කෝටි හැටකට ආසන්න වටිනාකමක් තියෙන දියමන්ති පහක් වටා ගෙතුණු කුතුහලය අඩු නැතිව බලන්න පුලුවන් සුපිරි චිත්‍රපටයක් ගැන තමයි මේ ඉඟිය. පොලිසියත් නන්නත්තාර කරලා සිද්දවෙන මේ දියමන්ති මංකොල්ලයේ එක් පැත්තක නිරපරාදේ වරදකාරයා විදියට හංවඩු ගැසෙන තරුණයෙකුත්, අනෙක් පැත්තේ මේ මංකොල්ලයේ සුල මුල හොයාගන්න බැරිව ආතතියට ලක් වෙන පොලිස් නිළධාරියෙකුත් ඉන්නවා. IMBD දර්ශකයේත් ඉහල අගයක් පෙන්වන 2024 අවුරුද්දේ අග භාගයේදි නිකුත් වුන මේ චිත්‍රපටයේ නම තමා Sikandar Ka Muqaddar.
කතාව පටන් ගන්නේ 2009 අවුරුද්දේ පැවැත්වෙන ආසියාවේ විශාලතම දියමන්ති ප්‍රදර්ශනයක විස්තර එක්ක. මිල අධික දියමන්ති විශාල ප්‍රමාණයක් අරගෙන රට රටවල බොහෝ දෙනෙක් මේ ප්‍රදර්ශනයට සහභාගී වෙලා තියෙනවා වගේම, විශාල පිරිසක් ප්‍රදර්ශනය නරඹන්නත් එකතු වෙලා ඉන්නවා. ඒ හින්දාම මේ ප්‍රදර්ශන භූමිය පුරාම ඉහල පොලිස් ආරක්ශාවක් තියෙන බවත් පේනවා .
ඊට පස්සේ ප්‍රදර්ශනයට තියන්න දියමන්ති අරගෙන ආව මංගේශ් සහ කාමිණී කියන දෙන්නා තමන් ගෙනාව දියමන්ති ප්‍රදර්ශනය වෙනුවෙන් සකස් කරමින් ඉන්න අතරේ මංගේශ් කාමිණීව ප්‍රදර්ශන භූමියේ තනි කරලා එලියට යනවා පේනවා.
ඉන් පස්සේ චිත්‍රපටයේ රූප රාමු වෙනම පැත්තකට විසිරෙනවා. කලබලෙන් පන්සලක් දිහාවට දුවගෙන එන පුද්ගලයෙක් පන්සල ලඟ තිබුණ දුරකතනයකින්, ප්‍රදර්ශනයේ පාලක මැදිරියට කතා කරලා මෙහෙම කියන දර්ශනයක් ඊළඟට පේනවා.
” ප්‍රදර්ශනයේ මහා දියමන්ති මංකොල්ලයක් වෙන්න යන්නේ … හතර දෙනෙක් මේ මංකොල්ලයට සූදානමින් ප්‍රදර්ශන භූමියට එනවා… එයාලා ලඟ ගිණි අවියකුත් තියෙනවා….”
මේ පණිවිඩය එක්ක ප්‍රදර්ශනයේ ආරක්ශාව බාරව ඉන්න පොලිස් නිළධාරියා වගේම අනෙක් නිළධාරිනුත් නොසෑහෙන්න කලබල වෙනවා. ඒ අතරේ අර ඇමතුම දුන්න කෙනා කියපු නම් හතරට අදාලව ප්‍රදර්ශනයට ඇතුලු වෙන්න පාස් නිකුත් කරලා තියෙන බව ප්‍රදර්ශනයේ ආරක්ශක අංශයෙන් සොයාගන්නවා. ඊට පස්සේ හැමෝම කලබලෙන් මේ ගැන හොයන්න ගන්නවා.
ඒ අතරෙදී ප්‍රධාන පොලිස් නිළධාරියා දකිනවා ප්‍රදර්ශනයේ කොරිඩෝවක ලොකු බෑග් එකක් අරගෙන ඉන්න කෙනෙක්, ආරක්ෂිත කැමරා පද්ධතිය විසන්ධි කරනවා. ඔහු වහාම ක්‍රියාත්මක වෙලා සහායක කණ්ඩායමට මේ ගැන දැනුම් දෙන අතරේ ප්‍රදර්ශන භූමිය තුල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනවා. අලාර්ම් එකත් නාද වෙනවා.
” සියලුම දෙනා ඉන්න තැන් වලින් ඉවත් වෙලා හදිසි ආරක්ෂිත කලාපයට එන්න …”
එහෙම නිවේදනය කෙරෙනවා. ඒත් එක්කම ප්‍රදර්ශන භූමිය පුරා කලබල තත්වයක් පේන්නත් ගන්නවා.
කොහොමහරි, තමන්ගේ සැලසුම පටන් ගන්නත් කලින් නුහුරට යන බව තේරුම් අරගෙන සොරු හතර දෙනා කලබල වුනත්, ඔවුන් සැලසුම වෙනස් කරන්නේ නැහැ. සැලසුමේ විදියට ඉතා අපහසුවෙන් ඔවුන් ප්‍රදර්ශන භූමියට ඇතුලු වෙනකොටම පොලිසිය සහ සොරුන් අතර වෙඩි හුවමාරුවක් සිද්ද වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ සොරුන් හතර දෙනා මිය ගිහින් ඉන්න බව. ගිලන් රිය කිහිපයක් ඇවිල්ලා මළ සිරුරු සහ තුවාල ලබපු අයව රෝහලට ගෙනිච්චාට පස්සේ ප්‍රදර්ශන භූමියේ තත්වය සම්පූර්ණයෙන්ම සාමකාමී වෙනවා.
ඊට පස්සේ ආයෙම තම තමන්ගෙ ප්‍රදර්ශන කුටි වලට එන්න පිරිසට අවසර ලැබෙනවා. එහෙම එනකොට තමයි කාමිණී දකින්නේ තමන්ගේ ප්‍රදර්ශන කුටියේ තිබුණ එක වීදුරු පෙට්ටියක් කඩලා දාලා බවත් ඒ පෙට්ටියේ තිබුන රතු පාට දියමන්ති පහක් අතුරුදන් බවත් . මංගේශ් සහ කාමිණී වහාම ප්‍රධාන පොළිස් නිළධාරියාටත් ඒ බව කියනවා. ඉන් පස්සේ පොලිස් නිළධාරියා මේ ප්‍රදර්ශන භූමිය සීල් කරන්නේ කිසිම කෙනෙක්ට ප්‍රදර්ශන භූමියෙන් පිටතට යන්න බැරි වෙන්න.
මංකොල්ලයට ආව හතර දෙනාම පොලිස් වෙඩි පහරින් මිය ගියාට පස්සේත් මේ මහා හොරකම කලේ කවුද කියන පැනයට පොලිසියටත් උත්තර නැහැ. ඉන් පස්සේ මේ සිදුවීම ගැන විමර්ෂණය කරන්න ඉන්ස්පෙක්ටර් ජස්වින්ද් එනවා. නම ගියපු විමර්ෂකයෙක් වුන ඔහු අපරාධකරුවන්ව දුටු ගමන් හඳුනාගන්නට හැකි තරමේ සියුම් පරීක්ෂක හැකියාවක් තියෙන කෙනෙක්.
මුලදීම ජස්වින්ද් කරන්නේ මංගේෂ් සහ කාමිණීගෙන් ප්‍රශ්න කරන එක. ඒ ප්‍රශ්න කරන අතරේදි ඔහු එතැන ඉන්න අනෙක් අයගෙන් අහනවා ඔවුන් මංගේෂ් සහ කාමිණීව දන්නවාද කියලා.
එතැන ඉන්න බොහෝ දෙනා ඔවුන් දෙන්නාව අඳුනන බව කියනවා.
ඊට පස්සේ ජස්වින්ද් කරන්නේ සොරුන් ආරක්ෂිත කැමරා විසන්ධි කරන්න කලින් දර්ශන නරඹන එක. ඊට පස්සේ ඔහු ප්‍රදර්ශනයේ ඉන්න පිරිසට කියනවා, හදිසි ආරක්ෂිත කුටියට යන්න කලින් තම තමන් හිටපු තැන් වලට ගිහින් හිටගන්න කියලා.ඉන් පස්සේ ජස්වින්ද් ආරක්ෂිත කැමරා දර්ශන එක්ක ඒ සජීවි දර්ශන වල වෙනස්කම් බලනවා.
ඊට පස්සේ ඔහු කියනවා, කුටි කිහිපයක අය ඇරෙන්න අනෙක් අය අවශ්‍ය තොරතුරු ලබා දීලා පිටවෙලා යන්න කියලා.
ඊට පස්සේ ප්‍රදර්ශන භූමියේ ඉතුරු වෙන්නේ කණ්ඩායම් තුනක අය විතරයි. ජස්ව්න්ද් ඒ අයගෙන් වෙන වෙන ප්‍රකාශ සටහන් කරගන්නවා. ඒ අතරේ එතැන උන්න සිකන්දර් කියන තරුණයා දිහාවට පොලිස් ඇහැ යොමු වෙනවා. ඔහු ඉන්නේ කාමිනීලාගේ කුටියට ඉදිරියෙන් තිබුණ කුටියේ වීමත්, ආරක්ෂිත කැමරා විසන්ධි වෙන්න කලින් ඔහු කුටියෙන් පිටතට ඒමත් කියන කාරණා නිසා තමයි පොලිස් විමර්ෂණ වල සැකය ඔහු වෙතට යොමු වෙන්නේ.
” මම එක කුටියක වැඩ කරන කෙනෙක් නෙවෙයි .. මම කුටි කිහිපයකම පරිඝනක පරික්ශා කරලා බලන්නයි ආවේ… එහෙම කුටි මාරු වෙන වෙලාවක තමයි අලාර්ම් එක වැදුණේ…”
ඊට පස්සේ සිකන්දර් ට එතැනින් යන්න අවසර ලැබුනත්, ජස්වින්දන් ආයෙම සිකන්දර්ව නවත්තගෙන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.
” මට හරියටම පෙන්නන්න අලාර්ම් එක වැදෙන්න කලින් ඔයා හිටියේ කොහේද කියලා…”
ජස්වින්දන් එහෙම කියනකොට සිකන්දර් පරිඝනකයක් ළඟට ගිහින් එතන හිටගන්නකොට එතන ඉන්න වෙන කෙනෙක් කියනවා සිකන්දර් උන්නේ එතන නෙවෙයි, පාරේ මැදට වෙන්න කියලා. සිකන්දරුත් ඒ බව පිළිගන්නවා.
ඊට පස්සේ ජස්වින්දන් සිකන්දර්ට මංගේශ් සහ කාමිණීව පෙන්නලා අහනවා ඒ අයව දන්නද කියලා..
” මම එයාලාව පර්සනලි දන්නේ නැහැ.. ඒත් මම එයාලාගේ කම්පියුටර්ස් හදලා තියෙනවා…:”
සිකන්දර් එහෙම කියනවා. ඊට පස්සේ ජස්වින්ද් සිකන්දර්ව පරික්ෂා කරන්න යවනවා.
ඔය අතරේදී ජස්වින්ද් ගේ ඉහළ නිළධාරියෙක් ජස්වින්ද්ට කතා කරලා කියනවා, ඔහුව මේ විමර්ෂණය වෙනුවෙන් පත් කලේ ඇමතිතුමාගේ උපදෙස් පරිදි බවත්, ඉක්මනින් දියමන්ති සියා ගත්තොත් ඔහුට සම්මානයක් එක්ක උසස් වීමකුත් ලැබෙනවා කියලාත්.
” මට පැය විසි හතරක් දෙන්න සර් ..”
ජස්වින්ද් එහෙම කියනවා. මේ අතරේ සිකන්දර්ව පරික්ෂා කරන කණ්ඩායමටත් කිසිම තොරතුරක් සොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒත් ජස්වින්ද් සිකන්දර් ගැන තියෙන සැකය ඉවත් කරන්න සූදානම් වෙන්නෙත් නැහැ.
මංගේෂ්ග් සහ කාමිණී උන්න තැනට සිකන්දර්වත් තල්ලු කරන ජස්වින්ද් මෙහෙම කියනවා.
” මෙන්න මේ තුන් දෙනා තමයි මේ දියමන්ති කොල්ලයේ සැකකාරයෝ …”
ඉතින් , ඇත්තටම මොකද වුනේ?
ඒක දැනගන්න නම් අදම Sikandar Ka Muqaddar. බලන්න වෙලාවක් හදාගන්න ඔබට සිද්ද වෙනවා
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |