පිළිකා රෝග තත්ත්වය කියන්නෙ තවදුරටත් අපිට අමුතුයි කියලා හිතෙන මාතෘකාවක් නෙවෙයි. අද වෙද්දි සමාජ ජාල වෙබ් අඩවි වගේම සන්නිවේදන මාධ්‍යයන් වල දියුණුව නිසා මේ වගේ රෝගී තත්ත්වයන් ගැන කතා බස් කිරීම් නිතරම පාහේ සිදුවෙනවා.
හැබැයි කොච්චර කතා කරත් පිළිකාවක් කියන්නෙ හිතට සැනසුමක් ගෙනත් දෙන මාතෘකාවක් නෙවෙයි. තමන්ට හෝ තමන් ආදරය කරන, දන්න අඳුරන කෙනෙකුට පිළිකා රෝගී තත්ත්වයක් තියෙනවා කියලා දැනගන්න එක හිත හරියට රිද්දන්න හේතුවෙන කාරණාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
පිළිකා කියන්නේ මිනිස් ජීවිතයට ලොකුම අභියෝගයක් උණු රෝගයක්. හැමෝම දන්නවා මේක හේතුවෙන් බොහෝ අයගේ ජීවිත අහිමිවෙනවා කියලා. මිනිස් ශරීරයේ සෛල හදිසියේම අනුපිළිවෙලක් නැතුව වර්ධනය වෙන එකයි පිළිකා කියන්නේ. පිළිකා සෛල වර්ධනය වෙන එක අවම කරන්න පුළුවන් සරල, සෞඛ්‍යදායක ක්රමයන් ගොඩක් තියෙනවා. එකක් තමයි ඖෂධීය පාන.
ඉතින් මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ පහසුවෙන් සකසාගන්න පුලුවන් ඖෂධීය පානයන් කිහිපයක් ගැන විස්තර ඔයාලා වෙත අරගෙන එන්න.
මණ්ඩ
මණ්ඩ කියලා කියන්නෙ සහල් කොටස් එකකට වතුර කොටස් දාහතරක් දාලා තාම්බල අරගන්න පානයක්. මදගින්නෙ තමයි අපි මේක තම්බගන්නෙ. ඒ තම්බපු වතුර ටික පෙරලා අරගන්න පානයට තමයි අපි මණ්ඩ කියලා හඳුන්වන්නෙ.
මේකට එකතු කරන්න හැකියාව තියෙනව තම්බද්දි ඉඟුරු කුඩු, ගම්මිරිස් කුඩු, තිප්පිලි කුඩු, පෙරුම්කායම් කුඩු වගේ රෝගියගේ අග්නි බලය වර්ධනය කරන්න.
ලාචා මණ්ඩ
හාල් වලින් අපි සකසගන්න තව ආහාරයක් තමයි පොරි කියලා කියන්නෙ.ඒකට සංස්කෘත බාශාවෙන් කියන්නෙ ලාචා කියලා. එතකොට මේ පානය අපිට හඳුන්වන්න පුලුවන් ලාචා මණ්ඩ කියලා.
මේක අද ප්‍රසිද්ධ උනේ නැතත් අපේ ලාංකේය ඉතිහාසයේ මේව ප්‍රසිද්ධයි. හැබැයි අද වෙනකොට ඉන්දියාව සහ වෙනත් බටහිර රටවල් මේ වගේ දේවල් තවමත් යොදාගන්නවා. ඒ වගේම එයාලා ඒ දේවල් පර්යේෂණාත්මකව ඔප්පු කරලත් තියෙනවා.
මෙතන තියෙන්නෙ වී පොරි කොටස් එකකට වතුර කොටස් දාහතරක් දාලා හොඳින් තම්බලා පෙරාගත්ත වතුර කොටස් ටික. මේ පානයේ ශරීරයේ තියෙන විෂ කොටස් බැහැර කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ වගේ ආහාර වලින් බඩගින්න වගේම ආහාර ජීර්ණය කිරීමේ හැකියාවත් වර්ධනය කරනවා.
පේයාව
පේයාව කියන එක අපිට අමුතු වචනයක් නෙවෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙ ප්‍රතිකාර ක්‍රම අතර මේ පේයාව කියන තැනට ඉහල තැනක් හම්බෙනවා. ඉඟුරු කොත්තමල්ලි භාවිතා කරල හදන පේයාවන් තියෙනවා. මේ විශේෂ පේයාව හදන්නෙ සහල් කොටස් එකකට වතුර කොටස් දාහතරක් දාලා සහල් තැම්බෙන තුරු තම්බාගන්නවා. ලාචා මණ්ඩ වලට වඩා මේ පේයාවෙ තියෙන විශේෂත්වය වන්නෙ සහල් කොටස් එකට අර තම්බාගත් වතුර කොටස් එකකුත් එකතු කරගන්නවා.
රෝගියෙකුට දෙද්දි අපි මුලින්ම දෙන්නෙ ලාචා මණ්ඩ. රෝගියගෙ ආහාර ජීර්ණය කරගැනීමේ හැකියාව වැඩිවෙන කොට තමයි අපි පේයාව රෝගියාට ලබා දෙන්නෙ. සාන්ද්‍රතාවය වැඩි සහල් ප්‍රමාණය වැඩි ආහාරයක් විදියට තමයි අපි මේ පේයාව එක රෝගියාට ලබා දෙන්නෙ.
මුං ඇට තැම්බූ වතුර හෙවත් යූෂ
මුං ඇට හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් තම්බල ඒ ධාන්‍ය වර්ගයේ පොඩි ප්‍රමාණෙකට වතුර වැඩි ප්‍රමාණයක් එකතු කරලා තමයි අපි මේ පානය හදන්නෙ.
මාංශ රස
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ රෝගින්ට ප්‍රත්‍ය මස් වර්ග අටක් ගැන කතාකරනවා. ඒවගේම ඒවයි සංස්කරන විධි වෙන වෙනම කතාකරනවා. මේ මාංශ රස කියන්නෙ මස් තම්බාගත් වතුර. මෙහි මස් යම් ප්‍රමාණයක් තියෙනවා.ඒක තම්බද්දි මස් කොටස් එකකට වතුර කොටස් හතරක් එකතු කරලා තමයි හදන්නෙ.
මේ පානයට අපිට කහ කුඩු, ගම්මිරිස් කුඩු වගේ දේවල් එකතු කරන්න පුලුවන්. ඒවා ඉතාම ප්රත්යක්ශයි පිළිකා රෝගීන්ට.
මේ පානය තුල ප්‍රෝටීන් අන්තර්ගත වෙනව. රෝගියගේ අග්නි බලය වර්ධනය වෙද්දි ටිකෙන් ටික ඔහුගේ ශරීර බලය වර්ධනය වෙලා, රෝගියාගේ සිරුරේ තියෙන පිළිකා සෛල වර්ධනය අවම කරගන්නා ප්රත්යක්ශ වෙනවා.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී ආහාර උපවාසයක් එහෙම නැත්තම් Fasting කියලා කියන්නෙ ආහාර නොගෙන ඉන්න එක නෙවෙයි. යම් තාක් දුරකට ආහාර පාලනයක් කරාට රෝගියාට ජීර්ණය කරන්න පහසු ලඝු ආහාර ලබා දෙන එක තමයි මෙතනදි වෙන්නෙ.
පිළිකා රෝගීන්ට මේ ආහාර උපවාසය වැදගත් වෙන විශේෂ හේතුවක් තියෙනවා. පිළිකා රෝගය කියන්නෙ ශරීරයේ සෛල අසාමාන්‍ය ලෙස වර්ධන වෙන තත්ත්වයක්. මේ පිළිකා සෛල වේගයෙන් ගුණනය වෙනවා ශරීරයේ ලේ වල සීනි ප්‍රමාණය වැඩි නම්. එතකොට අපි කරන්න ඕන දේ තමයි ශරීරයට සීනි ප්‍රමාණය දෙන එක අවම කරලා සාමාන්‍ය සෛල වලට ඒ ශක්තිය ලබා දෙන එක. එතකොට පිළිකා සෛල වේගයෙන් මියයනවා.
ශරීරයේ තියෙනවා භක්ෂ සෛලකතාව කියල යන්ත්‍රණයක්. ඒ යාන්ත්‍රණය ඔස්සේ ශරීරයෙන් පිළීකා සෛල ඉවත් කෙරෙනවා.ඒ නිසා පිළිකාව තවදුරටත් පැතිරීම වැලැක්වීමටත් පිළිකා සෛල ගුණනය වෙන එක අවම කිරීමටත් මේ ආයුර්වේදයේ සඳහන් වෙන ලංගණ චිකිත්සා පද්ධතිය ඉතාම ප්‍රත්‍යක්ෂයි.
මේකට හොඳම දේ තමයි ශරීරයට සැහැල්ලු ආහාර අරගන්න එක. සැහැල්ලු ආහාර අතර අග්රස්තානයේම තියෙන ආහාර සංස්කරණ විධි කිහිපයක් ආයුර්වේද වෛද්‍ය ක්රමයේ සඳහන් වෙනවා. මේ බොහොමයක් ආහාර සංස්කරණ විධි වල ප්‍රධාන අමුද්‍රව්‍යයක් තමයි සහල් කියන්නෙ.එහෙම නැත්තම් ධාන්‍ය වර්ග.
ඒ වගේම ගෙදර පිළිකා රෝගියෙක් ඉන්නවා නම් ඔබ අනිවාර්යෙන්ම කල යුතු දේ තමයි ග්ලූකෝස් ප්‍රමාණය වැඩි ආහාර නොදී ඉන්න එක ඒ රෝගියාගේ පිළිකා රෝගය අඩාල කරා, පිළිකා සෛල වර්ධනය අඩාල කරන්න හේතුවක් වෙනවා.
මූලාශ්‍ර: https://www.facebook.com/watch/?mibextid=wwXIfr&v=586070977302903&rdid=ZDyc19QhucXlamfD