කතාව කෙටියෙන්
ඒ 2017 අවුරුද්දෙ අප්‍රේල් මාසේ.
2017 අප්‍රේල් 29 වන දා ඊජිප්තුවේ නිවාඩුවක් ගත කරමින් ඉද්දි පෝලන්ත ජාතිකයෙක් වුන 27 හැවිරිදි Magdalena Zuk අභිරහස් තත්ත්වයන් යටතේ මිය ගියා. එයාගෙ මරණය පෝලන්තය පුරා පැතිරී ඇති ගැටලු, ජාවාරම් සහ වෙනත් කුමන්ත්‍රණ පිළිබඳ කටකතා වලට උඩට එන්න ලොකුම ලොකු හේතු කාරණාවක් බවට පත් වුණා. මේක තමයි සරලම කතාව. හැබැයි අපි බලමු ඇත්තටම Solo Trip එකක අවසානය මේ විදියට මරණයකින් අවසන් වෙන්න පුලුවන්ද කියන එක.
වැරදිච්ච Plan එක
Magdalena මේ Trip එක Plan කරන්නෙ එයාගෙ boy friend ට Surprise එකක් දෙන්න බලාගෙන. ඒ වුනාට එයාගෙ passport එකේ ආව ප්‍රශ්නයක් හන්දා Magdalena එක්ක මේ ට්‍රිප් එක යන්න එයාගෙ Boyfriend ට එන්න වෙන්නෙ නෑ. ඒ විදියට තමයි ජෝඩු දාලා යන්න හිටපු Trip එක Solo Trip එකක් වෙන්නෙ.
Magdalena Travel කරන්නෙ ඊජිප්තුවෙ තියෙන Marsa Alam කියන resort town එකට. නවාතැනට ඇවිල්ලා සෙට්ල් වෙන්න උත්සහ කරාට මෙයාට තේරෙන්න පටන් ගන්නවා තමන් වටේ මොකක් හරි නරක දෙයක් වෙනවා කියල. එයා ගෙදර අයට කතාකරලා කියනවා තමන් වටේ එක එක සද්ද එහෙම ඇහෙනවා කියනවා. ඒ වගේම Magdalena ගෙ හැසිරීමෙත් පොඩි අමුත්තක් තිබුනා කියන එක එයාගෙ ගෙදර අය investigation එක අතරවාරයෙදි කියනවා.
මේ නිසාම Hotel staff එක එයාගෙ ගෙදර අයව contact කරලා දැනුම් දෙනවා Magdalena ගෙ තත්ත්වෙ පොඩ්ඩක් හරි නෑ ඒ නිසාම එයාව රෝහල්ගත කරනවා කියලා.ඒ වෙද්දිත් පවුලෙ අය එයාගෙ safe return එක plan කර කර උන්නට මේ නිසා ඒක කරන්න වෙන්නෙ නෑ.
හිතාගන්න බැරි සිදුවීම
ඉස්පිරිතාලෙදි Magdalena පැනලා යන්න උත්සහ කරනව කීප අවස්තාවක්ම.මේ නිසාම රෝහල් සේවකයන්ට සිදු වෙනවා Magdalena ව එයාගෙ රෝහල් ඇඳේ ගැටගහන්න. මොකද නැත්තම් මෙයා පැනලා යන්න වගේම තමන්ට හානිකරගන්න ලොකු ඉඩක් තිබුණ හන්දා.පස්සෙ මෙයාලා Magdalena ව ගැටගහල තිබුණ ලණු ලිහිල් කරපු ගමන් මෙයා මොකද දන්නවද කරේ?
දුවගෙන දුවගෙන ඉස්පිරිතාල කාමරේ ජනේලයක් ළඟට ගිය Magdalena එතන තිබුණ medical drip stand එකකට නැගල තට්ටු දෙකක් උස බිල්ඩිමෙන් බිමට පනිනවා.
බරපතල තුවාල තිබ්බ එයාව වෙනත් රෝහලකට වහාම මාරු කරලා යැව්වත් Magdalena දෙවියන් අතරට යන්න තීරණය කරලා ඉවරයි ඒ වෙද්දිත්.
Egyptian Authorities මේ සිද්දිය වාර්ථා කරේ “මානසික ව්‍යාධිමය තත්ත්වයක් නිසා කරගත්ත සියදිවි නසාගැනීමක්” විදියට.
කටකතා සහ Theory
කතාව ඔතනින් ඉවරයි කියල හිතුවට ඉවරම නෑ. මොකද Magdalena එයාගේ ජීවිතේ ඉවර කරගත්ත එක ගැන කතාකරන්න ගොඩක් මිනිස්සු ඒ වෙද්දිත් එකතුවෙලා උන්නා. එයාලා ඒ ගැන එක එක කතා කිව්වා. පෝලන්ත ජාතිකයො තමන්ට අහිමි වුන තමන්ගෙ රටේ කෙල්ලගෙ අබිරහස් මරණෙ පිටිපස්සෙ මොකක් හරි ලොකු දෙයක් තියෙනවමයි කියල විශ්වාස කලා.
සමහරු හිතුවෙ කවුරුහරි Magdalena ව මරලා දැම්මා එහෙම නැත්තම් Magdalena Sex Trafficking වල බිල්ලක් වෙන්න ඇති කියලා.එයාගෙ පෙම්වතා එක්ක කල වීඩියෝ චැට් එකක් අන්තර්ජාලයට මුදා හැරීම මේ සැකයන් තව උඩට අරගෙන එන්න ලොකු හේතුවක් වුනා.
මිනිස්සු එයාගෙ Egyptian Tour Guide වුණ Mahmoud Khairyට පවා බැණ වැදුනා. හැබැයි ඒ මනුස්සය දිහාවට Investigation එකේ සැකය සහිත ඇස යොමුවෙලා තිබුණෙ නෑ.
TV Detective සහ තරහා ගිය මිනිස්සු
පෝලන්තයේ TV Detective කෙනෙක් වුණ Krzysztof Rutkowski මේකට සැක කරේ Egyptian Officials ලව. එයා කිව්වේම “ඒ මිනිස්සු අපෙන් මොනවහරි හංගනවා” කියලමයි. Krzysztof Rutkowski ට අනුව කවුරුහරි Trafficking කණ්ඩායමක් Magdalena පස්සෙ පන්නලා තියෙනවා. ඒ නිසාවෙන්ම පෝලන්තයේ උද්ගෝඝන පැවැත්වුනා Magdalenaට සාධාරණය ඉටු කරන්න කියලා.
ඒ නිසාම පෝලන්ත රජයට නිහඬ වෙන්න පුලුවන් වුණේ නෑ. එයාලත් Investigation එක පටන් ගත්තා. පස්සෙ Krzysztof Rutkowski Magdalenaගෙ මරණය Suicide එකක් කියලත්.
පෝලන්ත සහ ඊජිප්තු සටන
ඔය ඔක්කොම එක්කාසු වෙලා පෝලන්තය සහ ඊජිප්තුව අතරෙ යුද්ධෙ ඇවිලුවා. “තමන්ගෙ රටේ කෙල්ලෙක් ඔයාලගෙ රටට ඇවිත් මැරුණෙ කොහොමද/” කියන ප්‍රශ්නෙ ඇහුවෙ නැත්තම් නෙ පුදුම.පෝලන්ත රජය උත්තර ඉල්ලද්දි ඊජිප්තුව ලොකුවටම සටන් කරේ එයාලගෙ රටට තියෙන විදෙස් ආකර්ශනය මේ සිද්දිය නිසා බේර ගන්න.පෝලන්ත news reporters ලා බය නැතුව කිව්වා ඊජිප්තුව කියන්නෙ කාන්තාවන්ට බය නැතුව යන්න පුලුවන් රටක් නෙවෙයි කියලා.
සංචාරකයන් මේකට බය වුනා. සංචාරක ගමන් අඩාල වුනා. මේක ඒ වෙද්දිත් විදෙස් ආකර්ශනය අඩුවෙමින් පැවතුන ඊජිප්තුවේ tourism industry එක කඩා වට්ටන්න තවත් හේතු වුනා.
ඒ විතරක් නෙවෙයි Masra Alam වලට තිබුන විදෙස් ආකර්ශණය කොහොමත් මේ නිසා නැතිවෙලා ගියා. Masra Alam කියන්නෙ ඇත්තටම හරිම නිස්කලංක Resort Town එකක්.පවුල් අතර විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධ තැනක්. ගොඩක් Locals ලා වගේම ව්‍යාපාර හිමියන් මේකට හරිම තරහෙන් හිටියෙ.
Investigations ඉවර වෙන තුරු Magdalena Zuk ගෙ මරණයට සම්බන්ධ Documents පෝලන්ත රජය එක්ක බෙදාගන්න බැරි බව ඊජිප්තුව කියලා තිබුනා. ඇත්තටම Magdalena ට මොකද වුණෙ කියල කවුරුවත් නොදන්නවා වුනාට තාමත් මිනිස්සු කතාවෙනවා ඒක Trafficking සම්බන්ධ දෙයක් හෝ මත්ද්‍රව්‍ය සම්බන්ද ගැටලුවකට අහුවෙච්ච අසරණ ගෑණියෙක්ගෙ කතාව වෙන්න පුලුවන් කියලා.
ඉතින් Magdalena පුලුවන් නම් ඇවිත් කියලා යන්න,
ඇත්තටම මොකද්ද වුනේ කියලා!
ReplyForwardAdd reaction |