අම්මාගේ Machine එකෙන් පටන් ගත් අපිව සරසන Spring and Summer කතාව

Fashion කියන්නෙ අපි හැමෝම හරි ආසාවෙන් Follow කරන දෙයක්. එක එක අයගෙ Fashion Sense එක එක විදියෙ වුණාට ඕනම කෙනෙක් ලස්සනට අඳින්න පලඳින්න ආසයි වයස් බේදයක් නැතුව. අලුත් අවුරුද්දට, විශේෂ උත්සවයකට, ඔෆිස් යන්න වගේ දේකදි උනත් විශේෂයෙන්ම කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි “මොකද්ද මං අඳින්නෙ?” කියන එක.

අද කතාව හැබැයි මේ තැනට සුදුසු විදියට අඳින විදිය ගැන නම් නෙවෙයි. ඕන තැනක, ඕන අවස්තාවකට අඳින්න පුලුවන් විදියෙ, හැමදාමත් Update වෙන ලස්සන ඇඳුම් සහ විලාසිතා රැසක් බොහෝ කාලයක් තිස්සේ අපි ළඟට අරගෙන ආව ලංකාවෙ ප්‍රසිද්ධම Fashion Brand එකක් ගැන.

ඒ Spring and Summer.

අවුරුදු 30කට එහා අතීතයක් තියෙන Spring and Summer Backstory එක ගැන කියන්නෙ Spring and Summer ආයතනයේ Director and Head of Design වන Vileshka Ranchagoda Wijegunawardena. ඒ වගේම ඇගේ විTalks Podcast Series එකේ පළවෙනි ආරාධිත අමුත්තිය වන්නේ Vileshka ට වගේ සමස්ත Spring and Summer ජාලයටම වැදගත් පුද්ගලයෙක්.

ඒ තමයි Vileshka ගෙ නැන්දම්මා වන Shyamalie Wijegunawardena.

“ඇත්තටම පුතා අපිට ඕනකමක් තියෙනවා නම් වෙලාවත් හදාගන්න පුලුවන් ඒ කරන දේ මහන්සියක් නැතුව කරන්න පුලුවන්. කැමැත්ත සහ උවමනාව තමයි විශේෂයෙන්ම අවශ්‍ය. මට මේක කරන්න ඕන කියලා හිතුවොත් කරන්න පුලුවන්.අද බෑ කියල හිතුවොත් තමයි කරන්න අමාරු. ඒත් ජීවිතේ අපිට කරන්න අත්‍යවශ්‍යයි කියල හිතෙන දෙයක් තියෙනවනම් අපි ඒවට වෙලාව හදාගන්න පුලුවන් වෙන්න ඕන”

Vileshkaත් ඇගේ නැන්දම්මාත් අතර කතාව පටන් ගන්නෙ ඒ විදියට. Vileshka අහනවා ඇගේ නැන්දම්මාගෙන් ඇත්තටම ඇය මේ හැමදේම Balance කරගෙන මෙච්චර දුර ආවෙ කොහොමද කියන එක. ඒක ඇත්තටම අද කාලෙ ඉන්න බොහොමයක් තරුණ කාන්තාවන්ට, යුවතියන්ට වැදගත් පණිඩිඩයක්. අද වගේ නෙවෙයි මීට අවුරුදු තිහකට කලින් කියන්නෙ දැන් කාලෙ වගේ තාක්ශණය දියුණු නැති. ස්මාට් දුරකතන, පරිගණක ආදිය නැති, සියලුම වැඩ රාජකාරි පාහේ මිනිස් මොලය වගේම ශරීරය වෙහෙසවමින් කරන්න තිබුණ කාලයක්. එහෙම කාලයක පටන් ගත් ව්‍යාපාරයක් වසර තිහක් තිස්සේ මෙතරම් දුරට අරගෙන එන එක පහසු ගමනක් නොවෙයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.

ඒත් Shyamali Wijegunawardena මහත්මිය කියනවා වගේ “උවමනාව තියෙනම් කරන්න බැරි දෙයක් නෑ”.

“ඇත්තටම මම මුලින්ම කියන්න ඕන මෙච්චර දුර එන්න මට හැම දේකින්ම මම Inspiration අරගත්තා. මහේ දුවලා දෙන්න වෙන Vileshka සහ Chamathka කියන්නෙ වෙනස් විදියෙ Fashion Sense තියෙන දෙන්නෙක්. මට වඩා අද කාලෙ Fashion ගැන ඔයාලා දන්නවා. මම පොඩ්ඩ පොඩ්ඩ ඒ හැමදේකින්ම දෙයක් ඉගෙන ගත්තා.  දැන් දුවලා දෙන්නා තරුණ වියේ එකට හිටියත් දෙන්නගෙ Fashion වෙනස්. මට ඒක ලොකු අවස්තාවක්. මම හැම තිස්සෙම Fashion දෙකක් දකිනවා. ඒකෙන් දෙයක් මම ඉගෙන ගෙන හැමතිස්සෙම වෙනස් දෙයක් කරන්න උත්සහ කරා”

කාලය වෙනස් වෙන තාලයට තමන් මෙන්ම තමන්ගේ ව්‍යාපාරයත් වෙනස් වෙන්න ඕන කියන එක Shyamali Wijegunawardena මහත්මිය විශ්වාස කරනවා. තමන්ගේ පුතුන්ව විවාහ කරගත් දියණිවරුන්ගෙන් පවා යමක් ඉගෙන ගන්නා අම්මා කෙනෙක් වීමම විශේෂයක් වන්නෙ අන්න ඒ නිසා. Update වීම කියන්නෙ ජීවිතේ ඉස්සාහට යන්න හේතුවෙන ලොකු සාධකයක් බව අද පවතින Spring and Summer එක දිහා බලද්දි කියවන ඔබට පෙනීයන එක නොඅනුමානයි.

“මම කලුතර දිස්ත්‍රික්කයෙන් ඉතාම එහාට ගිය දුශ්කර ගමක ගුරු පවුලක මැද දුව විදියට තමයි මම ඉපදෙන්නෙ.මගේ අම්මා ගුරුවරියක්. තාත්තා විදුහල්පතිවරයෙක්. අපිට තිබුනෙ ඒ අභාශාය. හැමතිස්සෙම ඉගෙන ගන්න ඕන කියන පරිසරය ඇතුලෙ අපි ජීවත්වුනා. අපි කොච්චර ගම්වල ඉපදුණත් අපේ අම්මල සෑහෙන මහන්සිවෙල අපිව නගරයෙ පාසලට දාලා හොස්ටල් එකේ තියෙලා අපිට ඉගැන්නුවා.

අපිට පොඩි ආර්තිකයක් තිබුනෙ. හැබැයි එහෙම වෙලත් අපිව නගරයට යවල උගන්වන්න අපේ අම්මලා තාත්තලා මහන්සි වුනා. ඒ නගරයෙදි මම දකිනවා එතන විවිධ ආර්ථික ශක්තිය තියෙන ළමයි හිටියා. එයාලගෙයි අපෙයි ජීවන රටාවල් වෙනස්.මට හරි ආශාවක් ඒක දකින එක. මගේ ජීවිතේ මම එහෙම ඉගෙන ගන්න දක්ශ කෙනෙක්නෙවෙයි. හැබැයි මම ඉගෙන ගත්තෙ මමත් කවදහරි ඒ වගේ ජීවන රටාවක් ලඟා කරගන්නවා කියලා හිතලා.

ඒත් මට අදහසක් තිබුනෙ නෑ මම කොතෙන්ටද යන්නෙ කියන එක. මම උසස් පෙලින් පස්සෙ කටුබැද්දෙ විශ්ව විද්‍යාලයෙදි බාහිර උපාධියක් කරන්න ගියා. එතනදි තමයි මගේ සැමියව මට හම්බුනේ. ඒත් එතනදිවත් මට කිසිම අරමුණක් තිබුනෙ නෑ. මම හරි ආසයි හැමදේටම. මට ඒ කලෙත් පුලුවන්කම තිබුනා පරණ ගවුමක් වුනත් අලුත් කරලා අඳින්න මට සහජ හැකියාවක් තිබුණා. අපි දෙන්න ඊටපස්සෙ කසාද බැන්දා. අපි දෙන්න යාලුවෙලා ඉන්න කාලෙත් අපි කතා කරේ ජීවිතේ ඉස්සරහ ප්ලෑන්ස් ගැන. අපි ඇත්තටම ඒ හැමදේම ප්ලෑන් කරා”

Shyamali Wijegunawardena මහත්මිය ඒ අතීතය හෙමින් හෙමින් අපි ඉදිරියේ දිගහරින්නේ සන්තෝසයෙන් වගේම පොඩි ආඩම්බරයක් එක්ක. ජීවිතේ මුල කාලය Shyamali ඇතුලු ඇගේ පවුලේ අයට පහසු වෙන්නෙ නෑ. අද මෙවන් තැනක හිටියත් ඒ පළමු පියවර දෙක තුන ඉතාම අසීරු වුන බව Shyamali මහත්මිය කියනවා. සැමියාගේ ගෙදර ඉඳලා කොළඹ – මහරගම කුලී නිවසක පදිංචියට එන විටත් ගෙදර සියලුම වියදම් දරන්නෙ Shyamali ගෙ සැමියාගෙ පලමු වැටුපෙන්. ඒ වෙද්දි කොළඹ පාසලක ගුරුවරියක විදියට සේවය කරන Shyamali  මහත්මියගෙ අක්කා තමයි අද පවතින Spring and Summer ආයතනයට මූලික වුන පළමු පියවර තබන්න Shyamali මහත්මියට උපකාර කරන්නෙ.

“නංගි ඔයා කොච්චර දක්ශද? ඔයාට හොඳට මහන්න පුලුවන් නෙ. නිකන් ඉන්න එපා අපරාදෙනෙ කියලා අක්කා තමයි මාව සලුසලට එක්කරගෙන ගියේ. මම එච්චර කැමැත්තෙනුත් නෙවෙයි ගියේ. ඒ දවස්වල සලුසල ඇඳුම් මහන ඕඩර්ස් දෙනව එළියට. එදාවත් මම හිතුවෙ නෑ මම කවදහරි මෙහෙම තැනකට එයි කියලා. මට එදා උවමනා උනේ මගෙ සැමියට ආර්ථිකව උදව් කරන්න වගේම මගෙ දරුවන්ට සැපවත් ජීවිතයක් දෙන්න.

ඒ කාලෙ හරිම දුශ්කරයි. වාහනයක් තිබුනෙ නෑ. රෙදි බෑග් උස්සගෙන යන්න ඕන. මගෙ අම්මගෙ මැශින් එකෙන් තමයි මම මහන්න පටන් ගත්තෙ. මම තාමත් ඒක බොහොම ආදරයෙන් තියාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ බොහොම අමාරුවෙන් තමයි මම මේ ගමන ආවෙ. සුලුවෙන් කරගත්ත ගමනක් තමයි මෙහෙම ඉස්සරහට ආවෙ. අපේ කියලා දෙයක් කරගන්න ඕන කියල හිතල තමයි බොරැල්ලෙ වර්ග අඩි 300ක විතර ඉඩක 1995 Spring and Summer කියන නමෙන් ව්‍යාපාරය පටන් ගත්තෙ”

1995 සිට 2025 දක්වා මේ වගේ සුන්දර ගමනක් එන්න Shyamali මහත්මිය වගේම ඇගේ පවුලේ සියලුම දෙනා එයට යටකල මහන්සිය ගැන කියන්න මා දන්න වචන ප්‍රමාණවත් නෑ. අපි ගොඩක් වෙලාවට හිතනවා “අනේ මට මේ දේ තිබුනා නම් හොඳයි. මටත් එයාට වගේ සැප ජීවිතයක් ලැබුණා නම් හොඳයි” කියලා. ඒත් ඒ හැම සිතුවිල්ලක් බලාපොරොත්තුවක් පිටිපස්සෙම මහන්සියක්, කැපවීමක් තිබෙන්න ඕන බව අපි ගොඩක් අය අමතක කරනවා. ඕනම් දෙයක් ලබාගන්න, ජීවිතේ උසස් තැනකට යන්න නම් අපිට විශාල කැපකිරීම් කරන්න වෙනව, මහන්සි වෙන්න වෙනවා.

Shyamali Wijegunawardena මහත්මිය තමන් වසර තිහක් පුරා ගොඩ නැගු අභිමානනීය ව්‍යාපාරයක් උදාහරණ විදියට පෙන්වමින් අපිට කියලා දෙන්නෙ අන්න ඒ කතාව.

“අනික අපේ දරුවො ඉගෙන ගනිද්දි, එයාලා ආශ්‍රය කරන පවුල්වල දරුවන් ඉදිරියෙ අපෙ දරුවන්ට අඩුවක් පාඩුවක් නොවෙන විදියට ජීවත්වෙන එක, ව්‍යාපාරය කරගෙන යන එක, ගෙදර Balance කරන එක වගේ ගොඩක් දේවල් කරන්න තිබුණා.අපි රෙදි උස්සන් යනව දැක්කම අපෙ දරුවන්ට ලැජ්ජ වෙයිද කියලා හිතුන තැන් තියෙනවා. වතාවක් එහෙම වුන සිදුවුමක් මම මතක් කරන්නම්. මමයි මගේ සැමියයි ලිබර්ටි ප්ලාසා එකට දාන්න රෙදි බෑග් උස්සගෙන යද්දි අපි දැක්කා අපෙ පුතාගෙ පංතියෙ දරුවෙක්ගෙ දෙමව්පියන් දෙන්නෙක් ඉස්සරහට එනව. අපිව මේ විදියට දකින එක අපෙ දරුවට ලැජ්ජාවක් වෙයිද කියන ප්‍රශ්නෙ අපිට තිබුනා. අපි දෙන්නා රෙදි බෑග් එක්කම ලිබර්ටි ප්ලාසා එකේ ලොකු කණුවක් පිටිපස්සෙ හැංගුනා මට මතකයි” කියමින් Shyamali Wijegunawardena මහත්මිය අද ඒ අතීතය සිනාවෙමින් මතක් කළත් එදා දරුවන් වෙනුවෙන් තමන් කල කැපවීම් කොපමණද කියන එකත්, මෙතරම් දුර එන්න තමන් කල කැපවීම් කොපමණද කියන එකත්, ඒවා දුශ්කර බවත් අමුතුවෙන් කිව යුතු නැහැ.

ඒ වගේම දැන් කොපමණ වයසක හිටියත් Shyamali Wijegunawardena මහත්මිය අදටත් ව්‍යායාම කරන, සුන්දරව අඳින පලඳින ගැහැණියක්. වයසට යද්දි, තමන් කුමන තාරාතිරමක උන්නත් ලස්සනට ඉන්න, හැඩට අඳින්න පලඳින්න උවමනයි කියන එකට Shyamali Wijegunawardena හොඳම හොඳ සාක්ෂියක්. ගොඩක් වෙලාවට අපේ කාන්තාවන් හිතනවා “වයසට ගියාට පස්සෙ මොන Fashion ද, Fashion කරන්නෙ කෙල්ලො” කියලා. ඒත් ලංකාව පුරාම නමක් රැන්දූ Fashion Brand එකක හිමිකාරිනියක් වෙලත් Shyamali Wjegunawardena මහත්මිය අදටත් ඉතාම සුන්දර අඳින පලඳින, ඉතාම ලස්සනට ජීවත්වෙන්න ආස කරන කාන්තාවක්.

ඉතින්.

සමහරවිට මේ ලිපිය කියවන හෝ Vileshka Ranchagoda Wijegunawardena මහත්මිය විTalks Podcast එක ඔස්සේ අරගෙන එන මේ වසර තිහකට එහා Spring and Summer අතීතයට සවන් දෙන ඔබත් ජිවීතේ අමාරු අඩියක ඉන්නවා වෙන්න පුලුවන්.

ජීවිතේ සැපවත් කරගන්න, දරුවන්ට සැපවත් ජීවිතයක් ලබාදෙන්න අරමුණු කරගෙන මහන්සිවෙන අම්මා කෙනෙක්, කාන්තාවක් වෙන්න පුලුවන්.

Shyamali Wijegunawardena මහත්මිය ගොඩ නැගූ Spring and Summer කියන්නෙ එයාකාරම ගමනක් යන ඔබව තව තවත් ආත්ම ශක්තියෙන් සන්නද්ධ කරන්න හේතුවෙන අන්දමේ පසුබිම් කතාවක් තිබෙන විජයග්‍රාහී වර්තමාන සළකුණක්.

මේ ගමන දුරයි, දුශ්කරයි.

ඒත් ඔබ දරන මහන්සිය, ඔබ හෙලන හැම දහදිය බිඳුවක්ම, කඳුළු බිඳුවක්ම ඒ දුශ්කර, දිගු ගමනේ ඔබේ දෙපයට දැනෙන අපහසුතා මැඩලන්න හේතුවන් වනු නොඅනුමානයි.

ඒ දුක්ශකර, දිගු ගමන අවසානයේ ඔබ බලාපොරොත්තු වූ සුන්දර අනාගතය ඔබ එනතුරු දැත විදා බලා හිඳිනවා අපිට විශ්වාසයි!

(යූ ටියුබ් වීඩියෝවක් ඇසුරෙන් සකස් කරන ලද ලිපියකි.)

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles