කියන තරුණ IAS නිලදාරියගෙ කතාව. ඉතින් මේ අපූරු කතා හතර අපිට අරගෙන එන්නෙත් විවිධාකාරයේ රසවින්දනයක්. ඒ නිසාම තමයි මේ කතා මාලාව ඔයා බැලිය යුතුමයි කියල මම Recommend කරන්නෙ.
Sshhh කියන්නේ ලිංගිකත්වය, ආශාව, සහ සමාජයේ තහනම් කරපු විෂයයන්ට ආයුබෝවන් කියන විශේෂ කතා මාලාවක්. මේ කතා මාලාව, සමාජයේ සංස්කෘතික වැටකඩොලු වලින් මායිම් කරපු නිහඩ කරපු කතා විවාදයට ගැනීමේ විශාල උත්සාහයක් විදියට අපිට කියන්න පුලුවන්. Sshhh කියන්නේ, ලිංගිකත්වය වගේ සංකීර්ණ මාතෘකා ගැන කතා කරන්න සමාජයට නව ආකාරයක ආරාධනයක් කරන කතාවක්. ඒ වගේම මේක දෙමල බාශාවෙන් ආව එකම තමයි ඉතාම වටින්නෙ.
සාම්ප්‍රදායික සංකල්ප, සමාජ සීමා සහ පෞරුෂය පිළිබඳව තිබෙන සාදාරණ නොවන කථා මනාව පෙන්වන ගමන්, මේ මාලාව වටිනාකමක් ඇති නව අත්දැකීමක් ප්‍රේක්ශකයට ලබා දෙන්න උත්සාහ කරනවා. කාමය, ආශාව, ලිංගිකත්වය වගේ තහනම් කරපු මාතෘකා ගැන නිවැරදි කතාබස් සිදු කරන්න ගත්ත සිනමාත්මක උත්සහයක් විදියට මේක අපිට දකින්න පුලුවන්.
මේ කතා මාලාවෙන් ලිංගිකත්වය වැනි මාතෘකා ගැන ඇති “තහනම්” ලකුණ මකා දැමීමට හෝ ඒවා ප්‍රකට කරන්න නෙවෙයි, ඒවා ගැන බුද්ධිමත් වශයෙන් කථා කරමින්, සමාජය හඳුනාගන්නා “අතුරු සීමා” පිටුපස සැඟවී ඇති ඇත්ත සොයාගන්න උත්සාහයක් ගන්නවා.
සාමාන්‍යයෙන් ඉංග්‍රීසි, හින්දි වගේ චිත්‍රපටවලින් මේ වගේ දේවල් අපි නිතරම විඳගත්තත් දෙමල භාශාවෙන් මෙහෙම දෙයක් එන එක වෙන්නෙ හරි කලාතුරකින් නිසා හොයාගෙන හරි මේ කතා මාලාව බලන්න කියල අපි ඔයාලාට ආරාධනා කරනවා.
Kust Stories බලපු අයට ඒකෙ රහ මතක ඇතිනෙ!
දෙසැම්බර් නිවාඩුවේ, සීතලට, හොඳ තේකක් හදාගෙන රසවිඳින ගමන් මේ අපූරු කතාව බලලා ඔයාලා මේ ගැන හිතන දේවල් අපි එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා.