වන් පොට් චිකන් පාස්තා එකක් හදමුද

කොච්චර වෙහෙසකර කාර්‍යබහුලක දවසක් වුනත් රසවත් කරන්න රසම රස කෑමකට තියන්නෙ හරිම පුදුමාකාර හැකියාවක්නෙ.

ඒත් හිතට ගතට දැනෙන වෙහෙස එක්ක අපි ආසම කරන කෑමක් තවත් මහන්සි වෙලා හදාගන්නවට වඩා පොඩි ආහාරෙකින් සෑහීමකට පත්වෙන එක අපි බොහෝදෙනෙක්ගෙ පුරුද්දක්.

කාර්‍යබහුල ඔබට හරියටම ගැලපෙන රස වගේම වැඩි වෙහෙසක් නැතුව ඉක්මණින් පිලියෙල කරගන්න පුළුවන් තවත් කෑමක් එක්ක ඔන්න smart lady අපි අද ඔබත් එක්ක එකතු වුනේ මේ හැම ගැටළුවකටම විසඳුමක් අරගෙනයි.

අපි අද හදමු රාත්‍රී කෑමකට වගේම විශේෂ අවස්ථාවකදි වුනත් හදාගන්න පුළුවන් one pot chicken paste එකක්.

මුලින්ම අපි අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

තෙල් මේස හැඳි 03 ක් 

සිහින්ව දිගට කපාගත් ලොකු ලූණු ගෙඩියක්

කටු ඉවත් කරගෙන සමාන්‍ය ප්‍රමාණයේ දිගැටි තීරු වලට කපාගත් කුකුළු මස් වල පපුව කොටස

ලුණු කුඩු තේ හැඳි 01 ක් 

ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක්

මිරිස් කුඩු තේ හැඳි 01 ක්

ඉටැලියන් සීසනින් පවුඩර් තේ හැඳි 01 ක් (අත්‍යාවශ්‍ය නැත)

තීරු වලට කපාගත් කොළ සහ රතු බෙල් පෙපෙර් ගෙඩි 02 ක් 

තම්බා පොතු ඉවත් කර බ්ලෙන්ඩර් කරගත් තක්කාලි කෝප්ප 01 ක් 

කිරි කෝප්ප 03 ක්

ඔබ කැමති හැඩයකින් පැස්ටා කෝප්ප 02 ½ ක් 

මොසරැල්ලා චීස් කෝප්ප 01 ක්

එහෙනම් අපි බලමු මේ one pot chicken pasta එක හදාගන්නෙ කොහොමද කියල?

සාදාගන්නා ආකාරය

මුලින්ම, භාජනයක් මඳගින්නේ ලිප තබා එයට තෙල් එකතු කර තෙල් රත්වන විට ලූණු එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.

ලූණු ටික මැලවී ගෙන එන විට කුඩාවට කපාගත් කුකුළු මස් කැබලි ටික, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, සීසනින් පවුඩර් සහ මිරිස් කුඩු එයට එකතු කර හොඳින් කලවම් කරගන්න. 

විනාඩි 10 ක් පමණ විටින් විට හැඳිගාමින් කුකුළු මස් කැබලි ටික පිසගත් පසු එයට තීරු කපාගත් බෙල් පෙපර් එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

ඉන්පසු එයට තක්කාලි බ්ලෙන්ඩර් කර සාදාගත් පල්පය සහ කිරි එකතු කර නැවත හොඳින් හැඳිගා ගන්න. 

කිරි ටික බුබුළු නටන තරමට රත්වූ පසු පැස්ටා ටික එයට දමා හොඳින් කලවම් කර භාජනයේ පියන වසා විනාඩි 10 ක් පමණ හොඳින් පිසගන්න.

භාජනයේ පියන විවෘත කර, කලවම් කර කිරි ටික මඳක් හිඳෙන තුරු තබා උඩින් මොසරැල්ලා චීස් එකතු කර චීස් ටික උඩින් ඉසගන්න.

කලවම් නොකර ලිප නිවා චීස් ටික දියවෙනතුරු තබා චීස් එක්කම පැස්ටා රසවිඳින්න ඔන්න දැන් ඔබට පුළුවන්.

එහෙනම් ඔන්න මේ විදිහට one pot chicken pasta හදල බලන්න අමතක කරන්න එපා.

සටහන – දුලානි නවෝද්‍යා

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles